කෑන් යනු ගිණිකොන දිග ප‍්‍රංශයේ දර්ශනීය මධ්‍යධරණී මුහුදු තීරයට මුහුණලා පිහිටි නගරයකි. එහි නගරවැසියෝ නගර සභාවක් හා සම පාලන බලතල අයත් පාලනාධිකාරියකට යටත් වෙති.
තත්කාලීන යුගයේ කෑන්හි අභිමානයට හේතුවී තිබෙන්නේ වසරක් පාසා පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලයි. ඉංග‍්‍රීසි බසින් කෑන් සිනමා උළෙල ලෙස හැදින්වෙන එය ලොව පැවැත්වෙන සිනමා උළෙල අතරින් උසස්ම සිනමා උළෙලක් ලෙසද සැළකේ. මෙම සිනමා උළෙලෙන් සම්මානයක් දිනාගැනීම කෙසේ වෙතත් සම්මානයකට නිර්දේශ වීමට හෝ අවස්ථාවක් ලැබීම සිනමාකරුවන් සළකන්නේ ඔවුන් ලබන මහත් භාග්‍යයක් හැටියටය.
ගෙවුණු මැයි මාසයේ 13 - 24 යන දිනයන් හිදී මෙම සිනමා උළෙළ 68 වැනි වරටත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙයින් පිදෙන උසස්ම සම්මානය ලෙස සැළකෙන්නේ පාල්ම් ඩ් ඕර් නැතිනම් ගොල්ඩන් පාල්ම් (රන් අත්ල) යන සම්මානයයි.
මෙවර එම සම්මානය දිනා ගැනීමට සමත්වූයේ ප‍්‍රකට ප‍්‍රංශ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ජාක්ස් අවුඩිඩාර්ඞ්ය. ඒ ඔහුගේ දීපන් චිත‍්‍රපටය වෙනුවෙනි.
මෙම චිත‍්‍රපටයේ කතාන්දරය ගෙතී තිබෙන්නේ ශී‍්‍ර ලංකා දෙමළ සරණාගතයින් තිදෙනෙකු වටා නිසාවෙන්ම අනත්ර්ජාතික උළෙලක් සම්බන්ධයෙන් මින් පෙර නොතිබූ උනන්දුවක් ශී‍්‍ර ලංකාවාසීන් අතරද ඇතිව තිබේ. මේ තිදෙන ප‍්‍රංශයට පැමිණ නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙනු හා ඒවායින් ජයගන්නා අයුරු චිත‍්‍රපටය පුරාවට දිවේ. දීපන් යනු මෙහි ප‍්‍රධාන චරිතයයි.
ශී‍්‍ර ලංකා - ඉන්දියා සම්භවයක් ඇති නළු නිළියෝ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත වලට පණපොවති. දීපන් සම්පූර්ණයෙන්ම වාගේ රූගත කර තිබෙන්නේ ප‍්‍රංශයේ වුවත් එහි දෙබස් අතුරින් සියයට 80 ක්ම පැවසෙන්නේ දෙමළ බසිනි. නළු නිළියන් වැඩි දෙනාද අදහස් දක්වන්නේ දෙමළ බසින්මය.
කතා වස්තුව
පෙර පැවසූ පරිදි දීපන් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන්නේ දීපන්ය. චිත‍්‍රපටය පටන්ගන්නේ ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධයේ අවසානය පෙන්වන දර්ශනයකිනි. දිවි ගලවාත්තවුන්ට සිදුව තිබෙන්නේ පලායෑමට හෝ පලා යෑමට උත්සාහ කිරීමය. අනතුරුව කැමරාව යොමු වන්නේ සන්නද්ධ කණ්ඩායමක (එල්.ටී.ටී.ඊ) සාමාජිකයෙකු බව කියනිසිවදාසන් වෙතටය. ඔහු තම මළගිය සටන් සාමාජිකයින් ආදාහනය කරමින් සිටී. ඔහු සිටින්නේ මුල්ලිවායික්කායි ප‍්‍රදේශයේය. තම යුද ඇදුම් වුණා දමන ඔහු ඒවා ද ගිණිබත් කරයි. කතාව තවදුරටත් පෙළගැසෙද්දී යුද්ධයට හසුව තම බිරිදත්, දරුවාත් අහිමිවීම නිසා සිවදාසන් දැන් සිටින්නේ කාත්කවුරුවත් නැතිව තනිවී බව දැනගැනීමට හැකිවේ. ඔහු සිවිල් ඇදුමින් සැරසේ. අනතුරුව පලා යමින් සිටින සිවිල් ජනතාව අතර සැඟවෙන ඔහු ඔවුන් හා සමඟම වෙනත් රටකට පැන ගැනීමට යත්න දරයි.
සරණාගත කදවුරේදී සිවදාසන් හට ගමන් බලපත‍්‍රයක් ලැබේ. එහි ඔහුගේ නම සඳහන් වන්නේ දීපන් ලෙසය. මුලූ පවුලක්ම සමඟ අවතැන්ව සිටීනම් සරණාගතයෙකු ලෙස පහසුවෙන්ම විදෙස් රටකට ඇතුල්විය හැකි බව ඔහු දැනගනී.ඒ සමඟම ඔහු කදවුරේ කාන්තාවක හා දැරියක එකඟ කරවාගෙන පවුලක් සාදයි. තම බිරිඳ ලෙස ඔහු හදුන්වාදෙන එම කාන්තාවගේ නම යාලිනීය. ඇය නීති ශිෂ්‍යාවකි. දෙමව්පියන් මියගොස්ය. මේ දෙදෙනගේ දරුවා ලෙස තෝරා ගැනෙන දැරිය නමින් ඉලයියාල්ය. නව හැවිරිදි ඇයගේ දෙමව්පියන් යුද්ධයගේ ගොදුරු බවට පත්වය. මෙලෙස එක්වන එකිනෙකා අතර කිසිදු සම්බන්ධතාවක් නැති මෙම පවුල අනතුරුව මුහුදු මගින් ප‍්‍රංශය බලා යන ගමන අරඹයි.
