මාපියන් කවුදැයි නොදන්නා සිව් මස් හැවිරිදි දැරියට අනුරපුර රෝහලේ හෙද සොහොයුරියන්ගේ උණුසුම හා සෙනෙහස මැද හැදී වැඩෙයි.
සුදු නමින් හැඳින්වෙන මේ දැරියගේ මව කැකිරාවේ බව කියා රෝහලට ඇතුළු වූ නමුත් ඇය සොයා ගැනීමට නැත.
වෛද්‍යවරු හෙදියෝ හා උපස්ථායකයෝ ඇගේ ‘කැපකරු මපියෝය‘.
රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති එස් කරුණාරත්න මහත්මිය කියනුයේ දරුවා ඉක්මණින් පරිවාස භාරයට පත් කරන බවයි.
එවිට දරුවා කැමති කෙනෙකුට උසාවි මගින් දරුවාගේ භාරකාරත්වය ඉල්ලා සිටිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු බබා! (නි)
දරුවව හදා ගන්න විදිහක් නොමැතිකම නිසා නොමරා රෝහලේ දාල ගිය එකත් ලොකු දෙයක්. මව දෙසත් අනුකම්පවෙන් බෑලිය යුතුයි.(ස)
30% දරුවෝ නැති අම්මල තාත්තලා ඉන්න රටකනේ මේවා වෙන්නේ. (ස)
දරුවා බඩට ආවට පස්සේ ගබ්සා නොකර ,දස මාසයක් කුසේ තියාගෙන කාන්තාවක් ජිවිතේ විදින අමාරුම වේදනාව විද මෙලොවට බිහිකර මාස 4ක් ජිවත් කර මේදරුව රෝහලක් වැනි ආරක්ෂිත තැනක මේ දරුවා දාලා ගිය මේ අම්ම අනිත් අම්මලට ආදර්ශයක් . (ත)
දිසානායක, ඔබ වැනි අය මෙරට තව තවත් බිහිවේවා. තමන් ඉපදුනේ ගැහැනියකගේ කුසින් කියන එකත් අමතක අය ඉන්න රටක්. (ත)
මෙවෙනි දරුවන් දමායන අවස්ථා වලදී අම්මා කව්ද? පියා කව්ද? හොයාගෙක දඬුවම් කිරීමට වඩා මුදල් තියෙන සංවිධාන මෙවෙනි ළමින් රහසි ගතව නීතියානුකූව බාර ගැනීමට අනාථ නිවාස කීපයක් ඇති කිරීමට විෂය බාර ඇමති තුමා කඩිනම් පියවර ගැනීම කාලොචිතයි. (නදී)
මවගේත් කුමක් හෝ අසරණ කමක් ඇති. ඒ නැතත් පාලමක්, බෝක්කුවක් යට දාලා යනවාට වඩා මේ හොඳයි. පව් අසරණ නොදරුවන්.(ස)
අනුරාධ සහ කුමුදුනී පෙරේරා, ඔබ දෙපලට ස්තුතියි. ඔබ ඔබේ නිවසේ තිබෙන කාන්තා හිංසනයට විරුද්ධ වන්න. පසුව ගම සහ රට ගැන හිතන්න පුළුවන්. පියෙක් නැතුව අර දරුවා හද ගත්තා නම් දරුවට අවජාතක කියලා අපහාස කරන්නෙත් අම්මෙක්ගේ කුසෙන් බිහිවුණ තිරිසනෙක්ම තමයි. ජාතක කරපු දරුවා බඩගින්නේ අඩනකොට ඔය අපහාස කරන අය කන්න වේලක් දෙනවද.අම්මෙක්ගෙන් කිරි උගුරක් බීපු එකේ මතකය තියන මිනිසුනේ, දැන්වත් ඇයට සමාජයේ නිසි තැන දීපල්ලා. කොන්ද පණ ඇති පිරිමි ටිකවත් එකතු වී කාන්තාව රැකගත යුතු කාලය පැමිණ ඇත (නි)
ඔබ අස තිබෙනවාද මේ දරුවාව ලබා ගැනීමට කුමක්ද කළ යුත්තේ කියලා. රෝහලින් දරුවාව පරිවාසයට පත් කළ පසු නීතිමය වශයෙන් ඔබට ඉල්ලීමක් කළ හැකියි. පසුව උසාවිය ඔබගේ සහ අනිත් අයගේ ඉල්ලීම් සළකා බලා දරුවා ගේ වගකීම දැරීමට සුදුසම අයකුට දරුවාගේ බාරකාරත්වය පවරනු ලැබේ. (නි)
ඒ අම්ම දරුවාව විතරක් නෙවෙයි තියල ගිහින් තියෙන්නේ, කෑ ගහන එක එක සේනා වලට වගකීමකින් හිතන්නත් යමක් ඉතුරු කරලා ගිහින්. ඒ පැටියට බුදු සරණයි. (ස)
දරු දුක නැතිව උනත් නොමරා මේවගේ දාලා ගිය එකත් හොදයි. පොඩි දුවට් බුදු සරණයි.(නදී)
පව් ලෝකේ උතුම් රටකයි කියන අපිට වෙච්ච දෙයක්. පව් අසරණ මනුස්සයෝ සහ දරුවෝ. මිනිස් ගුණධර්ම හදවත්වල ඉපදේවා.....! (නදී)
