පොදු ජනතාව මත බදු වැඩි කිරිමට රජයේ කිසිම ආර්ථික විශේෂඥයකුට ඉඩ නොදෙන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුව බුද්ධි මණ්පයේ දී අද (18) ප්‍රකාශ කළේය. වැට් බදු මගින් ජනතාවට බදු බර දමන්නට ඇති ඇතැම් පුවත්පත් වල පළ වුණා. පොදු ජනතාවගේ දුක නොතේරෙන ඇතැම් ආර්ථික විශේෂඥයන් සිටින බවත් මා දන්නවා.
ඔය කිසිවෙකුට ඕනෑ විදියට වැඩ කරන්න දෙන්නේ නෑ. මම බලන්නේ හැම වේලාවේ ම දුප්පතාට සහන සලසන්නයි. නැති බැරි මිනිහාගේ ආර්ථිකය දියුණූ කරන්නයි.දුප්පතාගේ දුක නොතේරෙන ආර්ථික විශේෂඥයන් රජයේ වැඩට හවුල් කර ගන්නේ නැහැ.එවැනි අය ගෙදර යවනවා.ජනතා ප්‍රශ්න තේරුම් ගෙන වැඩ කිරිමට දේශපාලඥයාත් ,ආර්ථීක විශේෂඥයාත් සුදානම් විය යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ .බලාගෙන රනිල් ඉක්මනටම ගෙදර යවන්න ලෑස්ති කරාවී.හැමදේම දකින්නේ පත්තරෙන් වගේ (බ)
මෙව තීරනය කරනකොට හිටියෙ කොහෙද මෙයා නොදැන කැබැනට් තිරණ ගන්න බෑ. එතකොටම විරුද්ධ වුනානම් ඉවරයිනේ (ම)
ඔබතුමාගේ කතාවෙන් පෙනෙනවා ඔබතුමා බදු ගැන තිබෙන අවබෝධයේ තරම (ම)
ඔබතුමා, මෙතුමා, මොකක්ද මේ ගරු නම්බු දීගෙන කරන කතාව? අපේ රටේ මිනිස්සුන්ගේ දීනකම තමා මෙයිනුත් පෙන්නේ . ඔය කොයි කාටත් මහතා කියා කියන්න, මොකද මේගොල්ලෝ සත් ගුණවත් කට්ටිය නොවෙයි, කට ඇරියොත් බොරු කියන කපටි වංචනිකයෝ. (බ)
මේ ජනපතිතුමා කියන දේ අනිත් පැත්තම තමයි වෙන්නේ. වැට් එක්ක හැම බඩුවකම මිල ඉහල යනවා මහත්තයෝ. ඒ ඒක වක්‍ර බද්දක් හින්ද.(අ)
නියමයි ජනාධිපතිතුමනි ඔන්න ඔහොමනෙ ඉන්න ඕනේ. (අ)
ඔබතුමා හොඳයි තමයි. ඒත් සමහර තීන්දු තීරණ ගන්නේ තනිවම නෙමෙයි නේද? ඒවා පත්තරෙන් දැකලා හරියන්නේ නැහැ. විමර්ශනශීලිව කටයුතු කරන්න. (නි)
නියමයි ජනපති තුමනි මිනිසුන්ගේ කරපිට බදු බර පටවන්නේ නැතුව පොකට් එකට විද්දම හරි .(ම)
මෙතුමා මේවා දන්නේ නැද්ද? කමක් නැහැ. පත්තරේ බලලාවත් කියන්නකෝ. (නි)
මිනිසුනේ, දැන් ඉතින් මුහුදට පනින්න තමයි ඉතුරුවෙලා තියෙන්නේ (නි)
පොදු ජනතාවගේ දුක නොතේරෙන ඇතැම් ආර්ථික විශේෂඥයන් කියන්නේ කාටද?දුප්පතාගේ දුක නොතේරෙන ආර්ථික විශේෂඥයන් රජයේ වැඩට හවුල් කරගන්නේ නැහැ. එවැනි අය ගෙදර යවනවා. (නි)
කතා විතරක් නම් වැඩක් නැහැ (නි)