ප‍්‍රංශ බළධාරීන් හමුවේ ඔවුන්ගේ පවුල් ජීවිතය විශ්වාස කළ හැකි කතාවක් ලෙස ගොතාකීමට තිදෙනට සිදුවේ.මෙහිදී ඔවුන්ගේ සහයට පැමිණෙන්නේ ප‍්‍රංශ බළධාරීන් හා ඔවුන් අතර අදහස් හුවමාරුවේ යෙදෙන දෙමළ ජාතික භාෂා පරිවර්තකයායා. ඔහු මේ තිදෙන පවසන කතාව විශ්වාස කළ හැකි තරමට වෙනස් කර ප‍්‍රංශ බළධාරීන් හමුවේ දිගහරී. එය බළධාරීන්ගේ විශ්වාසය දිනාගැනීමට ප‍්‍රමාණවත්වේ. තිදෙනාට තාවකාලික ගමන් බලපත‍්‍ර ලබාදෙන අතර ප‍්‍රංශයේ නිරිතදිය ප‍්‍රදේශයේ අත්හැර දමා තිබෙන ගොඩනැගිල්ලක් ඔවුන්ගේ නව නිවහන ලෙස වෙන්කෙරේ.
ප‍්‍රංශයේ වීදි වල නොයෙකුත් දස්කම් පෙන්වමින් ආර්ථික සරිකර ගැනීමට තිදෙන උත්සාහ කරයි.මේ අතර සැමියා වන දීපන්ට නිවාස පාලකයෙකු ලෙස රැකියාවක් ලැබේ. මව වන යාලිනී සිහිමද තත්ත්වයෙන් පෙළෙන වේදවාද ප‍්‍රංශ ජාතිකයෙකුට උවටැන් කිරීමේ සේවිකාවක් ලෙස කටයුතු කරන්නට යයි.දරුවා වන ඉලයියාල් විශේෂ අවශ්‍යතා ඇති සිසුන් වෙනුවෙන් වන පාසැලකට ඇතුළත්වීමේ වරම් දිනාගනී.ඇය එහිදී ප‍්‍රංශ බස ඉගෙනීම අරඹයි.
පවුලක් ලෙස පෙනී සිටීම එකිනෙකාට සම්පූර්ණයෙන්ම ආගන්තුකයින් වන මොවුන් තිදෙනට අපහසුය.මේ නිසාම මොවුන් සිටිනුයේ ආතතියකිනි.තිදෙන අතරින් මෙය වඩාත්ම බලපාන්නේ කුඩා ඉලයියාල්ටය.ඇයට තමන්ගේ දෙමව්පියන් නැති අඩුව තදින්ම දැනේ.ඒ අඩුව පිරවීමට දීපන්ට හා යාලිනීට නොහැකිය.
ප‍්‍රංශයේ ජීවිතයට යාලිනීගේ කැමැත්තක් නැත.ඇයට වුවමනා බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටින තම සොහොයුරිය වෙත යෑමටය.මවක හා බිරිදක ලෙස තම වගකීම් ඉටුකිරීම ඇයට නුපුරුදු දෙයකි.මේ අතර තම බිරිද හා දරුවා අහිමිව සිටින දීපන්ද ඔවුන් නැති අඩුව මේ ව්‍යාජ පවුලෙන් පුරවාගත නොහැකිවීම නිසා කල් ගෙවන්නේ වේදනාවෙනි.ආගන්තුක බාහිර පරිසරයෙන්ද ඔවුන්ට එල්ල වන්නට ගන්නා ගැටලූද එමට ඇත.යාලිනී රැකියාවට යන නිවාස සංකීර්ණයට කඩා වදින මත් ජාවාරම්කාර කණ්ඩායමක් එහි කොටසක් බලහත්කාරයෙන් අත්පත් කරගනී.එල්.ටි.ටී.ඊ යේ හිටපු කර්නල්වරයෙකු එක්වරම ප‍්‍රාදුර්භූත වී නැවත සංවිධානයට එක්වන ලෙස දීපන්ට බල කරයි.මේ අතර යාලිනීගේ සිත පෙරකී මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමේ නායකතැන වෙත ඇදේ.දීපන් හට මේ පවුල රැකගතයුතුයැයි හැගීමක් ඇතිවන්නේ මෙම සිදුවීම් දාමය අතරතුර එක් අවස්ථාවකදීය.
ඔහු තම නිවස වටා සුදු කවයක් ඇද එය යුද මුක්ත කලාපයක් ලෙස නම් කරයි.මෙය මත් ජාවාරම් කණ්ඩායමේ ඇහේ කටු අනින්නාක් වැනි වේ.ඔවුහු දීපන්ට එරෙහිව යුධ ප‍්‍රකාශ කරති.කළහැකි දෙයක් නොමැති තැන දීපන්ට ඔවුන් හා සටන් වදින්නට සිදුවේ.එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස තමන් ගතකළ දිවියේ ස්මරණයන් ඔහුගේ සිතට යළිත් නැගෙන්නට ගන්නේ මෙතැනදීය.තමන් දන්නා ගරිල්ලා සටන් ක‍්‍රම භාවිතා කරන ඔහු මත් ජාවාරම්කරුවන්ගේ කණ්ඩායම පරාජය කර දමයි.
එතැනින් පසු ඔහු තවදුරටත් ප‍්‍රංශයේ නොරැදේ.යාලිනී හා ඉලයියාල් ද කැටුව හෙතෙම යන්නේ බි‍්‍රතාන්‍යයටය.මුලදී එකිනෙකාට සම්පූර්ණ ආගන්තුකයින්වූ තිදෙන අතර මේ වන විට හෘදයාංගම සම්බන්ධතාවක් ගොඩනැගෙමින් තිබෙන බවට ලකුණු පෙනේ.දුකින්,ඛේදාන්තයකින් ආරම්භවූ කතාව සතුට,සාමය හා ආදරයට තැන ලබාදෙමින් අවසාන වෙන්නේ මෙලෙසය.
ඇන්තනිදාසන් ජේසුදාසන්
චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය වන දීපන්ට පණ පොවන්නේ 47 හැවිරිදි ශී‍්‍රලංකා දෙමළ ජාතිකයෙකු වන ඇන්තනිදාසන් ජේසුදාසන්ය. ඔහු මේ වන විට පදිංචිව සිටින්නේ පැරිස් නුවරය.චිත‍්‍රපටයේ ප‍්‍රතිනිර්මාණය කර තිබෙන්නේ ඔහුගේ සැබෑ ජීවිතය යැයි කීමේ වරදක් නැත්තේ ඔහු වරක් සැබෑවටම එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස ශී‍්‍රලංකාවේ සටන්වැදුනෙකු වන බැවින්ය.ඔහු අද ප‍්‍රංශයේ ජීවත් වන්නේද ඔහුට සරණාතයෙකු ලෙස එරටට පැමිණීමට අවස්ථාව හිමිවූ නිසාවෙන්ය.කෑන් හිදී අදහස් දක්වමින් ඔහු මේ කරුණුද හෙළි කළේය.දීපන් චිත‍්‍රපටයෙන් තමන්ගේ ජීවිතයේ සියයට 50 ක් පමණ සැබෑවටම නිරූපණය වන බවද ඔහු කීවේය.
