දුම් පරීක්ෂණයක් සඳහා මොරටුවේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයකට ගෙනගිය කාරයක් පසුපසට ඇදී ගොස් යතුරු පැදිකරුවකු (52) බරපතල තුවාල ලැබූ බව පොලිසිය කියයි.
17 හැවිරිදි තරුණයකු එම ඔටෝ ගියර් වාහනයේ දුම් පරීක්ෂා කරද්දී මේ අනතුර සිදුවී ඇත. ඔහු අත් අඩංගුවට ගනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් මේ රැකියාවට මට නම් හිතෙන්නේ රිය පැදවීම පිලිබඳ දැනුමක් තියෙන්න ඕනේ කියලා. රිය පැදවීමේ හැකියාව සහතික කරන හොඳම ක්‍රමය රියදුරු බලපත්‍රයයි. කොහොමත් මොරටුවේ ඇති මේ ආයතනය කිසිදු වගකීමක් නැති ආයතනයක්. වරක් මම දුම් සහතිකය ගන්න ගියාම මේ ආයතනයේ විදුලි බලය නෑ. ජෙනරේටර් එකකුත් නෑ. ආදායම් බලපත්‍රය ගන්න දුම් සහතිකය අනිවාර්ය නම් එම සේවාව නොකඩවා ලබා දීමට පහසුකම් තියෙන්න ඕනේ. අපි රස්සාවල් කරන අය නිවාඩුවක් දාලා මේ වැඩ කරන්න යන්නේ. ආයතනයේ හිමි කරුගේ කියලා එම ආයතනයෙන්ම මට දුන් අංකයට දුරකථන ඇමතුමක් දුන්නම කතා කරේ ගැහැණු කෙනෙක්. එයා මට දුන් පිළිතුර මිනිස්සු හැරිලා ගියාට එයාට ප්‍රශ්නයක් නෑ කියලා. කතා කරන්නවත් දන්නේ නැති ගැහැනියක්. මම තර්ක කරන කොට පිළිතුරු නැති උනාම මට කුණුහරපයක් කියලා දුරකතනය තිබ්බා. මෙය සිද්ද උනේ 2011 වසරේ. (නධී)
චමින්ද, රියදුරු බලපත්‍රයක් නැතත් පරීක්ෂණය කරන්න පුලුවන්. මෙකද එයා වාහන එලවන්නේ නැහැනේ. නමුත් අවුරුදු 17 ක කෙනෙකුට රස්සාවක් දෙනවද? ආයතනයේ හිමිකරුත් අත්අඩංගුවට ගන්න ඕනේ (නදී)
බන්දුල හුස්ම ගන්නේ අපායෙන් එන හුලන් වෙන්ඩ ඇති. (නදී)
වෙන්න තියෙන දේවල් ඒ වේලාවටම සිද්ධ වෙනවා.(හේ)
උපුල්, කම්කරු නිතිය අනුව අවුරුදු 17 අයෙකුට රැකියාවේ ලබා දීමේ බාධාවක් නැත. (නදී)
අවුරුදු 17 යි කියන්නේ රියදුරු බලපත්‍රයක් නැහැ කියන එකයි. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් රියදුරු බලපත්‍රයක් නැති අයෙකුට රියදුරු අසුනක වාඩි වීමත් තහනම්. හරි නම් මෙම ආයතනයේ හිමිකරුත් අත්අඩංගුවට ගත යුතුයි. හේතුව, රියදුරු බලපත්‍රයක් නොමැති කෙනෙකුට වාහනයක් පරික්ෂා කිරීමට ඉඩදීම පිලිබදව.(නදී)
දුම් පරික්ෂාව යහපත් දෙයක් උනත් එ්ක වාහන හිමියන්ට දැඩි හිසරදයක්. මේක අවුරුදු දෙකකට වතාවක් කරන්න කියල නීතියක් ගේන්න පුලුවන්නම් ලොකු දෙයක්. චම්පික මහත්තයා ඉදල ඉදල අපිට දාපු තොප්පිය තමයි ඕක. ඔය පරික්ෂාව අයින් කරනවා කියල පොරොන්දුවක් දෙනවා නම් මම රනිල් මහත්තයට මගේ මනාපේ දෙනවා. (නදී)
උපුල්,මම එයින් අදහස් කළේ රියදුරු බලපත්‍රයක් නැති කෙනෙක් රියදුරු අසුනේ වාඩි වූ නිසානේ, මේ අනතුර සිද්ධ වුණේ කියන එකයි.ආයතනයේ හිමිකරු නීතියක් පනවා තිබිය යුතුයි රියදුරු බලපත්‍රයක් නැති සේවකයන් වාහන වල රියදුරු අසුනේ වාඩිනොවිය යුතුයි කියා.සමහර රටවල නම් අවුරුදු 16 සිට රැකියාවක් කිරීමට නීතිමය අවසරය තිබෙනවා.ලංකාවේ ඒ නීතිමය තත්වය පිළිබඳව නම් මට හරි අවබෝධයක් නැහැ. සමාවෙන්න. (නි)
අනේ බන්දුල, වැඩක් ඇති දෙයක් කියන්න. හැමදාම මොකක් හරි ගොන් කතාවක්ම කියන්නේ නැතුව. (නදී)
රනිල් මහතානෙනි, කම්කරුවන් හුරා කන මෑන් පවර් නැතිකරලා කම්කරුවන්ට සෙතක් කරන්න (නදී)