දිර්ඝ කාලයක් තිස්සේ නඩු නැතිව අත්අඩංගුවේ පසුවන කොටි සැකකරුවන් තිස් දෙදෙනෙකු නොවැම්බර් 9 වැනි දා (දිපවාලියට පෙර) මුදා හරින බවත් දෙවැනි කාණ්ඩයේ තිස්දෙනෙකු නොවැම්බර් 20 වැනි දා මුදා හැරිමට නියමිත බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
සෙසු සැකකරුවන් මුදා හැරිම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන බව ඔහු පවසයි.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමාට අපහාස කළැයි ප්‍රජාත්‍රන්තවාදි පක්ෂයේ නායක ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කරන බව ඇමැති සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් මෙහෙම සිද්ධවෙන බව ඒ දවස් වල ඔලුවෙන් හිටගෙන කිව්වත් හුග දෙනෙකුට තේරුෙණ් නෑ. සමහරුන්ට තවම තේරෙන්නෙ නෑ. තේරුනත් නෑ වගේ ඉන්න අයට නම් කවදාවත්ම තේරෙන්නෙ නෑ. (ම)
දැන් කට්ටියට මොකද හිතෙන්නේ? අපිට වෙන අහන්න දෙයක් නැහැ (නි)
උපාලි කොඩිකාර පොඩි සිද්ධීයකට රිමාන්ඩ් එකේ. කෝටි සැකකරුවෝ නිදහස් !!! (ම)
දැන් අපට ඇත්තේ බලාගෙන සිටීම පමණි. මේ සියලුම දේවල් අපි නම් කිව්වා ජනවාරි 8 වෙනිදාට කලින්. දැන් කෝච්චිය ගිහිල්ලා. අපි බලාගෙන ඉඳිමු. (නි)
සැමට මුල අමතකද කියා සිතේ (නි)
තිස්ස කියන දේ හරි (නි)
මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ (නි)
අනේ වාසනාවන්! (නි)
තිස්ස, හිටපු කොටින්ගේ නියම වැඩ දැක්කේ, ඒවා මතක තියෙන්නේ දැන් වයස අවුරුදු 40 වත් ඉක්මවූ අය පමණයි. අනිත් අය කියන්නේ අහපු දේවල් විතරයි. ඒකයි මෙතන ඇති ප්‍රශ්නය. (නි)
එයාලා නිකරුනේ හිරේ ඉන්නවා නම් ඉතින් එයාලගේ පැත්තෙනුත් අපි සිතාබලන්න ඕනෑ තමයි (නි)
මේ අය සැකකරුවන් පමණක් බව සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගතයුතුය. (නි)
මොනවා වෙන්න යනවද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
මේ අය වරදක් කර නැත්නම් නිදහස් කිරීමේ වැරැද්දක් නැහැ (නි)
අපි මේ දෙස සාධාරණව බලමු (නි)
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. (ර)
ඒ ඔක්කොම නිදහස් කරලා අපි ඇතුළට දාන්න. (නි)
මේ පාර ඔවුන්ට දිපවලියට ගෙදර ඉන්න පුළුවන් වෙයි. (ර)
මේ අය කොහමද අහිංසක වෙන්නේ. දැන් ඉතින් අපි මොනා කරන්නද.? (ර)
එහෙනම් ආයිමත් බස් එකකට ගොඩවෙන්න වෙන්නේ බෝම්බ එහෙම තියේවිද කියා මරණ බයෙන් තමයි. (අ)
ඇමතිවරු 4 දෙනෙක් අපට විස්වාස ණෑ. 3 එජාපයේ 1 ශ්‍රී-ලංකා. (අ)
සම්බන්ධන්ට සතුටු ඇති මේ වගේම අපේ සිංහල සිරකරුවන් ගැනත් හිතන්නකෝ ඇයි එයාලා ගැන අනුකම්පාවක් නැද්ද එයාලා මිනිස්සු නෙවෙයිද (බ)
මොවුන් කොටි සැකකරුවන් ලෙස සිරගත වුයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති යක්ෂයාගේ ඊලම් සිහිනයේ හවුල්කරුවන් වීම නිසා බව කියන්න කිසිවෙක් නැද්ද ? ඇයි මොවුන්ව මුකුත් නොකරපු අහිංසක පුස් පැටව් කියලා ලෝකයට පෙන්නන්න හදන්නේ ? (අ)
හොර සුද්දන්ටයි මිනි මරුවන්ටයි දීලා රට කපල්ලකෝ බලන්ට ශ්‍රී ලංකාවට විනාශයක් කළු සුද්දන් විසින් කළොත් "ප්‍රංස අන්තිම විප්ලව හා සමානව "ලංකාවේ තරුණයෝ එකමුතුවී වින කළ කළු සුද්දන්ව ගෝල්පේස් ජැටිය උඩ තබා වෙඩි තැබිය යුතුයි (බ)
60 % අලි මි හරකුන්ගේ පිහිටෙන් බලයට ආ පලියට ලංකාවේ අනාගතේ අදුරට ඇද දැමුවොත් කළු සුද්දෝ ඉදිරියේදී එයට වන්දි ගෙවිය යුතු යයි මගේ මතයයි (බ)
මොනවත්ම කියන්න දෙයක් නෑ මට ? මොකද යහපාලනය (ම)
එතකොට අර මරණ දඩුවම දුන්න හමුදාවේ රණවිරුවා සුනිල් රත්නායක මහතාට මොකද කරන්නේ. (ම)
රටට මොනවා වුණත් කමක් නැ කොටි සේරම නිදහස් කරලා උන් එක්කම රට පාලනය කරපන් මුන්ට ඕනේ . දැන්වත් රටම පෙළ ගැහෙන්න රට බේරගන්න. (ම)
යුද්ධයේ අවසානයක් දැක රට නිදහස් මාවතක් කරා ගමන් කිරීමට උත්සාහ කරනවාත් සමගම රට තුළ සිටින කළු සුද්දන් විසින් 1971 සිදු වුවා සේ නැවතත් සිවිල් යුද්ධයක් බිහි කිරීමට මංපෙත් සලසන ආකාරය කවුරුත් හොඳින් බලාගනු මැනව.(ම)
අධිකරන ඇමති ස්තූතියි. ඔබෙ පරම්පරාව නිදහස් කරන්න. අපේ පරපුර 120ක් බන්ධනාගාරගත කරන්න. යහපාලනය කරන්න. ඒ 120ට මහින්ද සමග යුද්ධයට අණ දීපු අපේ වීරයෝ ටික දාන්න. ඔබට ජයවේවා ! (බ)
මෙහෙමයි මිනිසාට මුලික අයිතිවාසිකමක් තියනවා අයුතු ලෙස සිරබාරයේ රැදි සිටිෙමන් වැළකීමේ නිදහස. මෙයාල වරදක් කරලා නැත්තම් නිදහසේ ජිවත් වීමට අයිතියක් දිය යුතුයි. හැබැයි වැරදි නැත්තම් විතරක් (ම)