ජලයේ සිට ඉහළට වතුර විදීමෙන් කුඩා කෘමීන් ගොදුරුකැර ගන්නා ලොව මසුන් අතර දකුණු ආසියා කලාපයේ දැකිය හැකි එකම මත්ස්‍ය විශේෂය ශ්‍රී ලංකාවේදී දිමිත්තා යනුවෙන් හැ
ඳින්වේ. ශ්‍රී ලංකාවේ කලපු ආශ්‍රිත කඩොලාන පරිසරයේ ජීවත්වන මේ මසුන් වතුර විදිමෙන් වැඩිපුරම ගොදුරු කැර ගන්නේ දිමියන් වීම හේතුවෙන්ම මොවුන්ට දිමිත්තා යන නම ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාවේ හා ඉන්දු පැසිපික් කලාපයේ දක්නට ලැබෙන දිමිත්තා ඉංග්‍රීසි බසින් ආචර් ෆිෂ් යනුවෙන් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ දිමිත්තන් සත්ත්ව විද්‍යාත්මකව ටොක්සෝටිස් කැටරියස් යනුවෙන් හැ
ඳින්වේ. මෙම ඝනයට අයත් තවත් මත්ස්‍ය විශේෂ හයක් ලෝකය පුරා දැකිය හැකිය. ඒ අතිරින් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන විශේෂය හ
ඳුන්වන්නේ විශාල ප්‍රමාණයේ ආචර් ෆිෂ් යනුවෙනි. එම මත්ස්‍ය විශේෂය සෙන්ටිමීටර 20 ක් පමණ විශාලව වැඩෙන අතර වරකට බිත්තර 20000 ත් 150,000 ත් අතර ප්‍රමාණයක් දමයි.
ගොදුරු අල්ලාගන්නා අපූරු ක්‍රමය හේතුවෙන්ම මසුන් ඇතිකරන්නන් අතර ඉතාමත්ම ජනප්‍රිය දිමිත්තා ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයකු නොවන බැවින් විසිතුරු මසුන් අපනයනය කරන්නන් විසින් ඔවුන් අල්ලා අළෙවි කිරීම සිදු කරයි.
කළු ගඟේ සිට නිල්වලා ගඟ දක්වා වූ නිරිත දිග කලාපයේ කලපු ආශ්‍රිත පරිසර පද්ධතිවල දක්නට ලැබෙන දිමිත්තා බෙන්තර ගඟේ සහ කළුවාමෝදර ගඟේ ජීවත් වුවද පහසුවෙන් දැකිය හැකි මත්ස්‍යයකු ද නොවේ.
කඩොලාන විනාශයත්, වගුරු ගොඩකිරීමත් හේතුවේන දිමිත්තන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ලවී තිබේ. මෝය කට වැලිවැටි වලින් වැසී යාම හේතුවෙන් කලපුවේ ලවණතාව අඩුවීම ද මෙම මසුන්ගේ පැවැත්වට අහිතකර බලපෑමක් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාම ස්වභාව ධර්මයට අවනතව කටයුතු කරනවා නම් හොඳයි.පරිසරය විනාශ කරමින් ස්වභාව ධර්මය වනසමින් කොච්චර කෑගැහුවත් දිමිත්තලා විතරක් නෙමයි හෙට අනිද්දට අපිට අපිවත් අහිමි වේවි. (නි)
http://www.youtube.com/watch?v=f8oV4RBYR9U (නි)
එම මත්ස්‍ය විශේෂය එතරම් දිගකට විශාලව වැඩෙනවද? (නි)
මගේ ගෙදරත් මේ මාළු හිටියා.වරකට බිත්තර 3000 ක් විතර දැම්මා.හැබැයි අපේ ටැංකි වල පැටවු බෝ කරන්න අමාරුයි (නි)
දිමිත්තා වෙනුවෙන්ම නොවුනත් කලපු ආශ්‍රිත කඩොලාන පරිසරය රැකගැනීම අත්‍යවශ්‍යයයි. නමුත් දිමිත්තාගේ එක විශේෂයක් පමණක් ලංකාවේ සීමිත ප්‍රදේශයකට කේන්ද්‍රගතවී තිබීමත්, ආහාර පරිභෝජන රටාව අනුව මේ සත්වයා සුවිශේෂී වීමත් සැළකිල්ලට ගෙන ඔවුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් යෙදීම හොඳයි. (නි)