හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනක වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැමැත්ත පළ කළේය. ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ කියා සිටියේ දුමින්ද සිල්වා නඩුව අවසන් කර ගැනීමට වරද පිළිගන්නා බවයි. ඒ අනූව නඩුව අප්‍රේල් 18 දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා ඡන්දෙටවත් නාමයෝජනා ලැබෙයි කියලා හිතිලද? අපි බලමුකෝ. (නි)
දුමින්ද මහත්තයා වැරදි කරන්නෙම නැති කෙනෙක් කියලා රටම දන්නවා. එහෙවු එකේ "වරද පිළිගන්නවා" කියන එක අපට නම් අදහාගන්නත් බැහැ. (නි)
දුමින්ද සිල්වා කියන්නේ පැරදුන රජයේ සිටි උගත් බෞද්ධ විනීත මහතෙක් , නමුත් ඔහුට අමතක වීමේ රෝගයක් තිබුන නිසා , වත්කම් හෙළි කරනට අමතක වන්නට ඇති , ඔහු ගැන අනුකම්පාවෙන් සලකා බලා උසාවියෙන් අවම දඬුවක් කරන්න , ඒ කියන්නේ අවුරුදු 10 කට 20 කට සිරේ දමා මුදල් අයකර ගන්න (බ)
දුමින්ද සිල්වා අවංක, රටට හිතැති තරුණ දේශපාලකයෙක්. (නි)
ඒකනේ නන්ද, රන් කඳක් වගේ ඉන්න මෙතුමා ඇයි දෙවියනේ වරද පිළිගෙන කිරි කළයට ගොම බින්දුවක් දාගත්තේ? කමක් නැහැ, එක්කෝ මේවා පොඩි ඒවානේ. (නි)
අනේ ඉතින් නොදන්නා කම නිසා, නොදැනුවත් කම නිසා වෙච්ච අත්වැරැද්දක්. ඕකට දඩුවම් කරන්න එපා (ම)
දුමින්ද මහතය කුඩු පිලිබඳ වරදක් පිළිගෙන නෑනේ (බ)
ඔය වගේ අනෙත් වැරදිත් පිලිගත්තනම් ඉවරි නේ (කෞ)
එතුමා ගත්තේ නුවණක්කාර තීරණයක්. අපි එය අගය කරනවා. (නි)
දුමින්ද සිල්වා කියන්නේ මැරයෙක් (බ)
මතක නැති වෙන්න ඇති (බ)
තමන් වරදක් කර ඇත්නම් එය පිළිගැනීම උතුම් ගතියක්. ඔබ කරන දේ අපි අගය කරනවා. (නි)
එතකොට ඇයි අරගොල්ලෝ වරද පිළිගන්නේ නැත්තේ (බ)
තමන්නේ දන්නේ මුදල් රැස්කරපු විදිය කටක් ඇරලා කොහොමද කියන්නේ.? (ර)
මෙයාට වත්කම් අමතක වුනේ නැත්තේ මොකද දන්නේ නෑ? (බ)
ඔය මහා සයුරෙන් දිය බින්දුවක් පමණයි. ඒකවත් පිළිගන්න වෙන තරමට රට වෙනස් වුනා ඇති.(හේ)
ඔලුවේ ඔපරේෂන් එක කොහොමද දන්නේ නැහැ. (අ)
වත්මන් යහපාලනයට ජයවේවා ! (අ)