චිත‍්‍රපටයේ මෙන් නොව ජේසුදාසන් රැකියාවෙහි නිරතව සිටින්නේ දෙමළ ලේඛකයෙකු ලෙසය.’ෂෝභාශක්ති’නම් අනවරථ නාමයෙන් පෙනී සිටින ඔහු දක්ෂයෙකි.උග‍්‍ර යුද විරෝධියෙකු වන හෙතෙම ශී‍්‍ර ලංකා රජය හා සමව එල්.ටී.ටී.ඊ යටද විරුද්ධව පෑන හසුරවයි.
1967 දී ශී‍්‍රලංකාවේ උතුරුදිග පිහිටි අල්ලපිඩි දුපතේදී උපත ලබා ඇති ජේසුදාසන් එල්.ටී.ටී.ඊ සංවිධානය හා සම්බන්ධව ඇත්තේ වයස අවුරුදු 16 දීය.1983 ජූලි කලබල වලින් පසු උදව්කරුවෙකු ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානයට බැදී තිබෙන ඔහුට 1984 වනවිට සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාගැනීමට හැකිව තිබේ.යුධ පුහුණුව ලබාදුන්නද අවියට වඩා පෑන හා පැන්සල හැසිරවීමට ජේසුදාසන්ට තිබූ දක්ෂතාව හදුනාගත් එල්.ටී.ටී.ඊ බළධරයින් ඔහුගෙන් හොදින් වැඩගෙන ඇත.එල්.ටී.ටී.ඊ යේ ජේසුදාසන්ව හැදින්වී තිබෙනුයේදාසන්’ නැතිනම්බක්ල්’ යන අනවරථ නාමයන්ගෙන්ය.ඔහු 1985 දී එල්.ටී.ටී.ඊ ය නිශ්පාදනය යුද්ධකාලි වීදි නාට්‍ය මාලාවේද ප‍්‍රධාන චරිතයකට පණපොවා ඇත්තෙකි.
සංවිධානයේ කි‍්‍රයාකාරකම් ගැන පැහැදීමක් නොමැති නිසා ජේසුදාසන් 1986 දෙසැම්බර් මාසයේදී එල්.ටී.ටී.ඊ යෙන් ඉවත්වේ.සංවිධානය හැරයන්නවුන්ට ලැබෙන දඩුවම් විදින ඔහු ඒ සියල්ල අවසානයේ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබුණු 1987 වසරේ කොළඹට පැමිණේ.ඉන්දියා හමුදා හා එල්.ටී.ටී.ඊ ය අතර ගැටුම් ආරම්භ වන්නේද මේ කාලයේදීය.තමන්ට නිදහස ලැබුණේ යැයි සිතා සිටියත් ජේසුදාසන්ට ආරක්ෂක අංශ වලින් ගැලවී ගත නොහැකිවේ.කොටියෙකු ලෙස සැකපිට අත්අඩංගුවට ගැනෙන ඔහු හිටපු ජනපති රණසිංහ පේ‍්‍රමදාස හා එල්.ටී.ටී.ඊ ය අතර සාකච්ඡා ඇරඹෙන තෙක්ම කාලය ගෙවන්නේ සිරගතවය.
නිදහස ලැබූ පසු තායිලන්තය බලා යන ඔහු බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය යටතේ සරණාගතයෙකු ලෙස ලියාපදිංචි වේ.ජේසුදාසන්ගේ උත්සාහය කැනඩාවට හෝ බි‍්‍රතාන්‍යයට යෑම වුවත් අවසානයේ ඔහුට තෝරාගැනීමට සිදුවන්නේ ප‍්‍රංශයයි.පැමිණි මුල් කාලයේ පිගන් සෝදන්නෙකුගේ සිට වීදියේ රගදක්වන්නෙකු දක්වා ඔහු නොකළ රැකියාවක් නොමැත.ඒසේ වුවත් තම ලිවීමේ කටයුතු ඔහු අත්හැර තිබුණේ නැත.එල්.ටී.ටී.ඊ සාමාජියෙකු ලෙසද,දැන් සරණාගතයෙකු ලෙසද ගෙවන දිවිය ගැන ඔහු ලියුවේය.
යුද්ධයේ අදුරු පැතිකඩ හාස්‍යයට බරකර ඔහු සිදුකරන නිර්මානයන් වල ශී‍්‍රලංකා රජය හා එල්.ටී.ටී.ඊ ය ඉතාම දැඩිව විවේචනය කර තිබෙනු හදුනාගත හැකිය.මෙය වර්තමාන දෙමළ සාහිත්‍යකරුවන් අතර කවරාකාරයේ කැළඹිමක් ඇතිකර ඇත්දැයි අමුතුවෙන් කිවයුතු නැත.ඔහු ලියූ ගෝරිල්ලා’,හාටේරයිටර්’ යන නවකතා ද්විත්වය ඇමරිකාවේ පදිංචි ඉන්දියා ජාතික අධ්‍යාපනඥයෙකු වන මහාචාර්ය අනුෂියා රාමස්වාමි අතින් ඉංගී‍්‍රසි භාෂාවට නැගී තිබේ. ලීනා මනිමේකලායි අධ්‍යක්ෂණය කළිසෙන්කඩාල’ දෙමළ චිත‍්‍රපටයේ තිරපිටපත සකස්කිරීමටත් එතැනින් නොනැවතී එම චිත‍්‍රපටයට නළුවෙකු ලෙසත් තම දායකත්වය ලබාදීමට ජේසුදාසන් කටයුතු කර ඇත.
කලීස්වරී ශී‍්‍රනිවාසන්
චිත‍්‍රපටයේ යාලිනීගේ චරිතයට පණ පොවන්නී මැයයි.කලීස්වරී ඉන්දියාවේ වෙසෙන දෙමළ ජාතික නිළියකි.එරට ටෙලිනාට්‍ය රැසක් තම දස්කම් පෙන්වා ඇති ඇයගේ පළමු චිත‍්‍රපටය වන්නේ දීපන්ය.
