ගලේවෙල කොස්ගහහින්න පදිංචි ආර්.එම් .ලොකුබණ්ඩා (40) සිව්දරු පියෙකි. රැකියාව පොල් කැඩීමයි.
මීට වසර කීපයකට පෙර ගසකින් වැටීමෙන් අත කැඩී ඇති ඔහුගේ පුතුන් දෙදෙනා මහණ දම් පුරති.
දියණිය 9 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. කටුමැටි ගැසූ එක් කාමරයක ජීවත් වන මෙම පවුලට ජීවත් වීමට මුදල් සොයා ගැනීම සඳහා ලොකුබණ්ඩා ගේ බිරිඳ ඉන්ද්‍රානි කුමාරි රට රැකියාවකට පිටත්වීමට තීරණය කළාය. ඇය ගලේවෙල රන්වදියාව විදේශ රැකියා උප නියෝජිතවරයකු ගේ බසට රැවටී ආගමන විගමන නීති උල්ලංගනය කරමින් සංචාරක විසා මගින් කුවේට් ගියාය.
එහෙත් දැන් ඇයට එරට රැකියා නියෝජිත කාර්යාලයේ සිරකාරියක වී දින ගණන් වලට අලෙවි වීමට සිදුව ඇතැයි කියති.
ඇයට පහරදී සිරකර තබා සිටින බව ඇය නිවසට දැනුම් දී ඇත.ලොකු බණ්ඩා බිරිඳ ගෙන්වා ගැනීමට ගත් උත්සාහයද අසාර්ථක වී ඇත. රැකියා නියෝජිතයා සොයාගන්නටවත් නැත. ඔහු නැවතත් කැඩුණු අතින් අමාරුවෙන් පොල්ගස් බඩගා දරුවන්ට වේලක් හැර වේලක් කන්නට දෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දුරකතන අංකයක් දෙන්න පුලුවන් නම් හොඳයි (නි)
කරුණාකර දුරකථන අංකයක් ලබාදෙන්න (නි)
මෙවැනි පුල් වලට තමා පිළිසරණක් වෙන්න ඕනි බැරිද මේ ආණ්ඩු වෙන් කීයක් හරි දෙන්න.(ම)
මේ පොඩි කෙලී වෙන්න ඇති ගෙදර හැම වැඩක්ම කරනවා ඇත්තේ. පුළුවන් කෙනෙක් උදව් කරන්න හැබැයි තාවකාලික විසදුම් දීල සතුටුවෙන්න එපා. මේ දරුවන්ට දිගුකාලීන සහනයක් කරන්න බලන්න. මේ කෙලී දවසක දොස්තර වරියක් වුනොත්? මොන තරම් ආඩම්බරයක්ද උදව් කරපු අයට. වාසනාවන්ත පෙනුමක් ඇති දරුවෙක් (බ)
මැද පෙරදිකට කාන්තාවන් යවන්නම ඉතා නරකයි. මේක පළමු සිද්ධියත් නොවෙයි, අවසානාත් නොවෙයි. රට යන කාන්තාවන්ගේ ප්‍රශ්නවලට රටතුලම විසඳිය යුතුයි. ඇමතිවරුන් කෝටි ගණන් වටිනා වාහන ගෙන්වා ගන්නෙක නතරකරලා, මේකට උදව් කළ යුතුයි. (බ)
දේශපාලකයිනි, මේ අහිංසකයින් කියන හදවත රිදුම්දෙන කඳුළු කතාවට ඇහුම්කන් දෙන්න. අපි සංවිධානාත්මකව මැතිහත් වෙමු නිවසක්, සහ ජීවත්වීමට අවශ්‍ය දෑ දෙන්න. (ත)
ජයවික්‍රම මහත්තයා හරි. අපි සංවිධානාත්මකව මැදිහත් වෙමු. (ත)
මේවා අහන්න දකින්න අපේ ඇස් දෙක පව්කාරයිි ඇමතිිවරැනිි ඇස් දෙක ඇර බලව් මේ මිනිසුන් දෙස (රේ)
කරුණාකර ගිණුම් විස්තර පලකරන්න. (රේ්)
ඉස්සර රනිල් : අපේ රටේ කාන්තාවන් මැදපෙරදිග යැවීම නතර කළ යුතුයි දැන් රනිල් : ඇහුනේ නැහැ ඉස්සර නාමල් : ඇහෙන්නේ නැහැ දැන් නාමල් : අපේ කාන්තා පරපුර ,මද පෙරදිග විඳින දුක් කරදර නැති කරන්න මේ රජයට වැඩ පිළිවෙලක් නැහැ ජහමනයා : අපි හැමදාම මෙයාලට රැවටෙමු ! (ම)
