වෙඩි ප්‍රහාරයෙන් ලක්වු තුවාල වලට ප්‍රතිකාර ගැනිම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හයවැනි වරටත් සිංගප්පුරුවට යෑමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් අද (28) ඉල්ලා සිටියේය.
සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ විශේෂඥ වෛද්‍ය කීත් හෝ මහතාගේ ලිපියක් ද ඉදිරිපත් කරමින් අනිල් සිල්වා මහතා මෙම ඉල්ලීම කළේය.
නඩුවට පාදක වු සිද්ධියේ හිසට ඇති වු බරපතල තුවාල හේතුවෙන් ඔහු ශල්‍ය කර්මයට ලක් කරන ලද්දේ එම රෝහලේ විශේඥ වෛද්‍ය කීත් හෝ බව අධිකරණයට දැනුම් දුන් අනිල් සිල්වා මහතා තම සේවා දායකයාට සිදු කළ ශල්‍ය කර්මය බරපතල තත්ත්වය අනුව ඔහු මාස 6 කට වරක් පරික්ෂා කොට ප්‍රතිකාර ලබාගත යුතු බව කීවේය.
නොවැම්බර් මස 10 වැනි දා සිට සති දෙකහමාරක් ප්‍රතිකාර ගැනිමට අවසර ඉල්ලු නිතිඥ අනිල් සිල්වා මහතා ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරිම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි ද ප්‍රකාශ කළේය.
ඒම ඉල්ලිම සළකා බැලු භාරත ලක්ෂ්මන් නඩුව විභාග කරන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක ගුණතිලක මහත්මිය සහ ඒම්.බී. සි.ඒස්. මොරායස් යන විනිසුරුවන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ල ඒම ඉල්ලීම පිළිබඳ නියෝගය මෙම නඩුව යළි කැදවන ලබන මස 02 වැනි දා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ රෝහල් හොඳ නැද්ද? (නි)
තීන්දුව දෙස අපි බලා ඉන්නවා (නි)
අනේ මන්දා! සමහරුන්ගේ අදහස් බැලුවහම පුදුමත් හිතෙනවා මේ මිනිසුන්ගේ අදහස්ද කියලා. පුදුම වෙන්නත් දෙයක් නැහැ එක අතකට. නීතියෙන් කළයුතු දේ නීතියෙන් කරාවි. මොකටද නිකන් වෛරී අදහස් දාලා හිත් අපිරිසිදු කරගන්නේ? (නි)
ප්‍රතිකාර ගන්න සිංගප්පූරුවටම යන්න ඕනෑද? (නි)
මේ අය මොළෙන් වැඩගන්න හොඳට දන්නවා. අපි තමයි මොළේ තලාගෙන මේගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ. (නි)
ඉස්සර ඒ දවස්වල මෙයාට මොකුත්ම මතක නැහැ කිවුවා. හැබැයි බෙහෙත් ගන්න සිංගප්පුරුවට යන්න නම් මතක තිබෙනවා. අනේ මන්දා! මේක හීනයක් නොවෙයිනේ. මම ඉන්නේ ශ්‍රී ලංකාවෙනෙ ඉතින්... (නි)
හිසේ අමාරුවක් තියෙන වග නම් පෙනෙන්න නැහැ . යක්කු වගේ මිනිස්සු වට කරගෙන තිරයට එන කොට. (බ)
අපිව තමයි ගොනාට අන්දලා තියෙන්නේ මෙච්චර කාලයක්. (බ)
මෙතුමාට අමතකවෙන හැටියට සිංගප්පුරු ගියාට පස්සේ මොකටද මේ ආවේ කියලත් අමතකවේවිද දන්නේ නැහැ. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අසනීපයකට ප්‍රතිකාර ගැනීම මානුෂික කරුණක්. මෛත්‍රී සහගත සිතින් ඔබට නිරෝගී සුවය පතමි. (ම)
ප්‍රතිකාර ගැනීම මානව හිමිකමක්නේ (නි)
තීන්දුව දෙස අපි බලා ඉන්නවා (නි)
මේ වතාවේ නම් යන්නේ හරියටම මොලේ තිබුණු තැන සොයන්නලු . ඔලුවේ තිබිල නැහැ (බ)
මොහුට ඇත්ත වශයෙන්ම අසනීපද කියලා අධිකරණ වෛද්‍ය වාර්තාවක් කැදවිය යුතුය. (ර)
ආපසු එනවිට ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙන ද්‍රව්‍ය රැගෙන එන්න අමතක කරන්න එපා......(රේ)
අපි එක එක්කෙනා ගැන තීරණ ගන්න නරකයි. තවමත් මේක උසාවියෙන් ඔප්පුවෙලා නැහැනේ (නි)
බෙහෙත් ගන්නනේ යන්න අහන්නේ. ඔන්න ඔහේ යන්න දෙමු (නි)
තවම සනීප නැද්ද? (නි)
මේ ගැනත් සොයා බැලිය යුතුයි. (ර)