විශ‍්‍රාමික හමුදා නිළධාරියෙකුගේ දියණිය වන කලීස්වරීගේ උපන්ගම වන්නේ ඉන්දියාවේ කාන්චිපුරම්හි සතුරන්ගපට්ටිනම් ප‍්‍රදේශයයි.නමුත් ඇයගේ දිවියේ වැඩි කාලයක් ගතව තිබෙන්නේ චෙන්නායි නුවරය.අද ඇය නිළියක ලෙසත්,නාට්‍යකලාව උගන්වන ගුරුවරියක ලෙසත් රැකියාවේ යෙදෙන්නීය.සතිකිහිපයකට ඉහතදී ඇය විවාහවූවාය.ඇයගේ අත ගත්තේ ඉහළ ජනප‍්‍රසාදයක් හිමිකරගැනීමට සමත්වූ මද්රාස්චිත‍්‍රපටයේමාරි’ නම් දුෂ්ඨයාගේ චරිතයට පණපෙවූ පී.විනෝද්ය.
ක්ලෝඞීන් වින්සයිතම්බි
ඉලයියාල් දියණියගේ චරිතයට පණදෙන දස හැවිරිදි ක්ලෝඞීන් පැරිස් නුවර අධ්‍යාපනය ලබන්නියකි. ඇයගේ දෙමව්පියන් දෙදෙනාම ශී‍්‍රලංකා දෙමළ ජාතිකයින්ය.හින්දු භක්තිකයෙකු වන ඇයගේ පියා යාපනයේ කායිතාඩි ප‍්‍රදේශයේ උපන්නෙකි.ඇයගේ මව කතෝලිකයෙකු වන අතර ඇයගේ උපන්ගම යාපනයේ වඩමාරච්චිහි කරවෙඞ්ඩි ප‍්‍රදේශයයි.නිවසේදී ක්ලෝඞීන්ව හැදින්වෙන්නේද ඉලයියාල් නමින් බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය.තරුණිය,දුව යනු එහි සිංහල අරුතයි.
නළු නිළියන් තෝරාගැනීම
චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක ජාක්ස් අවුඩිඩාර්ඞ් මේ තිදෙනව තම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත ලෙස තෝරාගැනීම පසුපස ඇත්තේ රසවත් කතාවකි.
චිත‍්‍රපටයේ චරිත අධ්‍යක්ෂකරුවන් ලෙස කටයුතු කළ පිලිපේ එල්කොවුබි හා මොහොමඞ් බෙල්හමාර් සමග ජාක්ස් සුදුසු නළු නිලියන් තෝරාගැනීමට මුලින්ම කුසලතා පරීක්ෂණයන් පවත්වා ඇත්තේ ප‍්‍රංශයේ ශී‍්‍රලංකා ඩයස්පෝරාව ඉලක්ක කරය.අනතුරුව ඔවුහු බි‍්‍රතාන්‍යයයේ ලන්ඩනය,ඉන්දියාවේ චෙන්නායි,හා බැංගලෝර් යන නගරවලද කුසලතා පරීක්ෂණයන් පවත්වා තිබේ.ප‍්‍රධාන චරිත සදහා මේ තිදෙන තෝරාගන තිබෙන්නේ අයදුම්පත් 2000 ක් පමණ සළකා බැලීමෙන් පසුව බව සදහන්ය.ඉන්දියාවට පැමිණි පසු තිදෙනගේ අවධානය සුපිරි කොලිවුඞ් නළුවන් වන ධනූෂ්,විජේයි හා පසවුපති වැන්නවුන් වෙත යොමුවූවත් පසුව දක්ෂතා ඇති නවක නළුවන්ට චිත‍්‍රපටයට සම්බන්ධවීමට අවස්ථාව ලබාදිය යුතුයැයි ඔවුන් තීරණයකට එළැඹ ඇත.
දීපන් චරිතය සදහා ජේසුදාසන්ව යෝජනා කර ඇත්තේ ඉන්දියාවේ පොන්ඩිචෙරියේ සිටින නාට්‍යකරුවෙකු වන කුමරන් වල්ලූවාන්ය.ඔහු දීපන් චිත‍්‍රපටයේ චරිත අධ්‍යක්ෂක පිලිපේ හා ජේසුදාසන් යන දෙදෙනාම ළගින් ඇසුරු කරන අයෙකි.මිතුරාගේ චිත‍්‍රපටයට මිතුරෙකුව යෝජනා කර තිබෙන්නේ ඔහුය.ඒ අනුව අධ්‍යක්ෂකවරුන් තිදෙන නැවත ප‍්‍රංශය බලා පැමිණ ජේසුදාසන්ව හමුව ඇත.පසුව පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ප‍්‍රධාන අධ්‍යක්ෂක අවුඩිඩාර්ඞ් පැවසූයේ ජේසුදාසන් ඇවිදිනු,කතාබස් කරනු දුටු වහාම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට සුදුසුම පුද්ගලයා වන්නේ මොහුයැයි තමා හදුනාගත් බවයි.ජේසුදාසන් සොයාගැනීමට හැකිවීම දෙවියන්ගෙන් ලද උපකාරයක් යැයිද ඔහු කීය.
දීපන් චරිතයට ජේසුදාසන් හොදින් සාධාරණය ඉටුකර ඇත.ඔහු හැර වෙන කිසිවෙකුටත් දීපන් චරිතයට මෙතරම් හොදින් පණ පොවන්නට හැකියාවක් නොතිබෙන්නට ඉඩ තිබුණි.තමන් අවුඩිඩාර්ඞ්ගේ චිත‍්‍රපට කිහිපයක්ම මින් පෙර නරඹා තිබෙන බව ජේසුදාසන් කෑන් උළෙලේදී කිවේය.’රගපාන එක පොඞ්ඩක් අමාරු වුනා තමයි.ඒත් එකේ විනෝදයක් නොතිබුණෙත් නැහැ,’ ඔහු පැවසීය.
කලීස්වරී ශී‍්‍රනිවාසන් තෝරාගෙන තිබෙන්නේ ඉන්දියාවේ පැවැත්වුනු කුසලතා පරීක්ෂණ වලින්ය.ඇයගේ නමද යෝජනාකර ඇත්තේ් පෙර ජේසුදාසන්ව යෝජනා කළ පොන්ඩිචෙරිහි නාට්‍යකරු කුමරන් වල්ලූවාන්ය.ශී‍්‍රලාංකික කාන්තාවක නොවූවත් කලීස්වරීගේ දස්කම් අධ්‍යක්ෂකරුන් තිදෙනගේ අවධානය දිනාගැනීමට සමත් විය.අවසානයට ක්ලෝඞීන් වින්සිතම්බි තෝරාගෙන තිබෙන්නේ පැරිසියේ පැවැත්වුනු කුසලතා පරීක්ෂණයකින් පසුවය.
