සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගයේ සිවුවැනි සහ අවසන් දිනය වන අද (09) ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දෙවැනි ඉනිමේදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 150 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා දකුණු අප‍්‍රිකාවට ලකුණු 349 ක ඉලක්කයක් බාර කළේය.
දිමුත් පන්දු 240 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 150 ක් රැුස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 97 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම ඕවර 78.5 කදී කඩුලූ 5 ට 302 (දිමුත් කරුණාරත්න නොදැවී 150, ඇන්ජලෝ පෙරේරා 49)
දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල පළමු ඉනිම ඕවර 89.1 කදී සියලූ දෙනා දැවී 290
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොලුවට අවස්ථාවක් දීලා බලන්න දිල්ශාන් එක්ක ආරම්භක පිතිකරු විදියට ..
වැඩක් නෑ කෝච්චර වුනත් අර උපුල් තරංගවමනේ දාන්නේ ඉතිං ලංකාවේ හොද කෙනෙක්ට චාන්ස් එකක් නෑ..
ආරම්භක පිතිකරැවකු වීමට උත්සාහ කරන්න.. ඉතා හොද උත්සාහයක් වමත් පිතිකරැවකු ලෙස
අසාර්ථක පිතිකරුවන්ට දිගටම අවස්ථා ලබාදෙන අවස්ථාවේදී දිමුතු වැනි තරුණයන්ට අවස්ථාවක් සලසා දීම අපගේ කිකට් අනාගතයට ලොකු ශක්තියක් වේවි. ඩිල්ෂාන, සංගා, මහේල, සමරවීර වැනි කිඩකයන් රට වෙනුවන් තවත් ක්‍රීඩා කල හැක්කේ තවත් අවුරුදු කිහිපයක් පමණි. තරුණයන්ට අවස්ථා සලසා දීමතුලින් පළපුරුදු ක්‍රීඩකයන් විසින් ලොකු අත්දෙකීමක් ලබාගත හැකි.