දෙමටගොඩ රෙදි වෙළඳසලක තරුණයකු පැහැරගැනීම සම්බන්ධ සිද්ධීයට සැකපිට බදාදා (29) පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනකු ලබන ජනවාරි 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය අද (30) නියෝග කළාය.
අනෙක් සැකකරුවන් සිව්දෙනාගේ දුරකථන සංවාද පිළිබඳ වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළ අතර මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්ය මණ්ඩලයේ සේවකයන් 6 දෙනකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජොබ් එක සාමාන්‍ය මිනිහෙකුට දුන්න නම් හරි කෙනා එක විනාඩියෙන් අත්අඩංගුවට ගනීවි. කොහෙද, දේශපාලුවොන්ට ඕනි ලෙසටනේ මේ රටේ හුලන් හමන්නත් ඕනි. (බ)
අද පොලිසියට කරන්න වෙලා තියෙන්නේ අඳුරේ අතපත ගාන වැඩ තමයි. වැරදිකරුවා පෙනෙන්න සිටියදී වෙන වෙන අයයි උසාවියට යන්නේ. මේවා ඉතින් කාට කියන්නද? යහපාලනය අති විශිෂ්ටයි. (නි)