පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉල්ලා සිටීම අවශ්‍ය නොවන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2012 පළාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාවේදී ඝාතනය කළැයි කියන නඩුවේ 11 වැනි සැකකරු දුමින්ද සිල්වාය.
ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ දුමින්ද සිල්වාට උසාවි පැමිණීමට හැකිදැයි සොයා බලන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළ බවයි.
ඔහුට උසාවි පැමිණීමට නොහැකි යැයි ඔහුගේ නීතීඥවරයා පැවසූ දිනට පසු දිනම ඔහුට ඇප ලැබී රූපවාහිනියෙන් ද කතා කළ බව ජයසූරිය මහතා යුක්තිය සැමට සාධාරණ විය යුතුයැයි ද කීවේය.
දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ ඔහු දැන් උසාවි පැමිණ ඇති හෙයින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෙවීමට විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කිරීම අනවශ්‍ය බවයි.
සිල්වා දැන් හොඳ සිහියෙන් සිටින බවත්, ප්‍රශ්නවලට උත්තර දිය හැකි බවත් කී නීතීඥවරයා එහෙයින් කලින් දුන් තීන්දුව තවදුරටත් වලංගු නොවන බවත් සඳහන් කළේය.
පළවැනි සැකකරු වන ඇමැති ආරක්ෂක නිලධාරියකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අංජුල ප්‍රේමරත්න මහතා කීවේ නඩු විභාගය පමා කිරීම සඳහා නොයෙකුත් දේශපාලන කතා කරන බවයි. නඩුව ඉක්මන් කරන ලෙස ඔහු කීවේය.
එකේ සිට දහය දක්වා සාක්ෂිකරුවනට සිතාමි නිකුත් කරන ලෙස සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඉල්ලා සිටියේය.
නඩු විභාගය ජූලි 22ට කල් තැබිණි.
තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් මැයි 22වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
දුමින්ද සිල්වා, ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරියත්, දියණිය හිරුණිකාත් අධිකරණයට පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ නම් තව ටිකදවකින් පාර්ලිමේන්තු යන්න (දී)
සාධාරන තීන්දුවක් ලැබේවා! (නි)
අනේ එයාව නිදහස් කරන්න ඉකමනට. (නි)
මාරු අනේ
ඉක්මනටම මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න (දී)
මේ ඉන්නේ අධිකරණය විසින් සැක කරුවෙක් කල අයෙක් බව අමතක කරන්න එපා (දී)
ඔන්න ඔහොම කාටත් තේරන විදියට, කෙලින් වැඩේ කරගෙන යමු කෝ (නි)
ඇයි බයද? (නදී)
ඕක බොරුවට දිගට ඇදගෙන යන එකේ තේරුමක් නැහැ, අපි දැන්මම දන්නවා තීන්දුව මොකක්ද කියලා. (නදී)
අපි පරිස්සම් වෙන එක විතරයි අපිට කරන්න පුළුවන් එකම දේ (දී)
කරුනා කර මේ විහිලු නවතා දුමින්ද සිල්වා වහාම පාර්ලිමේන්තු යවනු. අවුරුදු එකහමාරක් පඩි ගෙවන්නේ අහිංසක මහජනයාගේ මුදල්වලිනි.(නදී)
මතක තියා ගන්න නීතියට පිටින් ටයන්න මිනිස්සු උත්සාහ කරනවා , ඒවා හරියන්නේ නැහැ (දී)
කවදා වෙනකල් මේ නඩුව තියෙයිද (දී)
මිනි මරනවා කියන්නේ මහා අපරාධයක් ඒ නිසා ඇත්තටම සොයා බලන්න මොකද උනේ කියලා (දී)
ඇත්ත නැත්ත කරලා සාක්ෂි දාලා නීතියෙන් බේරුනත්, වරදක් කර ඇත්නම් හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ වගේම දිට්ට දම්ම වේදනීය කර්මයෙන් ගැලවෙන්නත් බැහැ. (නි)
සිංහයෝ කවදත් සැරිසරන්නේ තනිවම මිස පිරිස් පිරිවරාගෙන නෙමෙයි (නි)
විකාර... (දී)
මාර නීති ලංකාවේ තියෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
