ලංකා දුම්කොළ සමාගමට අයත් දුම්වැටි තොගයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණූ වාර්තා කිරිමට පෙර ලංකාදීප මාධ්‍යවේදී උපාලි ආනන්ද ඉකුත් 03 වැනි දා ලංකාදිප පුවත්පතට ප්‍රවෘත්තියක් ලිවුයේ කෙසේද යන්න ගැන කරුණු විමසිමට ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරන්නැයි ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි නිතිඥ චින්තක කුලතුංග මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිබඳව අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය කිසිදු නියෝගයක් අද (11) නිකුත් නොකළාය.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයේ තිබෙන දුම්වැටි තොගයේ සාම්පල රජයේ රස පරික්ෂක යැවීම සඳහා ලබාගෙන දුම්වැටි තොගය බැදුම්කරයක් මත විත්තිකාර සමාගමට මුදා හැරිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සිගරට් පැකට් අසුරා තිබු පෙට්ටි පමණක් තවදුරටත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් භාරයේ තබා ගන්නා ලෙසට තවදුරටත් නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස පරීක්ෂණ වාර්තාව එනකොට දුම්වැටි විකුණලා අවසන්වෙලා තියේවිද දන්නෙ නැහැ. (නි)
ඉතින් සිගරැට් නොබී හිටියා නම් හරිනේ (නි)
ලංකාවේ කටයුතු කරන ගොඩක් ඇමෙරිකාව එංගලන්තය පදනම් කරගත් සමාගම් හිතන්නේ ලංකාව එයාලගේ කොලනියක් කියලයි. අවසනාවක මහත වෙලා තියෙන්නේ ඒවායේ වැඩ කරන අයත් ඇමෙරිකානුවෝ එනගලන්ත ජාතික සුද්දෝ වගේ තමා අනිත් අයට පෙන්වන්න උත්සහ කරන්නේ. (ර)
ගංජා හේන් වලට ගිනි තියන්නා වගේ මේවත් විනාශකරලා දැම්මා නම් ඉවරනේ (නි)
සිගරට් පෙට්ටි ටික විතරක් ඇයි තියා ගන්නේ.(හේ)