තෝරාගැනීමෙන් පසු සූදානම්වීම සදහා මසක පුහුණු සැසියක් මේ තිදෙන වෙනුවෙන් සකස් කෙරුණි.කලීස්වරී හමුවේ තිබූ ප‍්‍රධානම අභියෝගය වූයේ ශී‍්‍රලංකා දෙමළ ජාතිකයෙකු මෙන් දෙමළ උච්ඡාරණය කරන අයුරු උගැනීමයි.මෙහිදී ජේසුදාසන් ඇයට විශාල සහයක් ලබාදුනි.එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇය ඉතා ඉක්මනින්ම දෙමළ බස උච්ඡාරණය උගත්තාය.ප‍්‍රංශයේ හැදී වැඩුණද ක්ලෝඞීන් නියම දෙමළ දැරියක මෙන් ඉලයියාල් චරිතයට පණපෙවූවාය.විදෙස් රටවල හැදීවැඩෙන බොහෝ දෙමළ දරුවන්ට සිදුවන්නාක් මෙන් ඇයගේ දෙමළ උච්ඡාරණය බටහිරකරණයවී නොතිබීම අධ්‍යක්ෂකවරුන්ට අමතර වාසියක් විය.ක්ලෝඞීන් ශී‍්‍රලංකාවේ වෙසෙන දෙමළ දැරියක සේම දෙමළ බස හැසිරවීමේ සමත්කම් දැක්වූවාය.
චිත‍්‍රපටයේ තිරපිටපත සකස් කිරීමට දායකත්වය ලබානොදුන්නද ප‍්‍රංශ බසින් තිබූ දෙබස් බොහෝමයක් දෙමළ බසට පරිවර්තනය කෙරුණේ ජේසුදාසන්ගේ අධීක්ෂණය යටතේය.ජේසුදාසන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු යැයි චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක අවුඩිඩාර්ඞ් කලක් ගතවනතුරුම නොදැන සිටි බව මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුය.අවසන තම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය සදහා ලැබී ඇත්තේ එම චරිතය හා සමානම පසුබිමක් සැබෑවටම ඇති පුද්ගලයෙකු යැයි දැනගැනීම ඔහුට කෙතරම් සතුටක් ගෙනදෙන්නට ඇත්දැයි කෙනෙකුට ලෙහෙසියෙන්ම සිතාගත හැකිය.
මේ නිසාම තිර පිටපතේ සියුම් වෙනස්කම් සිදුකිරීමට ජේසුදාසන්ගේ නිල නොවන සහය ලබාගැනීමට අවුඩිඩාර්ඞ්ට හැකිවිය.ඉංගී‍්‍රසි බසින්,ප‍්‍රංශ බසින් පැවසෙන දෙබස් චිත‍්‍රපටයේ තිබුණද සමස්ථයක් වශයෙන් ගත්කළ දෙබස් අතුරින් සියයට 80 - 90 ක් පැවසෙන්නේ දෙමළ බසින්ය.තිර පිටපත අඩුඩිඩාර්ඞ් හා ඔහුගේ මිත‍්‍ර තෝමස් බයිඞ්ගේන් හා නෝ ඩෙබ්රේ අතින් ලියැවුනකි.
ප‍්‍රධාන චරිත තුනට අමරතව තවත් දෙමළ චරිත රැසක් චිත‍්‍රපටයේ ඇත.ඉන් එක් චරිතයක් වන්නේ දීපන්ට බලපෑම් කිරීමට එන එල්.ටී.ටී.ඊ සංවිධානයේ කර්නල්වරයායි.මේ චරිතයට පණපොවන්නේ තමිල්නාඩුවේ වේදිකා නාට්‍ය නලූවෙකු වන වාසාන්ත්ය.දීපන්ට,ඔහුගේ බිරිදට හා දරුවාට ප‍්‍රංශයට ඇතුල්වීමට උදවු කරන භාෂා පරිවර්තකයා තවත් කැපී පෙනෙන අමතර චරිතයක් වන අතර එම චරිතයට දායකත්වය ලබාදෙන්නේ ප‍්‍රංශයේ ජීවත්වන ශී‍්‍රලංකා දෙමළ ජාතික ඊලන්තන්ය.මේ හා සමානම චිත‍්‍රපටයේ එන තවත් සුළු චරිත වන ඕසායි මානෝ,මන්මදන් බාස්කි,අන්කල් ශී‍්‍ර,පොලිස් අරුන්ගිරි,සදා,ප‍්‍රානවන්,කේසවන්,වෙලනායි ප‍්‍රභා,සුදා ආදියට පණ දෙන්නේද ප‍්‍රංශයේ වෙසෙන ශී‍්‍රලංකා දෙමළ සරණාගතයින්ය.
චරිත වලට අමතරව චිත‍්‍රපටයේ නිශ්පාදන කටයුතු වලටද ප‍්‍රංශයේ වෙසෙන ශී‍්‍රලංකා දෙමළ ප‍්‍රජාවද නොමද දායකත්වයක් ලබාදී තිබේ.පැරිස් නුවර වෙසෙන දෙමළ තරුණයෙකු වන විපින් චිත‍්‍රපටයේ අවසන් නිශ්පාදන කටයුතු වලට සහයවී ඇත.ප‍්‍රවීණා,ඇය රංගන සහායිකාවක් ලෙස කටයුතු කර ඇත.ඔලිවියා ඉලන්කෝවන් නම් තවත් දෙමළ කාන්තාවක් චිත‍්‍රපටයේ සංස්කරණ කටයුතු සදහා තම දායකත්වය ලබාදී ඇත.ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කුලපති මහාචාර්ය වී.ටී.තමිල්මාරාන්ගේ ඥාති දියණියකි.
චිත‍්‍රපටයේ ඇති දෙමළ නොවන චරිත අතුරින් ප‍්‍රධාන තැනක් හිමිකරගන්නේ මත් ජාවාරම් කණ්ඩායමේ නායක බ‍්‍රාහීම් හා දීපන් යුවළට නව නිවසක් සොයාදෙන ප‍්‍රංශ බළධාරියාය.බ‍්‍රාහීම්ගේ චරිතයට පණදෙන්නේ ප‍්‍රංශ නලූ වින්සන්ට් රොටියෙර්ස්ය.ඔහු චිත‍්‍රපට 30 ක පමණ රගපා අත්දැකීම් වලින් පරිණත නලූවෙකි.ප‍්‍රංශ බළධාරියාගේ චරිතය රගදක්වන්නේ මාර්ක් සින්ගාය.ඔහු කොංගෝ සම්භවයක් ඇති බෙල්ජියානු ජාතික නලූවෙකි.
