අයවැයෙන් වැඩි කළ දුම් පරීක්ෂණ ගාස්තුවද, වාහන බලපත් හා අනතුරු දඩයද ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව දකුණු පළාත් පොදු පාසල් ළමා ප්‍රවාහන සංගමය කියයි.
එහි සභාපති ඩී.එච්. රුවන් ප්‍රසාද් අකුරලදී අද (25) සිය සාමාජිකයන්ට පැවසූයේ තම විරෝධයේ මුල් පියවර ලෙස ලබන සතියේ වාහනවල කළු කොඩි ප්‍රදර්ශනය කරන බවයි.
ඊට ප්‍රතිචාරයක් නොලදහොත් වර්ජනයක් ඇතිවිය හැකි බවට ඔහු අනතුරු හඟවයි.
විඩියෝ - දිපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුම් සහතිකේට වැඩිවෙච්ච මුළු මුදලම රජයේ ආදායමට එකතුවෙනවාද? (බ)
දුම් සහතිකේ ගන්නකන් හොදට තියෙන එන්ජිම පස්සේ දුම් පිට කරන එක නවත්වන්නත් විදියක් ගෙනවානම් හොදයි. කොල්ලුපිටියෙන් 18.20ට වගේ ගාල්ල දෙසට යන දුම්රිය එන්ජිමේ දුම් පරීක්ෂාවක් කළානම් සැහෙන යහපත් වේවි. මම දන්නා කලේ ඉදල එක පළාතම වගගෙන කළු දුම පිට කරගෙන ධාවනය වෙන්නේ. (බ)
චීනයේ පෙකින්, ඉන්දියාවේ කල්කටා, දිල්ලි, මුම්බායි, පකිස්ථානයේ කරච්චි, බංගලාදේශයේ ඩකා මෙන් ලංකාවේත් ප්‍රධාන නගරවල හුස්ම ගන්න බැරි තරමට වායුගෝලය කිලිටි වුනාම මිනිස්සුන්ට තේරේවි තමන් අද කපාගන්න වලේ ගැඹුර. (බ)
හිගා කෑවනම් ඔයිට වඩා හොදයි (බ)
නැහැනේ පතිරණ මේකෙන් 10% තම රජයට අනික් එවා පුද්ගලික සමාගම් දෙකකට යන්නේ (ම)
මුළු අය-වැයම එපා කියල උද්ඝෝෂණ කලහම ඉවරයිනේ . (රේ)
රථ වාහන දුම් සහතිකය සඳහා රුපියල් 5000 ක් හෙවත් තිබූ මුදල 4 ගුණයකින් වැඩි කෙළේ දුම් සහතික නිකුත් කරන ලාෆ් වෑගපිටිය හරහා සිරිසේන සහ දූ පුත්‍ර සමාගමට වාර්ෂිකව ලැබෙන කෝටි ගණනක කප්පම් මුදල 4 ගුණයකින් වැඩි කර ගැනීමටයි (බ)
" ලංකාවේ දුම් සහතිකයක් වෙනුවෙන් රුපියල් 5000 ක් අය කිරීමට යාම නොව දැනට අයකරන රු.1200 ක මුදල පවා කොතෙක් වැඩි දැයි ඉන්දියාව සමග සන්සන්දනය කිරීමෙන් කාට කාටත් තේරුම් යනු ඇත ඉන්දියාවේ දී රුපියල් 270 කින් පමණ කළ හැකි සේවාවක් සඳහා දැනටමත් වෑගපිටියටත් අක්බාර්ටත් ගෙවා ඇති මුදල් කන්ද හොඳටෝම වැඩිය. (බ)
දුම් සහතිකය අත්‍යවශ්‍ය දෙයක් . එය තිබිය යුතුමයි , දුම් සහතික ගාස්තුව වැඩිකිරීම වෙනම දෙයක් . ගාස්තුව වැඩිකළ එකට කළ යුත්තේ එය අඩුකරන්න කියල ඉල්ලීම මිසක් දුම් සහතිකය අහෝසි කළ යුතුයි කියල ඉල්ලීම නෙමෙයිනේ (බ)
ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් ඇමතිතුමාටත් ජයවේවා! (නි)