බදු ගැහුවට පස්සේ පත්තරෙන්ද දැනගන්නේ? (නි)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. (නි)
කියවන එක විතරයි. වෙන දෙයක් වෙන්නේ නැහැනේ. අනේ මන්දා අපේ රටට ගිය කලක් (නි)
මමත් නයනගේ කතාව එක්ක 100%ක් එකඟයි. (නි)
වැඩිවන ඇමතිවරු නඩත්තු කිරීම, ඉහළ යන මන්ත්‍රී වරප්‍රසාද ලබාදීම, සහන සේවා ඇතුළු බොහෝ දේ වෙනුවෙන් බදු වැඩි නොකර ණය මඟින් ජනතාව සතුටු කරන පාලකයන් නැවත පොළී සමඟ ණය බර පටවන්නෙත් ජනතාවටමය. මෙය අපි කවදත් දැක ඇත්තෙමු. ජනතාවගේ යම් කැපකිරීමක් සමඟ අවංක දේශපාලන නායකත්වයක් සහ සැළසුම්සහගත ආර්ථික ගමනක් ශ්‍රී ලංකාවට තවමත් සිහිනයකි. පක්ෂයක පැවැත්ම, පුද්ගලයන්ගේ පැවැත්ම සිතන දේශපාලන සංස්කෘතිය රටේ අවාසනාවකි. (නි)
බදු වැඩිකරලා කියලා දැකලා තියෙන්නෙත් පත්තරේක තිබිලද? (නි)
ඔබතුමාගේ කතාව අපි අගය කරමු. (නි)
උපාලි, ඔයා රටේ මිනිසුන්ගෙන් අහලා බලන්නකෝ වෙනස සැපද කියා. (නි)
කොහොම කිවුවත් රට අවුල් ජාලයක් වගෙයි අපිට නම් හිතෙන්නේ (නි)
ජනපති තුමනි - කවුරු මොන කිව්වත් එකතු කල අගය මත බද්ද ගෙවනු ලබන්නේ අවසන් පරිභෝගිකයායි. ඔබ තුමාට කිසිවෙකු මේ සම්බන්ධයෙන් වැරදි උපදෙසක් දී ඇති බව පෙනේ (ම)
අයවැය ඉදිරිපත් කරද්දී එකක් කිව්වා. අගමැති පාර්ලිමේන්තුවේ තව එකක් කිව්වා. ඔබතුමා තව වෙනම කතාවක් කියනවා. කිසිම සැලැස්මකට වැඩක් නෑ (ම)
මමනම් ඉගෙනෙගෙන තියෙන්නේ පාරිභෝගික භාණ්ඩ මත පැනවෙන බද්ද මිලට එකතු කරනවා විනා වෙළෙන්දා විසින් නොදරන බව. (කෞ)
1970 -77 කාලයේ සිරිමාවෝ මැතිනිය කිව්වෙත් ඔය දේමයි .නමුත් කලේ වෙන දෙයක් .77 මැතිවරණයේ 5/6 යු එන් පී ජයග්‍රහණයට පාදක උනේ ඕකයි . (කෞ)
මැයි මාසේ වැඩි කරන වැට් බදු එතාකොට කගේ පිටටද වැටෙන්නේ(කෞ)
චන්ද්‍රිකා මැතිනිය පාන් ගෙඩිය දුන්නේ රුපියල් 3.50 ට. මහින්ද බඩු මිල අහස උසට නැග්ගුවා. ඒක අඩුකරලා දෙනවා කියලා බලය ගත්ත යහපාලනයෙන් නම් තාම එහෙම සලකුණක්වත් නැහැ. උද්දමනය 7% ගානේ තිබ්බත් අවුරුදු 20 ට වැඩිවෙන්න ඕනෑ උපරිම 140% යි. ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියල් 8.40 කට වඩා වැඩි වෙන්න බැහැ. පොඩ්ඩක් හිතලා බලන්න පාන් ගෙඩිය අද කීයද කියලා. (නි)
ඔය කිව්වට හිමින් සැරේ බදු වැඩි කරලා ජනාධිපතිතුමා කියයි මන් දැක්කෙත් පත්තරෙන් කියලා.(ම)
එතකොට දුප්පතුන් වැඩි කළ බදු ගෙවන්නේ නැතිද ?(ම)