දුකයි රට ගැන. ඇයි මේයාට ලොක්කා බය. (නදී)
අනේ ඉක්මනට ඡන්දයක් තියන්නකෝ. එයාට ඡන්දෙ දෙනකන් මට ඉවසිල්ලක් නැහැ (නි)
පව් අහිංසක දුමින්දටමනේ කරදර කරන්නේ මිනිස්සුත් (නි)
එතකොට කලින් දුන් තීන්දුව අවලංගු කරලා තියෙන්නේ සිල්වා මහත්තයා වෙනුවෙන් පෙනී හිටින වර්ණකුල මහත්තයාද? හරියට තේරෙන්නේ නැති නිසයි ඇහුවේ . (නි)
දුමින්ද මහත්තයෝ. ඔබ අනිවාර්යෙන්ම දඩුවම් ලැබිය යුතුයි. ඉහලින් සදරණය ඉටු නොඋනට් කවදා හෝ ඔබ දඩුවම් ලබනවා. ඔබ පමණක් නොව ඉහලම සිටින අයටත් මෙය පොදුයි.(නදී)
කොහොමද මුල් සැකකරුවන් 10 දෙනාම කිව්වොත් අපි තමයි වෙඩි තිබ්බේ, 11වෙනි සැකකරුගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. (නි)
දැන් නම් ලංකාවට නිවාඩුවට යන්න තරම්වත් ආසාවක් නැහැ (නි)
අම්මපා මේ වටේට ඉන්න කට්ටිය? අර කෙලී විතරක් තනි වෙලා.මට දුකයි (නි)
එදා ටයි එකක් දාගෙන හිටපු සැර අන්කල් අද නැත්තෙ ඇයි? (නි)
හිරුනිකා නංගි, අපරාදකාරයෝ කව්ද කියලා රටේ නායකයා ඇතුලු ඔක්කොම දන්නවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොඩක් අය ඒ පැත්තේ.(නදී)
අම්මෝ! වටේ එන්න අයව දැක්කම බය හිතෙනවා....... (නි)
හිරුනි සෙනග නැතිව තනියම යන එක හොඳයි. මොකද නැත්නම් ලොකු ගාලගෝට්ටියක් වෙනවා (නි)
ආරක්ෂක නිලධාරින් දැක්කම බය හිතෙනවා නේද (දී)
මේක ඉතින් මෙහෙම මෙහෙම මෙහෙම ඇදගෙන ගිහිල්ලා නීතිපති හරි මොකක් හරි කතාවක් කියල නිදහස් වෙයි.(නදී)
මමනම් දුමින්ද මහත්තයා පැත්තේ, ඔය ගොල්ලෝ (දී)
දුමින්දට අදිකරණයෙන් බේරෙන්න පුළුවන් උනාට උඩ ඉන්න කෙනාගෙන් බේරෙන්න බැරිවෙයි.(නදී)
මමනම් මේ වෙලාවට ලඟට යන්න කැමති නැහැ (දී)
වැරැද්දක් කළොත් කාට වුණත් උසාවි ගානේ යන්න වෙනවා (නි)
අන්තිමට අපිට තමයි මොකුත් මතක නැත්තේ (දී)
අපි ාම් පාර කාටවත් ඡන්දය නොදී ඉමු (නි)
ඔයා බය නැතිව යන්න පාර්ලිමේන්තුවට. ඔයාට වඩා මොළේ නැති අය එහේ ඉන්නවා. (නි)
කෝ හිරුනිකා? (නි)
සෞඛ්‍ය තත්වය නම් බැලු බැල්මට හොදයි (නි)
මහින්ද මාමේ, ගෝඨාභය මාමේ නිකම් දුමින්ද මහත්තයව නඩු අහන්න කියලා රස්ස්තියදු නොකර මේක ඉක්මනින් අල්ලලා දාන්න.(නදී)
මිනීමරුවෝ නිදැල්ලේ රට ජාතිය වෙනුවෙන් කතා කරපු කට්ටිය හිර බත් කනවා මෙහමත් රටක්.(නදී)
මොකටද එයාට එච්චර ආරක්ෂකයෝ ගොඩක්? (නි)
අනේ මන්දා. හොඳා ඉතින්... (නි)
මේවා දැක්කම උසාවිය නොමග යැවීම පිලිබදව වෙනම නඩුවක් යන්න වෙනවා.(නදී)
දුමින්ද අදත් උසාවියේ? අනේ ඇයි එතුමා මෙහෙම රස්තියාදු කරවන්නේ? මට හිතා ගන්න බැහැ ඇයි අර 'උපදෙස් ' මෙච්චර පරක්කු කියලා. (නදී)
අර අපේ ලස්සන නිළියත් ආවද දන්නෙ නැහැ (නි)
නලු බටිටා අෙය්ත් අවිල්ලා ජනපුියම තිරනාටකය පුස් ෙවඩිල්ල.
අනේ මේ ලෙඩාට මොනවහරි වෙයි පරිස්සමින් එක්ක යන්න, කෝ අද කුඩේ අල්ලන්නේ නැද්ද? (ස)
සිල්වා මහත්තයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ආරක්ෂක අමාත්‍යාංශයේ අධික්ෂණ මන්ත්‍රීවරයක්, ඉතින් පොලිස් ආරක්ෂාව එයාගේ අයිතියක්.(ස)
2014 ජනපති මැතිවරණය ඉවර වෙනකල් නඩුව ඉවර කරන්න එපා සුවාමිනි.(නදී)
කොච්චර ඈගවල් හදාගෙන මෑරකම් කර කර උඩ පෑන්නත් සොබා දහමෙන් දෙන දඩුවම් වලින් බෙරෙනවා බොරු. පාපකර්ම පඩිසන් දෙනවාමයි. දුමින්ද මහත්තයා දෑක්කම පෙනෙන්නෙ වතුර රත්වෙනකම් හෑලියෙ නටන කකුලුවෙක් වගේ.(නදී) .