රිදී තිරයට මුල්ම වරට පාතැබූ නළු නිළියන් සේම කැමරාකරණය,සංගීත අධ්‍යක්ෂණය ආදී ක්ෂේත‍්‍ර වලින් මුල්ම වරට චිත‍්‍රපටයක් හා සම්බන්ධ වන නවකයින්ගෙන්ද දීපන් පොහොසත්ය.චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ ඇමරිකා - චිලී සම්භවයක් ඇති සංගීතඥයෙකු වන නිකොලස් ජාර්ය.කෙටි චිත‍්‍රපට හා වාර්තාමය වැඩසහටන් වලට පමණක් දායකත්වය ලබාදී අත්දැකීම් රැස්කරගෙන සිටි ඉපොනින් මොමෙන්කියු අංග රචනයෙන් දීපන් හා එක්වී ඇත්තීය.
චිත‍්‍රපටයේ සංස්කරණ කටයුතු සිදුකර තිබෙන්නේ අවුඩිඩාර්ගේ ළගම හිතවතියක වන ජුලියෙට් වෙල්ෆින්ග්ය.ඇය 2007 වසරේදී ඔස්කාර් සම්මානයක් සදහාද නිර්දේශ වුනි.අවුඩිඩාර්ඞ්ගේ චිත‍්‍රපට සංස්කරණ කටයුතු වලට එක්ව ඇය සෙසර් සම්මාන 4 ක්ම දිනාගැනීමට සමත්ව තිබෙන්නීය.
දීපන් අන්තර්ජාතික ප‍්‍රදර්ශනයට එක්කිරීමට නියමිතව තිබෙන්නේ මෙම වසරේ අගෝස්තු මස 26 වැනිදාය.චිත‍්‍රපටයේ නිශ්පාදනය සදහා දායකත්වය වයි නොඞ් ප‍්‍රඩක්ෂන්ස් වෙනුවෙන් පැස්කල් කොචෙටියුක්ස් ගෙන්ය.
රංගන තල
දීපන් චිත‍්‍රපටයේ රූගත කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ 2014 දී වන අතර එම කටයුතු මේ වසර දක්වාම විහිදුනි.ඇතැම් දර්ශන රූගත කිරීම සදහා ශී‍්‍රලංකාව තෝරාගැනීමට අධ්‍යක්ෂකරුවන් අදහස් කරගෙන සිටියත් එවක දිවයිනේ පැවති දේශපාලන වටපිටාව ඒ සදහා සුදුසු නොවන බව හැගී ගිය හෙයින් ඔවුන් ඒ වෙනුවට තෝරාගත්තේ ශී‍්‍රලංකා දෙමළ සරණාගතයින් රදවා සිටින විශාලතම සරණාගත කදවුර පිහිටි තමිල්නාඩුවේ රාමේෂ්වරම් හි මාන්ඩපාම් ප‍්‍රදේශයයි.
ශී‍්‍ර ලංකාවේ වාර්ගික ගැටලූව තිරය මත ප‍්‍රතිනිර්මාණය කෙරුණු සෙන්කඩල්,කන්නාතිල් මුතමිට්ටාල්,කාට්රුකේන වායේල්,රාමේෂ්වරම් වැනි චිත‍්‍රපට බොහෝමයක රූගත කිරීම් සිදුව ඇත්තේ මේ ප‍්‍රදේශයේය.දීපන් රූගත කිරීම සදහා චෙන්නායිහි වයිඞ් ඈන්ගල් සිනමා නිශ්පාදන සමාගමේ සහය ලබාගැනීමට අධ්‍යක්ෂකවරු කටයුතු කළහ.
වයිඞ් ඈන්ගල්හි හිමිකාරීත්වය දරන්නේ සුරේෂ් බාලාජි හා ජෝර්ජ් පයස් යන දෙදෙනාය.ප‍්‍රකට නළුවෙකු ලෙස එදා තිරය බැබලවූ අද සිනමා නිශ්පාදකයෙකු ලෙස නමක් දිනාගෙන සිටින කේ.බාලාජි,සුරේෂ් බාලාජිගේ පියාය.
රූගත කිරීමේ කටයුතු සදහා වයිඞ් ඈන්ගල් කණ්ඩායම මාන්ඩපාම්හි ආදේශක සරණාගත කදවුරක් ඉදිකළහ.සරණාගතයින් ලෙස පෙනී සිටීමට පුද්ගලයින් පිරිසක්ද එක්රැස් කර ගත්හ.මෙම පිරිස අතුරින් බොහෝ දෙනා සැබෑවටම සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණි සිටියවුන් වුනි.මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයද රාමේෂ්වරම්හිදී ප‍්‍රතිනිර්මාණය කෙරුණි.මෙසේ සකස් කර ගත් පසුතලයේ 2014 දෙසැම්බර් මාසයේ සිට 2015 ජනවාරි දක්වා දින 7- 8 ක් පුරාවට රූගත කිරීම් සිදුකෙරුණි.
ඇතැම් රූගත කිරීම් සිදුකෙරුණේ කදුකර ප‍්‍රදේශයක් වන උඞ්හගමන්ඩලම් නැතහොත් ඌටි ප‍්‍රදේශයේය.මෙම ප‍්‍රදේශයේ පිහිටීම,නිවාස සැලැස්ම,හා කාලගුණය ශ‍්‍රී‍්‍රලංකාවේ නුවරඑළිය දිස්ති‍්‍රක්කය හා සමය.එහි තිබූ ඉංගී‍්‍රසි ඌරුවේ ගොඩනැගිලි බි‍්‍රතාන්‍යය නිරූපණය කිරීම සදහා යොදාගැනින.
මේ හැරෙන්නට අනෙකුත් දර්ශනයන් සියල්ලම පාහේ රූගත කෙරුණේ ප‍්‍රංශයේදීය.දින 60 ක් පමණ පුරාවට එම රූගත කිරීම් සිදුවුනි.ඉන්දියාවේ රූගත කිරීම් සදහා දින 10 ක්ද බි‍්‍රතාන්‍යයේ රූගත කිරීම් සදහා දින 3 ක්ද වැය විය.මෙසේ කාලය ගතවීම නිසා චිත‍්‍රපටයේ නිශ්පාදන කටයුතු ඉක්මන් කිරීමට අධ්‍යක්ෂකවරු ඇතුලූ තාක්ෂණික ශිල්පීන්ට සිදුවිය.මෙය සම්මාන උළෙලේ විනිසුරුවන්ගේ අවධානයට ලක්වුණි.වෙනදා අඩුඩිඩාර්ගේ චිත‍්‍රපට වල දක්නට තිබෙන ගුණාත්මක භාවය මේ චිත‍්‍රපටයේ එතරම් දක්නට නැතැයි ඔවුහු කීහ.නමුත් ගෝල්ඩන් පාල්ම් සම්මානය දීපන්ට ලබාදීමට එය බාධාවක් ලෙස ඔවුහු නොසැළකූහ.
