හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව පවතින වත්කම් බැරකම් හෙළි නොකළැයි කියන නඩු තුනකට අදාළව ඔහුගේ රෝගී තත්වය සම්බන්ධයෙන් අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ බන්ධනාගරයෙන් ඉදිරිපත් කළ වාර්තාව කැඳවිණි.
නඩුව කැඳවු අවස්ථාවේ දී සැකකරු වන දුමින්ද සිල්වා මහතා කොළඹ ජාතික රෝහලේ මොළයේ ස්නායු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා වාර්තාවක් වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (26) නියෝග කළාය.
නඩුව පෙබරවාරි 13 වැනි දා යළි කැඳවිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගෙ කෝටියේ කකුල වගේ වෙයිද දන්නේ නැහැ (නි)
මොනවා කිව්වත් කළත් දුමින්දට ඉහළින් උසාවියත් නීතියත් යන්නේ නැහැ කියලා රටම දන්නවා. මේවා ජනතාව මුලා කිරීමට පමණයි. සල්ලි වලට අද සියළු දේ යටයි (නි)
මෙයත් හරියට අර හිරේ වැටුන ගමන් ලෙඩවෙලා ගිලන් රථයෙන් යන කෙනෙක් ඉන්නේ. අන්න එයා වගේ. (නි)
ඔන්න එතකොට මෙයාගෙ ඔළුවට වැදිච්ච වෙඩිපාරෙන් හිල්වෙච්ච තැන් ඔක්කොම බලාගන්න පුලූවන් වෙයි. නියම නියෝගය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය දීලා තියෙන්නෙ. මාධ්‍යවේදීන්ටත් සුපිරි වැඩ ටිකක් කරන්න අවස්ථාවක් තමයි උදාවෙන්නෙ. (නි)
ඔන්න දැන් එළිවෙයි හැමදේම (නි)
මොළයක් නම් මන්දා, ශරීරයේ නම් විවිධාකාර තදබල අමාරුකම් තිබුණා. (නි)
අනේ මන්දා මේකේ සීමාවක් නැති හැටි? (නි)
මේ සේරම වුණේ තවත් හිත් සතුටුකරන්න ගිහින්නේ. අවසානයේ මෙයාම අසරණවෙලා. (නි)
නීතියත් හෑල්ලු කරන අයට විරුද්ධව එල්ලුම්ගහ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද? (නි)
උණ්ඩ දෙකක්ද කොහෙද ඔලුවෙ රැඳිලා තියෙනවා කිව්වා නේද? දැන් ඒවා අරන් දායිද එතකොට? අනේ දෙවියනේ! එහෙම කළොත් වටිනා කියන දෙයක් ඔලුවෙ ඉතුරු වෙන්නෙ නැහැනේ. (නි)
රටේම අනාගතේ තියෙන්නේ දැන් ඉතින් විශේෂඥ වෛද්‍යතුමාගේ අතේ තමයි. බොරු වාර්තාවක් අවොත් ඒ වෛද්‍ය වාර්තාව උපයෝගී කරගෙන ගොඩයන්න වුණත් පුළුවන්. සල්ලි වලට යටනොවන අවංක වෛද්‍යවරයෙක් ලැබුනොත් රටේම වාසනාව. (නි)
වැරදි කරනකොට කිසි ලෙඩක් නැහැ. හිරේ ගිය ගමන් තමයි ලෙඩ (නි)
අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
දැන්නම් ඇත්ත හෙළිවෙයි වගේ (නි)
වැඩක් නැහැ. ඕනෑම වාර්තාවක් වෙනස් වෙන්න පුලුවන් සාධකයක් තිබෙනවා (නි)
රොමේෂ්, මම දන්නා තරමට දැනට මහා රෝහලේ ඉන්න ස්නායු වෛද්‍යවරු සහ වරියන් නම කැත කරගත් අය නෙමෙයි. එහෙම නොවුණත් අර සුප්‍රකට අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා ඇනගත්ත අැනගැනිල්ලට කව්රුත් බොරු වාර්තා දෙන එකක් නැහැ මගෙ හිතේ (නි)
මොන වාර්තාව ගෙන්න කිව්වත් වැඩක් නැහැනේ මොළේ එ්ක ඇතුළේ නැත්නම්. (නි)
මේ ඉන්දීය සාගරයේ මුතු ඇටය තුළ ඕනෑතරම් වාර්තා වෙනස්වීමට ඉඩකඩ ඇති බව මැනවින් පෙනීගොස් ඇති අවස්ථා එමටයි. විදේශගතවීමට මඟපෑදුන අවස්ථාද එමටයි (නි)