දරුවාගේ අම්ම මෝඩ වැඩ කරල දරුවෙක් හදාගත්තට මොකද හොද වැඩක්කරලා තියන්නේ දැන් දරුවාව හදාගන්න කව්රු හරි දෙමව්පියෙකුට බාර දෙන්න පුළුවන්. දුවේ ඔයාට බුදු සරණයි.(ස)
අනාචාරයේ ගිය ප්‍රතිපලවලට අහිංසක ළමයි පලිද? කොතැනක හෝ වරදක් ඇතිවිය හැකිය යන දෙය?(ස)
දරු සෙනහසක් නැති අම්මෙක්. තව කෙනකුගේ උණුසුම හොයාගන යන්න ඇති. දරු පැටියට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමි. (නි)
දරුවා උපදින්නට ඉඩදී ඒ අම්මා ඒ දරුවා රෝහලේ දල ගිහින්. ඒ අම්ම ලබපු පින ඇති.(නදී)
කරුණාකර මට අවස්ථාවක් ලබා දෙන්න මේ අදහස් මේ ආකාරයෙන්ම පලකරන්න. දරුවා වැදූ මව මේ දරුවා දමා යන එක වරදක් නමුත් කාන්තාව මේ තත්වෙට පත් කලේ කවුද? අපේ රටේ අම්මන්ඩිල කියන දෙයක් තමයි අපේ පුතා හෝදලා ගෙට ගත්තහම පිරිසිදුයි කියලා. පළමුව කාන්තා අයිතිවාසිකම් කඩ කරන්නේ කාන්තාව විසින්මයි. දෙවනුව කාන්තාව මේ අසරණ තත්වයට වගකිව යුතු වන්නේ පිරිමින් බව මතක් කරමි. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන උදවිය පළමුව පවුල් සංස්ථාව තුල කාන්තාවට හිමි තැන අරක්ෂා කරගත යුතුයි. ඇයට සහයෝගය දීමට මෙවැනි පුරුෂයින් පසුබට නොවන බවද මතක් කරමි. එම කාන්තාවට මෙවැනි තත්වයක් උරුම කරදුන් යම් අයෙක් වීද ඔහුට හෝ ඇයට අයහට ශාප වේවි.(නදී)
මව් සෙනෙහස මේ තරම් පහත තත්වයකට වැටිලද කියල මට හිතා ගන්නත් බෑ. කොහොම වුනත් නොමරා දාලා ගිය එක ලොකු දෙයක්. (ස)
ඒ අම්මා මොන හේතුවක් මත මේ දරුවා දාලා ගියාද කියලා අපිට හිතන්න බෑ. නමුත් ඒ අම්මාට බිදක් හෝ දරු සෙනෙහසක් තියන කෙනෙක් බවනම් පෙනෙනවා. දරුවෙක් මේ විදිහට දාලා යන්න මව් ගුනය කොතනද පිරිහුනේ. දුවේ ඔයාට හොද අම්මා කෙනෙක්,තාත්තා කෙනෙක් ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. (නදී)
මට මේ ළමයාව අරගන්න මොනාද කරන්ඩ ඕනා.(නදී)
දිසානායක ඔබ හරියට හරි.ද රුවා බිහිවෙන්නේ අම්මගෙන් නිසා බොහෝ දෙනෙක් කතාකරන්නේ අම්ම ගැන විතරයි. මේකේ ප්‍රධාන භූමිකාව රඟන මිනිහව ඒ අයට අමතකයි. දැඩි දඬුවම් දෙන්න ඕනේ ඒ පුද්ගලයාටයි. (නදී)
එක දවසකට පමණක් සීමාවුණු සරුව පිත්තල කාන්තා දිනයක් සමරන අපේ රටේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කිරීමත් විහිළුවක්. ඒවගේම දැන දැන අමාරුවේ වැටෙන අය ගැනනම් අපට කණගාටුවක් නැහැ. අවුරුදු 13, 14, 15 ළමයි ගෙස්ට් හවුස්වලට රිංගන හැටි දැක්කහම ඇඟ හිරි වැටෙනවා.(නදී)
පුතේ අම්ම කොහේ හරි ඉදන් කවදා හරි එයි. එදාට උඹ සතුටින් හිනා වෙයන් ඔයාට බුදු සරණයි දුවේ.(නදී)
දරුවා, නුබේ අම්මා වෙන අම්මලාට වඩා හොදයි. නුඹට සැපෙන් සතුටෙන් ජීවත් වෙන්න වෙනත් තළහැකි දෙයක් නැති නිසායි ඔබව දමලා ගියේ.(නදී)
හෙද සොයුරියනේ, නුඹලා කරන පින් වලට කොහොම ස්තුති කරන්නද? අගය කරන්නේ මොන මිනුම් දණ්ඩකින්ද? (නි)
ගොඩක් අම්මල තාත්තලා ඉන්නව දරුවන් හදාගන්න කැමති. එහෙම කෙනෙක් එයි දරුවා ගන්න. අපිත් එහෙම අරගෙන තියෙනවා. ටික්කක් මහන්සිවෙන්න වෙනවා. උසාවියෙන් සහ පරිවාසෙන් අවසර ගන්න වෙනවා. එත් හොඳ දෙයකට මහන්සිඋනාට කමක් නැහැ. එක ලොකු පිනක්. (නදී)
මොන හිතකින්ද දාලා ගියේ? (නි)