ජනාදිපති තුමනි , අනගිබවනිය අදහස් පෙළක්, ඔබ සහ අගමැති තුමා ගැන ජාති, ආගම බේද තොරව බහුතරයක් ශ්‍රී ලංකික ජනතාව විශ්වාසය තබා ඇත , එය ඉටු කිරීම ඔබගේ වගකීමකි ,(ම)
ඔබතුමා කියනවා විතරයි. එ්ත් වැඩ නැහැනේ. (නි)
මේවානම් විහිළු කතා. අධ්‍යාපන, සෞඛ්‍ය, දුරකථන ඇතුළු සේවා මෙන්ම ෆුඩ් සිටියේ බිල දක්වා මේ වැට් අදාලයි. (ම)
වැටි එක 11% - 15% දක්වා වැඩි කරනවා. මෙච්චරකල් බදු අය නොකළ අධ්‍යාපනයට වගේම සෞඛ්‍යයටත් මේ බද්ද එකතු කරලා. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය ලබාගන්නේ රටේ දුප්පත් ලෙස සැළකෙන ජන කොටසයි. සමහරවිට ජනාධිපතිතුමාට මේ ගැන හරි වැටහීමක් නැතුවාවද්ද? නැත්නම් එතුමා රටවැසියන්ගේ දැනුම ගැන කෙසේ සිතනවාද? (නි)
මෙතුමා රටේ වෙනදේවල් දන්නේ පත්තරෙන්ද? ඕකට කැබිනට් අනුමැතියත් ලැබිලානේ තියෙන්නේ (නි)
සහතික ඇත්ත. වැට් බද්ද වැඩිකිරීම කළේ පොදු ජනතාවට සහනයක් දීමටයි. අනේ වාසනාවන්! (නි)
මෙච්චර වැඩ කරපු රජයක් කලින් ඉඳලම නැහැ (නි)
වැට් බදු වැඩිකළාම ජනතාවට නම් ඒ බර දැනෙනවා. (නි)
හරියටම තේරුණා මදි ... ඔබ තුමා කියන කතාව. එතකොට දැන් ටැක්ස් වෙනස් වෙන්නේ නැද්ද (බ)
ජනාධිපති තුමා දුප්පතාගේ දුක හදුනන නිසා යහපාලන ආණ්ඩුවේ සමහර ධනපතියන්ට හිසේරදය මහින්ද ගෝලයන්ටත් කරදර හොරුන්ට කිසිවක් කර ගන්න බැහැ සැලසුම් කපෝති (බ)
කියලා විතරක් නම් වැඩක් නැහැ. කරලම පෙන්වන්න (නි)
කටින් තමයි ඔක්කොම බතල කොල හිටවන්නේ. මෙතුමා දන්නේ නැද්ද වැට් එක දැනටම වැඩි කරලා කියලා. (නි)
ඔව් සහන සලසල තියෙන්නේ වී රු 50 ගන්නවනේ.පස්සේ කියයි මම දැක්කෙත් පත්තරෙන් කියල. (බ)
දුප්පතුන් හිටියේ මහින්දගේ කාලේ දැන් හිගන්නෝ ඉන්නේ (බ)
බොරු කියන්න දේශපාලකයින්ට ලැජ්ජා නැහැ. දැන් යහපාලනේ යල්පැනලා (නි)
කරුණාකර ජනතාව රැවටීමෙන් වළකින්න. කැබිනට් තීරණ අනුමත කරන්නේ කවුද එතකොට? කාවද මේ රවටන්නේ? (නි)
හැමදාම ඔබතුම කියනවා අපිත් අහනවා නමුත් සිද්ධ වෙන්නේ හාත්පසින්ම වෙන දෙයක් ,(අ)
ඒක හොඳයි. ඉස්සර හිටිය ලොක්කට දකුණු අත වගේ හිටපු විශෙෂඥයෙක් මහා භාණ්ඩාගාරය පැත්තේ හිටිය. බොහොම අමාරුවෙන් උන්නැහේ එලියට යැව්වත් ආයෙත් ගෙන්න ගන්න ලොක්ක සැහෙන්න වලි කෑව. ඒ වගේ කට්ටිය ඔබ තුමාවත් විනාශ කරයි, පරිස්සමෙන්!(අ)