භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සැකකරුවන් කොළඹ මහාධිකරණයේ නඩුව අවසානයේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගිය බසයට දෙමටගොඩ සමන්තා  සිනමා හල සමීපයේ දී වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

නඩුවේ තුන්වන සැකකාර චමින්දගේ  බඩට වෙඩි වැදී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය පවසයි. තුවක්කුකරුවන් කළු හයිබ්‍රිඩ් කාරයකින් පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි. 

දෙමටගොඩ දී බන්ධනාගාර රියට වෙඩි තැබූ තුවක්කුකරුවනට බන්ධනාගාර රියේ සිටි නිලධාරීන්ට වෙඩි තබා ඇති බවත්, තුවක්කුකරුවන් සමග සිටි කිහිප දෙනකුට වෙඩි වදින්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

IMG_2769 IMG_2778

ඡායාරූප - ලහිරු හර්ෂණ

dematagoda20163247 dematagoda20163247-2 dematagoda20163247-3 dematagoda20163247-4 dematagoda20163247-6 dematagoda20163247-8 dematagoda201632473

 

ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව