බුදු දහමේ සැබෑ හරය රට වෑසියන්ට කියා දිම සදහා කෑලණිය ශ්‍රි ධම්මදස්සි බෞද්ධ මධයස්ථානයේ විහාරාධිපති දොලොස්වල උදිත ධීර හිමියෝ සැරැසෙති.
සරල ධර්මයේ සිට අභිධර්මය තෙක් රචනා කළ පොත් ඔනෑම අයෙකුට නොමිලේ තෑපෑල් මගින් ලබාදෙන බවත් මාස තුනකට ප්‍රථම ආරම්භ කළ මෙම වෑඩසටහනට මේ වන විට සාමාජිකයින් පන්දහස ඉක්මවා සිටින බවත් උන්වහන්සේ පවසති.
තෑපෑල් ගාස්තු සදහා අතිවිශාල මුදලක් වෑය වුවත් නොයෙක් පින්වතුන් මෙම සත්කාරයට දායක වි සිටිමෙන් තමන්ට මහත් ශක්තියක් ලබාදෙන බව උදිතධීර හිමියෝ කියති. මිලානෝ නුවර ශ්‍රි ලාංකිකයෙකු රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කරමින් විහාරස්ථානයේ මෙම කටයුත්ත සදහා ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා දී තිබේ.
දොලොස්වල උදිතධීර හිමි, ශ්‍රි ධම්ම දස්සි බෞද්ධ මධ්‍යස්ථානය, අංක 440/1බි, කොත්තෑන්න, බියගම, කැලණිය යන ලිපිනයෙන් හා 0772340810. දරන දුරකථන අංකයට ඈමතිමෙන් ඕනෑම අයෙකුට බුදුදහම පිලිබදව ලියෑවුණු පොත් නොමිලේ ගෙන්වා ගැනීමට හැකි බවත් ඉතාලියේ සිටින අයෙකුට 3341227517 අංකය ඇමතිය හැකි බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් පින් මමත් කැමති පුළුවන් විදියට උදව් කරන්න ගිණුම් අංකයක් තියෙනවද තෙරුවන් සරණයි.(ස)
සාදු,සාදු,සාදු.පිනක් සිදු කර ගන්න හොඳම අවස්ථාවක් සලසා දීම පිලිබදව සියලුම ලංකාදීප කතෘ මණ්ඩලයටත් , මඩවල මහතාටත් විශේෂ ස්තුතිය පුද කර සිටිමු.දානයන් අතරත් උතුම් දානය ධර්ම දානයයි.එනම් එක දානමය පිනක් මහා කල්ප 18 දක්වා පල ලැබෙයි.එනම්, දැහැත් වට්ටිය දී ආරාධනා කිරීම මහා කල්ප 8 සහ ධර්මය ශ්‍රවනය මහා කල්ප 9 සහ පින් අනුමෝදන් කරන මිය ගිය අයට මහා කල්ප 1 ලෙසත් වේ. එසේම යම් අයකු දහම් ග්‍රන්ථ කරයිද පින මහා කල්ප 17 ලැබේ.(මහා කල්ප 1=1 සහ බින්දු 140 වේ) මෙතුලින් පිනක් සිදු කර ගැනීමට ඔබටත් ආරාධනා.තෙරුවන් සරණයි. (ස)
නිවැරදි ධර්මය ලොව පුරා පතුරුවා හැරීමට සැදැහැවතුන් ධර්මවබෝදයෙන් පෙළ ගැසේවා. සැමට තෙරුවන් සරනයි (අ) .පුජ්‍ය මීපාගම සන්ගරතන හිමි. දම්මදසිය් බෞද්ද සංගමයේ ගරු සංවිදායක .
අද ලෝකය පවතින විදිය බැලුවම,මිනිසුන් විද්‍යාවේ දියුණුවෙන් උමතුවෙලා. වල්මත් වෙන විදිය දැක්කම මේ වගේ දෙයකින් ටිකකට හෝ ඔවුන්ගේ මනස සන්සුන් කිරීමට දායක වූ ඔබ සැමට මෙය තව තවත් දියුණු කර ප්‍රචාරය කන්නට ශක්තිය ධෛර්ය ලැබේවා! තෙරුවන් සරණින් නිරෝගිව දිගුකල් ජීවත් වෙන්නට වාසනාව ලැබේවා! (ස)
මෙම පොත අපිට විද්‍යුත් තැපෑල මඟින් ගන්න ක්‍රමයක් සකස් කර දෙනවා නම් එය මහා පිනක්.පුලුවන් නම් එය දන්වන්න (ස)
මධූ මහතා වෙත.ඔබට මෙවැනි පින්කමක් සදහා පින් සිත් පහළවීමද උතුම් මංගල කාරණයක්.මේ සදහා සපයා ඇති දුරකථන අංකය ගරු ස්වාමින් වහන්සේගේ වේ.එනිසා ඔබට කෙලින්ම කතා කර මෙම පින්කමට දායක වීම දෙලොව යහපත පිණිස වේ. ධර්ම දානයක ආනිසංස ඉහත විස්තර කර ඇත. (නි)
මෙන්න කලයුතු සහ කාලෝචිත දේවල්. බොරුවට කෑගහන්නේ නැතුව බුද්ධාගමේ නියම හරය මිනිස්සුන්ට අවබෝධ කලා නම් බුද්ධාගම ඉබේම ආරක්ෂා වෙනවා...ඔබ වහන්සේට පින් සිදුවේවා... (ස)
සාදු සාදු සදු!!!.. මෙම ධර්ම දානය සඳහා සහාය වූ සැමට පින් සිදුවේවා.(ස)
සාදු සාදු සදු!!!.. මෙම ධර්ම දානය සඳහා සහාය වූ සැමට පින් සිදුවේවා.(ස)
මෙම සත්කාරයට දායක උන සැමටම පින්. (ස)
ඔබට පුළුවන්ද මේ පොත් ඩුබායි වෙත එවන්න. (ස)
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මේ කරන්නා වූ ධර්ම දානය ඔබ වහන්සේගේ සසර ගමන කෙටිකර ගැනීමට හේතු වාසනා වේවා! තවද මෙම පිංකමට සහභාගි වී සිටින සියළුම පිංවතුන්ටත් සසර ගමන කෙටිකර ගැනීමට වාසනාව උදාවේවා! ඔබ සැමට තෙරුවන් සරණයි! මෙම පොත් විද්‍යුත් තැපෑලට දැමීමට හැකි නම් ඉතාමත් වටිනවා. අපට එවිට පුලුවන් එය මුද්‍රණය කර බෙදාහරින්න. (නි)
මෙම පොත් අවශ්‍ය අයකු වේ නම්(විදේශගත) මුද්දර ගාස්තු දැරිය යුතු වෙනවා.නැතිනම් ලංකාවේ අයකු මාර්ගයෙන් ගෙන්වා ගැනීම කල යුතු වෙනවා.මෙම කලාප විද්‍යුත් තැපැල් මගින් නම් එවීම තරමක් අපහසුයි. හොදම ක්‍රමය ලංකාවේ අයකු මගින් ගෙන්වා ගැනීමයි.සභා පති- සදහම් මිතුරෝ.තෙරුවන් සරණයි.(දිල්)