කරුණ කරලා ලිපිනය බැන්කුවේ නම ගිණුම් අංකය එවන්න (රේ)
කරුණාකරලා ගිණුම් අංකය දන්වන්න. (ර)
කරුණාකර දුරකථන අංකය හෝ ලිපිනය ලබාදෙන්න (නි)
අහෝ මේ ජීවිත වල වටිනාකම දැනෙන්නේ කාටද?(රේ)
මම කැමතියි මේ දරුවන්ට පාසල් යාමට උදව් කරන්න. විස්තර දන්වන්න කාරුණික ලංකාදීපය..! (නි)
බැංකු ගිණුමක විස්තර දැම්මා නම් අපිටත් උදවු කරන්න පුළුවන්. ඒක ලොකු පිනක්. මොකද අපි විනෝද වෙන්න ගොඩක් සල්ලි නාස්ති කරන නිසා (නි)
කෝ මේ අපේ මේ පිළිබඳ සොයාබැලූ මන්ත්‍රීවරු? (නි)
මන්ත්‍රීවරු නිදි දර්ශන. ලංකාදීපයට ස්තුතියි (නි)
බැංකු ගිණුම් දන්වන්න පුලුවන් නම් හොඳයි (නි)
බොහෝ දෙනෙක් මේ අසරණ පවුලට උදව් කරාවි.අකාරුණික ලොවේ කාරුණික මිනිසුනුත් ඉන්නවානේ. (නි)
කෝ අර අපේ ඇමති නෝනා? (නි)
ග්‍රාම නිලධාරියාගේ විස්තර ඇත්නම් ගොඩාක් හොඳයි (නි)
ලංකාවේ මේ දුප්පත්කමට විසඳුමක් හොයමු. (නි)
හෆීල්,කවුරුත් කරන්නෙත් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් තමන්ගේ සුඛවිහරණයට වියදම් කිරීමයි.රටේ මිනිස්සු මොනතරම් නම් දුක් විඳිනවද?වේල් 3 කන්න අඳින්න නැති අසරණ දරුවන් මොනතරම් ලංකාවේ ඉන්නවද? නිල්/කොළ බේදයෙන් තොරව මහජන මුදල් ගසාකන්නවුන් නම් ඊළඟ ආත්මයේදී කොහොම උපදියිද දන්නෙ නැහැ (නි)
මමත් කැමතියි උදවු කරන්න (නි)
මොවුන්ව සම්බන්ධ කර ගැනීමට පුළුවන් ක්‍රමයක් කියන්න. (නි)
එක එක සේනාවන්ට මේවා පේන්නේ නැතිද? (ත)
ඔන්න කරනවා නම් හරි වැඩක් විදේශ සේවා එකට. ගෙන්වලා දෙන්න කිවුවොත් දැන් කියයි "නීතිවිරෝධී විදිහට ගිහින් තියෙන්නේ කියලා". අපෙන් බියුරෝ එක ගන්න විතරයි දන්නේ හරියටම. (නි)
මැති ඇමතිවරු ජිවත් වෙන්නේ මෙවැනි අහිංසකයින්ගේ ලෙයින් කදුලින්. (ර)
විදෙස් රැකියා ඇමති - බලනු රට විරුවන්ට උන වින. (ර)
මෙවැනි පව්ල් බොහොමයක් ලංකාවේ පවතිනවා අධිවේගී මාර්ග, වරාය නගර, ගුවන් තොටුපළවල් හැදුවට එවයෙන් ප්‍රයෝජනයක් ම්ගොල්ලන්ට තියෙනවද.? මෙවැනි අන්ත දිළිඳු පව්ල් නගා සිටුවීමට රජයකට වගකීමක් තිබේ. මැති ඇමතිවරු අධික ලෙස සැප සම්පත් ළගා කර ගනිද්ධි. මෙවැනි අය අන්ත දුක්ඛිතව ජීවත් වීම අසාධාරණය. සමස්ත මහජනයා ගෙන් ලබා ගන්න බදු මුදලින් ඔවූන් ගේ ජීවන තත්වය උසස් කල යුතුයි. (ර)
මේ වගේ අසරනයන්ට උදව් කරන්න. කතාකරන්නෙ සින්හල ජාතිය නගා සිටවන්න. හෑබෑයි එකෙක් මේ වගේ මිනිස්සුන්ට උදව්වක් කරන්නෙ නෑ. (ර)