IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙමෝදර පාලම බලන්න ආ යුවළ කොච්චියේ ගැටෙයි

(ප්‍රසාද් රුක්මල් ) 

ඇල්ල දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට පැමිණි තරුණ පෙම්යුවලක් අද (12) දහවල් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රග්‍රාමි දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා දෙමෝදර සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .

මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක යැයි පොලිසිය කීය .

මෙම තරුණ පෙම්යුවල අද (12);උදෑසන ඇල්ල දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට පැමිණි ඇති අතර , පසුව  මොවුන් දෙදෙනා ආරුක්කු නවය පාලම අසල දුම්රිය බිංගෙය ට නුදුරින් දුම්රිය මාර්ගයේ වාඩිවී පෙම්බස් දොඩවමින් සිටියදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රග්‍රාමි දුම්රිය පැමිණ ඇති අතර , ඒ සමගම මොවුන් දෙදෙනා දුම්රිය මාර්ගයෙන් ඉවතට යාමට උත්සහ දැරීමේදී දුම්රියේ ගැටි ඇතැයි පොලිසිය සදහන් කළේය .



අදහස් (2)

දෙමෝදර පාලම බලන්න ආ යුවළ කොච්චියේ ගැටෙයි

Perera Friday, 13 October 2023 06:46 AM

රේල් පාරේ වාඩිවෙලා ඉන්දැද්දී දුම්රියේ සද්දේ නාලා සද්දේ ඇහිලා නැත්තේ මුන් බීරිද .මුන්ගේ මොලේ කොලොප්පන්ද ?

:       0       3

sam Friday, 13 October 2023 11:23 AM

රේල් පාරේ ඉඳගෙන පෙම් කෙලින්න ගියාට හොඳ වැඩේ ගොබ්බ ජෝඩුවට .නූගත් කමට මක් කරන්නද

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site