ශ්‍රීලංකන් ගුවන්සේවයේ සිදුවීයැයි කියන වංචා සහ දූෂණ ගැන දමිතා අබේරත්න නිළියගෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ෂන කොමිසම අද (06) පැය 1 ½ ක් පුරා ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගත්තේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කටයුතු වල නිතරවීම සහ කලාකරුවන් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් මුදල් ලබාගැනීම ඇතුළු සිද්ධි පිළිඹඳව ප්‍රකාශ සටහන් කරගැනීමට මීට පෙර උපේක්ෂා ස්වර්ණමාලි හා බන්ධුල විජේවීර යන කලාකරුවන්ද, නීතිය හා සාමය පිළිඹද රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්නද කොමිසම හමුවට කැඳැවිණ.
මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රීලංකන් ගුවන්සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබෙන අතර නොවැම්බර් 20 වැනිදායින් පසු කොමිසමට කටඋත්තර දීමට සූදානම් බව ඔහු නීතිඥවරයෙක් මගින් දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දමිතා ගැන අපි හිතාගෙන හිටිය හැටි ගැන දැන් අපිට ලැජ්ජයි (නි)
ප්‍රශ්න කරනවා හැරෙන්න වෙන කරන කිසිම දෙයක් අපිට පෙනෙන්නේ නැහැනේ (නි)
ප්‍රශ්න කළ ගණන අසීමිතයි. ඒත් කිසිම කෙනෙකුට විරුද්ධව නඩු දාන බවක් තවම පෙනෙන්න නම් නැහැ. (නි)
මේ අපි ආදරය කළ කලාකරුවන්ද? (නි)
දමිතා හුඟ කාලෙකට පස්සෙයි දැක්කේ... (නි)
අපි බලමුකෝ අවසාන ප්‍රතිඵලය.. (නි)
අනේ මන්දා මෙයාලත් කරන වැඩ? (නි)
මේකනම් හරිම විහිළුවක් වෙලා. අන්තිමට කෑම කාපු සාමාන්‍ය ජනතාවටත් ඇවිත් සාක්කි දෙන්ටයි කියලා පත්තරේට දැන්වීමක් දායිද දන්නේ නැහැ. (ර)
ප්‍රකාශ පමණක් සටහන් කරගෙන මදි. ඉක්මණින් සුදුසු ක්‍රියාමාර්ගත් ගන්න (නි)
තෝරු ,මෝරු නිදැල්ලේ. නිකන් කාලය කා දමනවා පමණයි කියායි අපිට සිතෙන්නේ (නි)
ඉතිරි අවුරුදු හතරයි මාස දෙකත් ප්‍රකාශ සටහන් කරගනිමින්ම ඉන්න නම් හිතන්න එපා. (නි)
මොනවා වෙනවද කියලා තමයි අපිත් මේ බලාගෙන ඉන්නේ (නි)
ඒ කියන්නේ කොච්චර ප්‍රශ්න කරත් මුකුත් හොයා ගන්න බැරි වෙලාද? (ර)
අනේ මන්දා අපිටත් යන්න වෙයිද.? (ර)
නිශාර්ඩ් ප්‍රීනා, ඔබ කියන කතා වලට සිනහ යනවා, නමුත් කිසිම දෙයක් කරගන්න බැරි තැන, අවසානයේදී එකත් වේවි. (ර)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
හැම එකකම ප්‍රකාශ ගන්නේ නැතිව එකක් ඉවර කරලා පෙන්නන්නකො. (ර)
ප්‍රශ්න කරනවා පරීක්ෂණ කරනවා විතරද කාටවත් දඬුවම් ලැබුනේ නැහැ තවම. මෙහෙම කරලා ලබන පාර අපේ ඡන්දෙ ඉල්ලන්න එන්න නම් එපා හොඳේ. (ස)
ලොව බොහෝ රටවල පාර්ලිමේන්තුවල රටක ජාතික ආරක්ෂාව සම්බන්ධව හෝ කිසියම් ආකාරයක රහස්‍ය බාවයකින් පවත්වාගෙනයන ආයතන සම්බන්ධව සිය රටේ පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න ඇසීම සිමා කර හෝ නොවිමසිමට නීති රීති පනවා තිබෙනවා .අපේ රටේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොහෝ දෙනාට මේ සම්බන්ධව අවබෝධයක් නොමැතිව මේ සම්බන්ධව ප්‍රශ්න නගනවා පෙනෙනවා.ඇතැම් අය මහජන රැස්වී වලදී පවා මේව පිලිබඳ හෙලි කරනවා අපට පේනවා.මේවා ගැන යම් නීති රීති සම්ප්‍රධායන් වහාම ගෙන ආ යතු යයි මගේ මතය.බොලද පහල බලාංසයේ කතා නතර කර විධිමත්ව කටයුතු කිරීම රටක් හැටියට අප රැකීමට නම් කළ යුතුව තිබිය යුතුයි පිළිවෙතක් මේ හැම දෙයක්ම පිළිබඳව.රජයක් හෝ විරුද්ධ පක්ෂය යනු අපේ දේශය රකින්නට කැපවී ඇති පිරිසක් (බ)
රජය පෙරලෙනකම් කොමිසම කමිසෙන් අදියි වගේ (බ)
ගරු මහත්වරුනි, ඔබලා මේ බොරුවක් ආරක්ෂාකරමින් කාබාසිනියා කරන්නේ අපි වැනි අහිංසක දුප්පත් මහාජනයාගේ මුදල්ද කියා ඔබලාගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න. (බ)
ශාන්ත සේනාධීර,ඔබගේ අදහස් වලට මම එකඟයි (නි)