IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


"දේපොළ පනත අවනීතියක්”

කොටි සංවිධානයේ සිටි කුමරන් පද්මනාදන් සතු දේපොළ රාජ සන්තක නොකර ඒ වෙනුවට සිංහල ව්‍යාපාරිකයින්ගේ දේපොළ රාජසන්තක කිරීමේ අවනීතිය රජ කර වීමට ඉඩ නොතබන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ සේදවත්තේ දී පැවැසීය. අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට යන පනත යටතේ විශාල ලෙස ලාභ උපයන සිංහල ව්‍යාපාර රජයට පවරා ගනිමින් සිංහල ව්‍යාපාරික ප‍්‍රජාවට පහරදී ශ්‍රී ලංකාව ලෝකයේ තව තවත් පහළට ඇද දැමීමේ පාප කර්මයෙන් වැළකී සිටීමට ආණ්ඩුව ක‍්‍රියා කළ යුතු යැයිද මේ පනත සංශෝධනය කරමින් එසේ ක‍්‍රියා නොකළහොත් ඊට එරෙහිව ජනතාව සමග එක්ව ඉදිරි පියවර ගන්නේ යැයිද හේ සහතික විය. දයා ගමගේ මහතාගේ සෙවනගල සීනි සමාගමත්, හැරී ජයවර්ධන මහතාගේ පැලවත්ත සීනි සමාගමත්, රවි වෙත්තසිංහ මහතාගේ ලංකා ට‍්‍රැක්ටර්ස් සමාගමත් අපේ රටට සම්පතක් වුවත් එම සමාගම්ද රජයට ගැනීමට යනවා. සිංහල ව්‍යාපාරික ප‍්‍රජාව ඉතාම ඉහළ ආර්ථික මට්ටමක සිටියත් අවාසනාවකට මෙන් 1956 සිට ඔවුන්ගේ වත්කම් සියල්ල අහිමි වීම ආරම්භ වුණා. මේ ව්‍යාපාරිකයින් අතරින් බහුතරය එක්සත් ජාතික පක්ෂයට සහය දෙනවා යැයි කියමින් එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා සිය පාලනය යටතේ බස් ව්‍යාපාරය ජනසතු කළා. පසුව සිලොන් ඉන්ෂුවරන්ස් ඇතුළු රක්ෂණ සමාගම් සියල්ලම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය යටතේ ජන සතු කළා. ලේක්හවුස් ආයතනය රජයට පවරාගත් අතර දවස පත්තර කාර්යාලය වසා දැමුවා.



අදහස් (0)

"දේපොළ පනත අවනීතියක්”

රත්න ජයම්පති Sunday, 06 November 2011 04:58 PM

මෙයා ආයෙත් හදන්නේ ලොක්කා එක්ක "තේ" බොන්න වගේ.

:       0       0

Chinthaka Monday, 07 November 2011 09:18 AM

අන්තිමේදී රනිල් ගේ කට සිංහලයන් වෙනුවෙනුත් ඇරෙයි. ජය වේවා ! අපි දකින්නේ හීනයක් ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site