වෙඩි ප්‍රහාරයෙන් ලක්වු තුවාල වලට ප්‍රතිකාර ගැනිම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හයවැනි වරටත් සිංගප්පුරුවට යෑමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් අද (28) ඉල්ලා සිටියේය.
සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ විශේෂඥ වෛද්‍ය කීත් හෝ මහතාගේ ලිපියක් ද ඉදිරිපත් කරමින් අනිල් සිල්වා මහතා මෙම ඉල්ලීම කළේය.
නඩුවට පාදක වු සිද්ධියේ හිසට ඇති වු බරපතල තුවාල හේතුවෙන් ඔහු ශල්‍ය කර්මයට ලක් කරන ලද්දේ එම රෝහලේ විශේඥ වෛද්‍ය කීත් හෝ බව අධිකරණයට දැනුම් දුන් අනිල් සිල්වා මහතා තම සේවා දායකයාට සිදු කළ ශල්‍ය කර්මය බරපතල තත්ත්වය අනුව ඔහු මාස 6 කට වරක් පරික්ෂා කොට ප්‍රතිකාර ලබාගත යුතු බව කීවේය.
නොවැම්බර් මස 10 වැනි දා සිට සති දෙකහමාරක් ප්‍රතිකාර ගැනිමට අවසර ඉල්ලු නිතිඥ අනිල් සිල්වා මහතා ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරිම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි ද ප්‍රකාශ කළේය.
ඒම ඉල්ලිම සළකා බැලු භාරත ලක්ෂ්මන් නඩුව විභාග කරන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක ගුණතිලක මහත්මිය සහ ඒම්.බී. සි.ඒස්. මොරායස් යන විනිසුරුවන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ල ඒම ඉල්ලීම පිළිබඳ නියෝගය මෙම නඩුව යළි කැදවන ලබන මස 02 වැනි දා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්හ.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුමින්ද බෙහෙත් ගන්න අවසර ඉල්ලයි: තීන්දුව නොවැම්බර් 2
අජන්ත Wednesday, 28 October 2015 08:05 PM
දැන් ලංකාවේ රෝහල් හොඳ නැද්ද? (නි)
හර්ෂ Thursday, 29 October 2015 07:32 AM
තීන්දුව දෙස අපි බලා ඉන්නවා (නි)
පිටබැද්දර ජයා Wednesday, 28 October 2015 10:00 PM
අනේ මන්දා! සමහරුන්ගේ අදහස් බැලුවහම පුදුමත් හිතෙනවා මේ මිනිසුන්ගේ අදහස්ද කියලා. පුදුම වෙන්නත් දෙයක් නැහැ එක අතකට. නීතියෙන් කළයුතු දේ නීතියෙන් කරාවි. මොකටද නිකන් වෛරී අදහස් දාලා හිත් අපිරිසිදු කරගන්නේ? (නි)
සමන්මලී Wednesday, 28 October 2015 10:49 PM
ප්‍රතිකාර ගන්න සිංගප්පූරුවටම යන්න ඕනෑද? (නි)
ලංකාසිරි Wednesday, 28 October 2015 11:41 PM
මේ අය මොළෙන් වැඩගන්න හොඳට දන්නවා. අපි තමයි මොළේ තලාගෙන මේගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ. (නි)
විජිත් Wednesday, 28 October 2015 12:56 PM
ඉස්සර ඒ දවස්වල මෙයාට මොකුත්ම මතක නැහැ කිවුවා. හැබැයි බෙහෙත් ගන්න සිංගප්පුරුවට යන්න නම් මතක තිබෙනවා. අනේ මන්දා! මේක හීනයක් නොවෙයිනේ. මම ඉන්නේ ශ්‍රී ලංකාවෙනෙ ඉතින්... (නි)
සරණපාල Wednesday, 28 October 2015 01:17 PM
හිසේ අමාරුවක් තියෙන වග නම් පෙනෙන්න නැහැ . යක්කු වගේ මිනිස්සු වට කරගෙන තිරයට එන කොට. (බ)
ඉසුරන්දි Wednesday, 28 October 2015 01:23 PM
අපිව තමයි ගොනාට අන්දලා තියෙන්නේ මෙච්චර කාලයක්. (බ)
නන්ද Thursday, 29 October 2015 03:11 AM
මෙතුමාට අමතකවෙන හැටියට සිංගප්පුරු ගියාට පස්සේ මොකටද මේ ආවේ කියලත් අමතකවේවිද දන්නේ නැහැ. (නි)
විජිත Wednesday, 28 October 2015 01:59 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 03:14 AM
අසනීපයකට ප්‍රතිකාර ගැනීම මානුෂික කරුණක්. මෛත්‍රී සහගත සිතින් ඔබට නිරෝගී සුවය පතමි. (ම)
දුමින්ද Wednesday, 28 October 2015 02:13 PM
ප්‍රතිකාර ගැනීම මානව හිමිකමක්නේ (නි)
යසස් Wednesday, 28 October 2015 02:33 PM
තීන්දුව දෙස අපි බලා ඉන්නවා (නි)
පද්මිණි Wednesday, 28 October 2015 03:13 PM
මේ වතාවේ නම් යන්නේ හරියටම මොලේ තිබුණු තැන සොයන්නලු . ඔලුවේ තිබිල නැහැ (බ)
රංජිත් Thursday, 29 October 2015 05:33 AM
මොහුට ඇත්ත වශයෙන්ම අසනීපද කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැදවිය යුතුය. (ර)
ව්සන්ජය Wednesday, 28 October 2015 03:35 PM
ආපසු එනවිට ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙන ද්‍රව්‍ය රැගෙන එන්න අමතක කරන්න එපා......(රේ)
යහම්පත් Wednesday, 28 October 2015 06:34 PM
අපි එක එක්කෙනා ගැන තීරණ ගන්න නරකයි. තවමත් මේක උසාවියෙන් ඔප්පුවෙලා නැහැනේ (නි)
ලිවේරා Wednesday, 28 October 2015 06:43 PM
බෙහෙත් ගන්නනේ යන්න අහන්නේ. ඔන්න ඔහේ යන්න දෙමු (නි)
ගයන්ත Wednesday, 28 October 2015 06:40 PM
තවම සනීප නැද්ද? (නි)
ප්‍රභාත් කුලතුංග Thursday, 29 October 2015 07:06 AM
මේ ගැනත් සොයා බැලිය යුතුයි. (ර)