පතිරණ මහත්තයා, අඅන්තිමට අපි බදු ගොඩකුත් ගෙවලා අපිට වුණ සෙතකුත් නැහැ. (නි)
මගීන් ප්‍රවාහනය කරන වාහන වල ප්‍රමිතීන් ගැන මීට වඩා නීති ගෙන ආ යුතුයි ,රියදුරන් ළමයින් ඉදිරියේ වීරයන් වීමට යන අවසරත් වැඩියි .සමහර වාහන දුම දමාගෙන යනවා, එත් ළමය නිසා පොලිසිය අනුකම්පා කරනවා. නීතිය ඉදිරියේ සැවොම එකසමනවියයුතුයි (අ)
හිටපු ඒකාධිපතියාගේ කාලේදී මම මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා බදු ගෙව්වා. අපි අපේ මුදල් සහ කාලය විනාශ කරගෙන ඒකාධිපතියව පන්නල, මෛත්‍රී යුගයක් ඇති කලා. දැන් මට මාසෙකට ලක්ෂ දෙකකට වඩා බදු ගෙවන්න සිද්ද වෙනවා.කාට කියන්නද?(අ)
අපෙන් ගස කන රුපියල් 5000 හේන් සියයට 10 තම රජයට, අනික් එවා ඉන්න මලපෙරේතයන්ට,කුම්භාණ්ඩයන්ට,... බෙදිලා යනවා.(අ)
දැන්වත් තේරෙනවද එදා ජනරාල් ෆොන්සේකාව ජනාධිපති කරව ගන්න නොලැබුණේ රටේ අවාසනාවට,අපේ දරුවන්ගේ සහ අපේ අවාසනාවට කියල?දැන් ඉතින් දුක විදපන් බලලෝ කිව්වලු. (අ)
සොයිසා.අපේ තැන්පත් මුදල් වල පොළියට ගහන බදු මුදල්, නිවාස වලට ගහන වරිපනම්, වාහන බලපත්‍ර අලුත් කරන්න යන වියදම්, අපේ බඩු පෙට්ටිය එළියට ඇදලා ගහන බදු මුදල්, පාරේ වාහනයේ යනකොට ගහන දඩ මුදල්, කනබොන සියල්ලම සිට පාසල් වාහන වලට ගහන බදු මුදල්.... 400% කින් වැඩි කළාම ගෙවන්නේ අපිනේ. ඒක තේරුම් ගන්නවත් බැරිද? (නි)
මෙතන ගොඩක් අය ඒකාධිපතියා කියල අදහස් කරන්නේ කුරිරු යුද්දයකින් මේ රට නිදහස් කර රටේ ජනතාවට මරණ බියෙන් තොරව මේ රටේ නිදහසේ ජීවත්වෙන්න ඉඩ සලසපු අභීත නායකයාට නේද? මෙහෙමත් ගුණමකු මිනිස්සු, අය වැයෙන් පස්සේ වෙනසේ සැප දැනිල වගේ, ඔහොම යන් ඔහොම යන්.... (බ)
මට මේ මොනවත් අදාළ නැහැ.මම ඉන්නේ පිටරට. (අ)
තිලක් ඔයයට ඔහොම වෙලා මදි (අ)
අසරණ මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් රුපියල් 5000 ගත්තට කමක් නැහැ මහත්තයෝ.අසරණයෝ වැහි නැතිව හෙන ඉල්ලන නිසා වැස්සක් නැතිව වුනත් වැඩිය එලියට පහලියට යන්න එපා. (බ)
එදා දුම් සහතිකයෙන් ගසා කාපු මුදල් ගලාගෙන ගියේ රජ පවුලේ කුමාරවරුන්ට/බබිලට,දැන් යන්නේ....? (බ)
මට මතකයි මම ලංකාවේ රැකියාව කරද්දී මගේ පළමු රෝද හතරේ වාහනේ ගන්න මම මොන තරම් දුක් වින්දද කියල.ලංකාවේ රැකියාව කරලා වහනයක් ගන්න හැම කෙනෙකුටම රුපියල් 5000 ගානේ දුම් සහතිකයට පමණක් දෙන්න මුදල් කොහෙන්ද?මෙහෙම අසාධාරණකම් කරන එවුන්ට වැඩි කල් අායුෂ නැහැ.වැඩි අායුෂ දෙන්නෙත් නැහැ. (බ)