කෑන් විනිශ්චය මණ්ඩලය
ජයග‍්‍රාහකයා තීරණය කළ විනිසුරු මඩුල්ලේ ප‍්‍රධාන පුටු හෙබවූයේ ඇමරිකා ජාතික චිත‍්‍රපට නිශ්පාදකයින් වන එතල් හා ජොයෙල් කොඑන් දෙසොහොයුරන්ය.ස්පාඤ්ඥ නිළි රොසි ද පාල්මා,ප‍්‍රංශ නිළි සොෆී මාර්සියු,බි‍්‍රතාන්‍යය නිළි සියෙනා මිලර්,මාලි රොකියා ට‍්‍රා ඕරේ චිත‍්‍රපටයේ සංගීතඥයා,මෙක්සිකෝ ජාතික චිත‍්‍රපට අධ්‍යක්ෂ ගුලෙර්මෝ ඩෙල් ටෝරෝ,කැනේඩියා ජාතික අධ්‍යක්ෂකවරයෙකු හා නළුවෙකු වන ක්සේවියර් ඩෝලාන් හා ඇමරිකා ජාතික නළු ජේක් ගලෙයින්හාල්ගෙන් විනිසුරු මඩුල්ල සමන්විත විය.
පාල්ම් ඞ් ඕර් සම්මානය දීපන් වෙත ලබාදෙන්න අපට හිතහිතා ඉන්න වුවමනා වුනේ නැහැ.දීපන් කියන්නේ සුපිරිම ගනයේ චිත‍්‍රපටයක්.එහෙම වුනත් ජූරියේ සිටිය සාමාජිකයින්ට ඔවුන්ගේ සිත්ගත් වෙනත් චිත‍්‍රපටත් නොතිබුණාමත් නොවෙයි.අපිට කැමති විදිහට සම්මාන දෙන්න මේ සම්මාන උළෙලේ තියෙන සම්මාන මදි.එහෙම තිබුණත් අපිට සම්මාන උළෙලේ තියෙන නීති වලට යටවෙලා තමයි කටයුතු කරන්න වෙන්නේ.
උළෙලෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ විනිසුරු මණ්ඩලයේ සම ප‍්‍රධානී එතල් කොඑන් පැවසීය.
මෙය කලාකාමිීන් පිරිසක් සිටි විනිසුරු මඩුල්ලක්. මෙක්සිකෝ ජාතික චිත‍්‍රපට අධ්‍යක්ෂක ඩෙල් ටෝරෝ හා හොලිවුඞ් නලූ ජෙක් ගලෙයින්හාල් මාධ්‍ය වෙත පැවසීය.
දීපන් දිහා අපි බැලූවේ සංක‍්‍රමණියකයින් පදනම් කරගත් කතාවක් හැටියට නොවේ යැයි දීපන් යනු දේශපාලන න්‍යාය පත‍්‍රයක් පදනම් කරගත් චිත‍්‍රපටයක්දැයි මාධ්‍ය නැගූ පැනයන්ට පිළිතුරු දෙමින් ඩෙල් ටෝරෝ කීය.
දීපන් චිත‍්‍රපටයෙන් වීදි වල ජීවත්වන ජනතාව ගැන අප නොදත් පැත්තක් පැවසෙනවා.ඒක නියම චිත‍්‍රපටයක්.ස්පාඤ්ඥ නිළි ඩෙ පාල්මා පැවසුවාය.
සම්මානය පිරිනැමුනු අවස්ථාවේ අවුඩිඩාර්ඞ් එය ලබාගැනීම සදහා වේදිකාවට ගොඩවූයේ ජේසුදාසන් හා කලීස්වරීද සමගිනි.ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ දීපන් උළෙලේ ඉහළම සම්මානය දිනාගෙන ඇතැයි නිවේදනය කෙරුණු අවස්ථාවේ අවුඩිඩාර්ඞ් වේදිකාවට ගොඩනැගුනා නොව පැන්නා යැයි කියාය.
කොඑන් සහෝදරයින් අතින් සම්මානයක් ලබාගැනීම මට ලැබුණු විශාල ගෞරවයක්. අවුඩිඩාර්ඞ් පසු අවස්ථාවක මාධ්‍ය හා පැවසීය.
ජාක්ස් අවුඩිඩාර්ඞ්
තමන් රෝමාන්තිකවාදියෙකු ලෙස හදුන්වාදෙන ජාක්ස් ප‍්‍රංශයේ සිටින දක්ෂතම අධ්‍යක්ෂකවරු අතරෙහි ලා සැළකෙන්නෙකි.දැනට 63 වැනි වියේ පසුවන ඔහුගේ පියා ප‍්‍රකට ප‍්‍රංශ අධ්‍යක්ෂකවරයෙක් හා ලේඛකයෙකු වන මයිකල් අවුඩිඩාර්ඞ්ය.
1952 වසරේ පැරිසියේදී උපත ලද ජාක්ස් සිනමා ක්ෂේත‍්‍රය හා මුලින්ම සම්බන්ධ වනනේ සංස්කාරකවරයෙකු හැටියටය.අනතුරුව වයස 22 වන විට ඔහු තිර පිටපත් රචකයෙකු ලෙස නමක් දිනාගැනීමට සමත්වේ.ඔහුගේ තිර පිටපත රැගත් පළමු චිත‍්‍රපටයිබොන්ස් බයිසර්ස් ආ ලූන්ඩි’ 1974 දී තිරගත වේ.චිත‍්‍රපට රැසකට තිර පිටපත් සකසන ඔහු අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ මිීට දශක දෙකකට පමණ ඉහතදීය.
ඔහුගේ පළමු අධ්‍යක්ෂණයිරෙග්රෙඞ් ලෙස් හොමෙස් ටොම්බාර්’ තිරගත වන්නේ 1994 වසරේදීය.එය ඔහුට වසරේ හොදම අධ්‍යක්ෂකවරයා ලෙස සීසර් සම්මානය දිනාදීමට සමත්වේ.ඇමරිකාවේ ඔස්කාර් සම්මාන උළෙල මෙන් ප‍්‍රංශයේ ජාතික මට්ටමෙන් පැවැත්වෙන උසස්ම සම්මාන උළෙල වන්නේ සීසර් සම්මාන උළෙලයි.1996 වසරේදී ඔහු නැවත වරක් තමන් අධ්‍යක්ෂණය කළ උන්හිරොස් ටේරස් ඩිස්ක්‍රෙට්’ චිත‍්‍රපටයෙන් සීසර් සම්මාන උළෙල නියෝජනය කළ අතර එහිදී ඔහු හා ඔහුගේ සහයක ඇලයින් ලෙ හෙන්රිට වසරේ හොදම තිරපිටපත සදහා වන සීසර් සම්මානය දිනාගැනීමට හැකිවිය.හොදම අධ්‍යක්ෂකවරයා ලෙස ඔහුගේ නම නිර්දේශව තිබුණද එම සම්මානය දිනාගැනීමට ඔහු සමත්වූයේ නැත.