ගජිනි 2. (ස)
කොසොල් රජතුමා දැකපු හීන වලින් එකක් මේකත් (නි)
ඔන්න ලංකාවේ ආශ්චර්ය. ජය වේවා ලංකාවට! (නි)
අද ගැහැණියකට ආරක්ෂාව අවශ්‍ය නැහැ. පිරිමියාට තමයි ආරක්ෂාව අවශ්‍ය ලැජ්ජාවක් නැති මිනිස්සු.(නදී)
මුළු ශ්‍රී ලංකා වාසීන් සියලු දෙනාම මේ ගැන දුක්විය යුතුය. (නි)
හිරුනික, අසාධාරනයට විරුද්ධව නැගී සිටීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
අපිටත් පිස්සු හැදෙනවා තවත් මේවා දිගට බලාගෙන හිටියොත් (නි)
මේ අසනීප වෙච්ච මනුස්සයාට ඇවිදින්න කරන්න හොදද (දී)
මුළු රටම දන්නවා ඇත්ත මොකක්ද කියලා (නි)
අයියෝ සල්ලි (දී)
හිරුණිකා, අපිට හුගක් කණගාටුයි සහෝදරිය..... (නි)
මම නම් මොනවත් දන්නේ නැහැ. කාටවත් අපහාසයක් උනොත් උපහාසයට ලක්වෙනවානේ. (ස)
මේවට අදහස් දක්වල තේරුමක් නැහැ. (නි)
ඇයි මෙයාව මෙච්චර පුම්බන්නේ. සැම මිනීමැරුම් සැකකාරයෙක්ම මෙහෙම දිනපතා පත්තරවල මුල් පිටුවල පළවෙනවද. මෙහෙමත් රටක්!(නදී)
කට්ටිය මෙහෙම වට කරගෙන, බදාගෙන ඉදිද්දි අනේ අම්මපා විෂබීජ යන්නේ නැද්ද? මේ නොදන්නාකමටමයි ඇහුවේ. (නි)
ඊලග පාරත් වැඩිම මනාපයන් දිනුවා නම් හරි (නි)
චූදිතයො පොලිස් ආරක්ෂාව පිට එන ඇයුරුත් අගතියට පත්වූ අය අසරණ වී ඇති අයුරුත් දකින මහජනතාව නීතියට ගරු නොකිරීම පුදුමයක්ද? (නි)
රජකම් කලත්, කළකම් පලදේවි . ජාති හිතෛශියෙක්.(නදී)
මතකද දන්නේ නැහැ (දී)
මේවට ඔය පස්සෙන් එන පිරිස සල්ලි වලටද එහෙම නැත්නම් මුන්ට පිස්සුද? මොන නීතිඥයා කතා කලත් නඩුකාර උන්නාහන්සේ නිවැරදි තීන්දුවක් ඉදිරි පත් කරාවී.(නදී)
මැඩියන් බක බක ගානා, නිලමැසි මදුරුවො රජකරනා, සැමදා එක තැන පල්වෙන මඩ ගොහොරු වලේ, පිපෙනා සුදු නෙලුම් මලේ..., ඔබ කොහිදෝ යන්නේ... (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
මිනිස්සු පිරිසක් ඉන්නවා දුමින්දට කැමතිම නැහැ තවත් පිරිසක් ඉන්නවා පුදුම ආදරයක් (දී)
මහේස්ත්‍රාත්තුමා දන්නවානේ නවලෝකෙන් හොඳ රිපෝර්ට් එකක් දීලා තියෙන්නේ කියලා. ඉතින් තව විශේෂඥ වෛද්‍ය කමිටු මොකටද.? (නි)
ලස්සන නිලියෝ ගැන මතක් කරන්න එපා.(නදී)
මෙයාට මෙච්චර නිදහස දීලා තියෙන්නේ ඇයිද දන්නේ නැහැ. (නි)
මේ පින්තූරයට අනුව එයාට කිසිම ලෙඩක් නැහැ කියලා ඕනෑම කෙනෙකුට තේරනවානේ. (නි)
මේ රටේ බලය තියෙනවා නම් අධිකරණයත් යටයි. වැටත් නියරත් ගොයම් කා කතාව තමා කියන්න වෙන්නේ.(නදී)
නිකං හින්දි ෆිල්ම් ඒකක වගේනේ අපේ වීරයා එන්නේ කට්ටිය එක්ක. පොඩියට සිංදුවකුත් ආවනම් වැඩේ නියමයි.(නදී)
අපේ දුමින්ද මහත්තයාට ජයවේවා (දී)