අගතිගාමී ලෙස ඇති කැර ගත් පූර්ව නිගමන වලින් මිදෙන ලෙසත් තිස් වසරක යුද්ධයෙන් පසු ස්වශක්තියෙන් නැඟී සිටින ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි චෝදනා එල්ල නොකර මිත‍්‍රත්වයේ හස්තය දිගු කරන ලෙසත් මහින්ද රාජපක්ෂ ජනපති එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඈත රටවල සිටින ‘අපේ මිතුරන්ගෙන්’ ඉල්ලා සිටියේය. ලිච්ඡවී රජ දරුවන්හට ගෞතම බුදුන්වහන්සේ දෙසූ පරිදි මිත‍්‍රශීලිව රැස්වී, සාකච්ඡා කැර සුහදව, විසිරැයාමේ පිළිවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු කළයුතු ගුණාංගයක් බව ද ජනපති කීවේය. බලවත් රටවල් සිය ශක්තිය යුක්තිය හා සාධාරණත්වය අභිබවා නොයා යුතු යැයි ද දුර්වල රටවල ආරක්ෂාව සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව අවධානය යොමු කළ යුතු යැයි ද ජනපති අවධාරණය කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි ජනාධිපතිතුමනි!
ජනපති තුමාගේ ඉල්ලීම ඉතා කාලෝචිත සහ වැදගත් වේ. එලෙසම එතුමා ඇතුලු පාලක පක්‍ෂය ජාතික දේශපාලනයේ දී 'දුබලයා පෙළනු එපා' යන්න ප්‍රායෝගිකව පෙන්වන්නේ නම් කොතරම් වටී ද?
හොද අදහසක් හැමෝටම ඇස් ඇරෙන්න
ප්‍රකාශයක් වශයෙන් මෙය විශිෂ්ටය එඩිතරය.එහෙත් අප රට තුළ දුබලයන් පෙළිම නතරවන්නේ නම්, අප රටක් වශයෙන් එක්ව බලවතුනට මුහුණ දිය හැකිය.
අපි සැවොම ඔබතුමාට ණය ගැතියි
අපේ ජාතිය බේරා ගත් ඔබට තවත් ශක්තිය ලැබේවා. ඔබට දීර්ඝා යුෂ ලැබේවා! අපි ඔබට සදා නය ගැතියි. ඔබට තෙරුවන් සරණයි.(නදී)
දැන්වත් ජනාධිපති තුමා ගැන හිතල එතුමා දිනවන්න කටයුතු කරන්න. එතුමගේ කතාව ඇත්ත (නදී)