IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දෙපිලේම වේග පන්දු යවන්නෝ තරගය පාලනය කිරීමට සැරසෙති

සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 63 කට කඩුලූ 4 ක් දවාගත් තිසර පෙරේරාගේ පන්දු යැවීම නිසා මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ඊයේ (8 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පාකිස්තානු පිල ලකුණු 226 කට දවාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. එහෙත් සිවුවැනි  ඕවරයේදී දිනේෂ් චන්දිමාල් සහ කුමාර් සංගක්කාර දෙදෙනාම පිටියෙන් ඉවත් කළ ජුනයිඞ් ඛාන් පාකිස්තානු පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේය. ඊයේ සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 44 ක් ලබා තරමක අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියේය. තරගයෙන් පසුව කී‍්‍රඩකයන් කළ අදහස් දැක්වීම් අනුව අද දිනයේ පළමු හෝරාව දෙපිලටම ඉතාමත් තීරණාත්මකය. තිසර පෙරේරා පැවසුවේ තරගයේ වාසිය ශී‍්‍ර ලංකා පිල වෙත හරවා ගැනීමට නම හොඳ කඩුලූ අතර සම්බන්ධතාවක් හෝ දෙකක් සමගින් කෙසේ හෝ පාකිස්තානු පිලේ ලකුණු 226 ඉක්මවා යා යුතු බවයි. ”මේ තරගයේදී වේග පන්දු යවන්නන්ට ඉතාමත් වාසිදායක තත්ත්වයක් තිබෙනවා. අප ඒ ගැන අවධානය යොමු කළ යුතුයි” යයිද තිසර පැවසීය. මීට පෙර ටෙස්ට් තරග 5 කට කී‍්‍රඩා කර ඇතත් මවුබිමේදී පළමු වැනි ටෙස්ට් තරගයට සහභාගි වන තිසර පෙරේරා සිය පළමු  ඕවරයේදී ලකුණු 10 ක් තිළිණ කළේය. එහෙත් දෙවැනි  ඕවරයේ සිට පන්දුව හොඳින් පාලනය කළ පෙරේරා, එතැන් සිට  ඕවර 8 කදී ලකුණු 21 ක් පමණක් දෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය. දිවා ආහාරයෙන් පසුව නැවත වතාවක් හොඳ පන්දු යැවීමක නිරත වූ 22 හැවිරිදි මඳ වේග පන්දු යවන්නා විසින් මිස්බා උල් හක් ලකුණු 40 කට දවාගනු ලැබුවේ පාකිස්තානු නායකයා දිගු ඉනිමක් සඳහා සූදානම් වන අවස්ථාවකදීය. මිස්බා සහ අසාඞ් ෂෆීක් ඒ වන විටත් 5 වැනි කඩුල්ල වෙනුවන් ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. කෙසේ වෙතත් සෙසු පන්දු යවන්නන්ගේ දක්‍ෂතා නිසා කඩුලූ 5 ක් දවාගැනීමේ මාහැගි අවස්ථාවක් තිසර පෙරේරා වෙතින් මග හැරී ගියේය. ටෙස්ට් තරගාවලියේදී පිට පිටම තුන්වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානු පිලට පැවරීමෙන් වේලාසනින්ම පාකිස්තානු ඉනිමේ කොඳු නාරටිය බිඳ දැමීය. ඒ සඳහා නුවන් කුලසේකර සහ තිසර පෙරේරා දෙදෙනා කඩුල්ලේ දෙපසින් එක දිගට  ඕවර 20 ක් යවමින් ශී‍්‍ර ලංකා නායකයාට විශාල සහයෝගයක් දුන්හ. පෙරේරා දවාගත් පිතිකරුවන් තිදෙනා අතර එස්. එස්. සී. ටෙස්ට් තරගයේදී ශතක ලබාගත් මොහොමඞ් හෆීස් සහ අසාර් අලි දෙදෙනාද මෙන්ම පාකිස්තානු නායකයාද වූහ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ වඩාත්ම පළපුරුදු පන්දු යවන්නා වන දිල්හාර ප‍්‍රනාන්දු ඊයේ  ඕවර 12 ක් යවමින් ලකුණු 48 ක් තිළිණ කළ නමුත් එකම කඩුල්ලක් වත් දවාගැනීමට අපොහොසත් විය. මෙය දිල්හාර ප‍්‍රනාන්දුගේ 17 වැනි පුනරාගමනය වන අතර මේ වන විට ටෙස්ට් තරග 39 කට සහභාගි වී සිටින වේග පන්දු යවන්නා මෙතෙක් දවාගෙන ඇත්තේ කඩුලූ 97 ක් පමණි. වේග පන්දු යවන්නන්ට ඉතාමත් හිතකර තත්ත්වයන් යටතේ වුවද දිල්හාර ඊයේ පන්දු යැවීමට පැමිණියේ රංගන හේරත්ටත් පසුවය. පළමු ටෙස්ට් තරග දෙකේදීම ශතක ලබාගත් ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සිය දියණියන් දෙදෙනාම රෝගාතුරව රෝහල් ගත කර සිටීම නිසා මෙම තරගයට කී‍්‍රඩා කිරීමෙන් ඉවත් වී තිබේ. ඒ වෙනුවට ආරම්භක පිතිකරු භූමිකාව බාරගත් දිනේෂ් චන්දිමාල්ට ලබාගත හැකිවූයේ ලකුණු 8 ක් පමණි. සුරාජ් රන්දිව් සහ නුවන් ප‍්‍රදීප් වෙනුවට තිසර පෙරේරා සහ දිල්හාර ප‍්‍රනාන්දු මෙම තරගයට කැඳවා තිබේ. තරගය අද (9 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය. තිසර පෙරේරා කඩුල්ලක් දවාගැනීමේ පී‍්‍රතියෙන් ඉපිළී යමින්..... ඡායාරූපය : ශාන්ත රත්නායක



අදහස් (0)

දෙපිලේම වේග පන්දු යවන්නෝ තරගය පාලනය කිරීමට සැරසෙති

වාසල Monday, 09 July 2012 12:42 PM

සංගට පන්දු යැවුවේ සංගමද?

:       0       0

ෆාරු Monday, 09 July 2012 12:00 PM

කෝ අර දිල්හාර ???....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site