ඒකාධිපතියව ගෙදර යවපු අසරණ මිනිසුන්ට මේ යන අසාධාරණ යුගයත් ගෙදර යවන්න වැඩි කල් ඕන වෙන්නේ නැහැ. (බ)
ඒකාධිපතියව ගෙදර යවල මෛත්‍රී යුගයක් ඇති කරන්න දගලපු අපිට දැන් හොදටම සනීපයි. සනීපෙට නින්දත් යනවා. (බ)
වාහන නම් කමක් නැහැ. කන බොන දේවල් නම් මීට වඩා ගොඩාක් අඩු වෙන්න ඕනේ (බ)
ළමයින් ප්‍රවාහනය කරවන, ද්විත්ව කාර්යයන් සඳහා යොදවන, අඩු ආසන ඇති වෑන් වෙනුවට ළමයින් ප්‍රවාහනය කිරීමට ආසන 30 ට වැඩි මඟීන්ගේ සම්පුර්ණ රක්ෂණය ඇති බස් නිර්දේශ කරන්න. එතකොට ළමයින්ටත් හොඳයි. (නි)
තිලක් මහත්තයෝ, ඔයා බයිලා කියන්න එපා. ඩුබායි රටේ ඩියුටි ෆ්‍රී වුණාට ඔයාලටත් ඩියුටි ෆ්‍රී ද? ඔයා නීත්‍යානුකූලව ලංකාවට සල්ලි ගෙනාවා නම් බදු ගහනවද? (නි)
යහපාලනයේ ප්‍රතිඵල තේරෙනවා නේද? ඔය පටන්ගත්තා විතරයි. මිනිසුන්ට වෙන්නේ නොකා නොබී මැරෙන්න. වෙනසේ තරම දැන් විඳින්නකෝ. හෝඳ වැඩේ. කාල බිලා සතුටින් ඉන්න නේද වෙනසක් ඕනෑ කියලා කතිරය ගැහුවේ? (නි)
මොකක්ද ඒ දඩය ඉවත් කරන කතාව? (ම)
දුම් පරීක්ෂාවක් ඕන නැහැ . දුම් පරික්ෂා හරියට බලනවනම් රජයේ ලංගම බස් වලින් බාගයක් ඉවත් කරන්න වේවි .(ම)
මේ වගේ නිදහසේ ඉන්න රට බේරා ගත්ත නායකයෙක් පන්නල පඹයෝ ටිකක් පත් කර ගත්තට හොඳ වැඩේ (බ)
වාහන නම් කමක් නැත්තේ මොකද දුක් මහන්සියෙන් වාහනයක් ගත්තේ රජ වෙන්න නොවෙයි (බ)
හොඳයි එහෙම කරනවානම්. (ර)
වාහන බලපත්‍ර අවුරුදු තුනකට සැරයක් දුන්නොත් හොදයි වෙන රටවල් වගේ (ම)
කවුද මේ තිලක් කියන්නේ? ලක්ෂ දෙකක් බදු ගෙව්වා කියන්නේ මොනවා කරලද? අනේ මහත්තයෝ මහත්තයෝ විදිහට ඇත්ත කියන්න. පිටරට රක්ෂාවල් කරන කිසි කෙනෙකුකුට මොන ආණ්ඩුවකින්වත් බදු ගහලා නැහැ. සමහරවිට ඔයා හොරබඩු ඇදලා දඩ නම් ගහලා ඇති. (බ)
අපි ඔක්කොම වාහන වල කළු කොඩි දමල සහය දෙමු ..(බ)
ඇමැතිවරුන්ට කොළඹ වාහන තද බදය වැඩි වුණාට, මුළු ආර්ථික බරම අමාරුවෙන් වහනයක් පාවිච්චි කරන පහළ මධ්‍යම පාන්තිකයා මත පටවලා බැහැනේ සර්. (බ)
සියලුම පෞරාණික නගර වලට පහර දෙනකොට අයිඑස් ලා ට විරුද්ධව මොන මුස්ලිමා ද ලංකාවේ එරෙහිව කතා කළේ, එකෙන්ම පේනවනේ අපේ සාමකාමී මුස්ලිම් ප්‍රජාවගේ අගය. මෙහෙම ගියොත් අනෙක් සියලු ආගම්, ජාතීන් ඔවුන්ගේ උරුම තව වසර ගණනාවකදී නැති වෙනවා, බාමියන් පිළිම වලට වුන දේම සමාධි පිලිමෙටත් වේවි. (බ)