2001 වසරේදී ඔහු අධ්‍යක්ෂණය කළිසර් මෙස් ලෙව්රෙස’ චිත‍්‍රපටයද සීසර් සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූයේ වසරේ හොදම තිරපිටපතට හිමි සම්මානය ඔහුට හා තිරපිටපත රචනයේදී ඔහුට සහයවූ ටොරීනෝ බෙනාක්විස්ටා හට හිමිකරදෙමින්ය.මෙම චිත‍්‍රපටය වෙනුවෙන් ඔහුට හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඇමරිකාවේ නිව්පෝර්ට් සම්මාන උළෙලේදී පිරිනැමින.ඔහුගේ ඊළග චිත‍්‍රපටයිඩෙ බැට්ල් මොන් සෙයුර් සෙඑස්ට් අරේටේ’ 2005 වසරේදී සීසර් සම්මාන උළෙල නියෝජනය කළ අතර එහිදී ඔහුට හොදම අධ්‍යක්ෂණයට හා තිර රචනයට පිදෙන සිසර් සම්මානයන් හිමිවිය.මෙම චිත‍්‍රපටය බි‍්‍රතාන්‍යයේ බීඒඑෆ්ටීඒ සම්මාන උළෙලේද ඇගයීමට ලක්වූයේ ඉංගී‍්‍රසි බසින් නොවන හොදම චිත‍්‍රපටය ලෙසය.
2009 වසරේදී අවුඩිඩාර්ඞ් අධ්‍යක්ෂණය කළිඋන් ප්‍රොපෙට්’ චිත‍්‍රපටය දීපන්ට පෙර ඔහු අතින් නිමැවුනු හොදම චිත‍්‍රපටය ලෙස සැළකේ.මෙම චිත‍්‍රපටයේ තිර පිටපත සකස් කිරීමට ඔහු සමග තෝමස් බිඩෙගෙයින්,අබ්දෙල් රවුෆ් හා නිකොලස් පෙයුෆාලිට් දායකවුනු අතර 2010 වසරේ සීසර් සම්මාන උළෙලේදී වාර්තාගත සම්මාන 13 ක් සදහා මෙම චිත‍්‍රපටය නිර්දේශ විය.ඉන් සම්මාන 9 ක් දිනාගැනීමටිඋන් ප්‍රොපෙට්’ සමත්වූයේ වසරේ හොදම චිත‍්‍රපටයට හා අධ්‍යක්ෂණයට හිමි සම්මාන දෙපළද දිනාගනිමිනි.
එම කාණ්ඩයේ චිත‍්‍රපට අතරින් මුල් තැනට පත්වීමට හොද තරගයක් ලබාදුන් චිත‍්‍රපටයට සීසර් සම්මාන උළෙලේදී හිමිවන ග‍්‍රෑන්ඞ් පි‍්‍රක්ස් සම්මානයද දිනාගැනීමටිඋන් ප්‍රොපෙට්’ චිත‍්‍රපටය සමත්විය.ඔස්කාර් සම්මාන උළෙලේ හොදම විදේශ චිත‍්‍රපටය හිමි සම්මානය වෙනුවෙන්ද එය නිර්දේශ විය.බි‍්‍රතාන්‍යය සම්මාන උළෙලේදිඋන් ප්‍රොපෙට්’ ඇගයීමට ලක්වූයේ ඉංගී‍්‍රසි බසින් නොවන හොදම චිත‍්‍රපටය ලෙසය.
2012 වසරේදී අවුඩිඩාර්ඞ් අධ්‍යක්ෂණය කළිඩෙ රොවුලි එට් ඩෙ ඔස්’ චිත‍්‍රපටයද සම්මාන රාශියක් දිනාගැනීමට සමත්විය.හොදම තිර පිටපතට හිමි සීසර් සම්මානය හිමිකරගත්තද මේ අවස්ථාවේදී හොදම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය හිමිකරගන්නට අවුඩිඩාර්ඞ්ට හැකිවූයේ නැත.චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයට පණ දුන්නේ මාරියොන් කොටිලාර්ඞ් නිළියයි.ඇයගේ ප‍්‍රතිභාපූර්ණ රංගනය මෙම චිත‍්‍රපටයට විශාල සම්මාන සංඛ්‍යාවක් හිමිකරදුනි.
එයින් වසර 3 කට පසුව අවුඩිඩාඞ් දීපන් අධ්‍යක්ෂණය කළේ තම හත්වැනි චිත‍්‍රපටය ලෙසය.දීපන් ඔහුට තම ප‍්‍රථම පාල්ම් ඞ් ඕර් සම්මානය හිමිකර දුනි.
අලූත් ඇසකින්
ප‍්‍රංශයේ ජීවත්වන ශී‍්‍රලංකා දෙමළ සරණාගතයින් වඩා ගෙතෙන චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට ජාක්ස් යොමුවුනේ ඇයි? මෙය සියලූදෙනා හමුවේ තිබුණු පැනයකි.
මට මේ චිත‍්‍රපටයෙන් වුවමනා වුනේ අනෙක් අය ගැන කතාකරන්න.අපට එදිනෙදා හමුවන සාමාන්‍ය පුද්ගලයින්,අපට පාරේ මල් විකුණන පුද්ගලයින් වගේ අය ගැන කතාකරන්න.ඔවුන් ගැන අප මොනවාද දන්නේ ඇත්තටම? ඔවුන් ලෝකය දකින්නේ කොහොමද? මේක ටිකක් විකාරයක් වගේ පෙනේවි.නමුත් මේ චිත‍්‍රපටයේ තේමාව එයයි.
කෑන් සම්මාන උළෙලේදී ඔහු ඊට පිළිතුරු දුන්නේ එසේය.
මේක ඇත්තටම ප‍්‍රංශ චිත‍්‍රපටයක්.එකම වෙනස භාෂාව දෙමළ වීම.තිර පිටපතේ ගෙතී තිබුණේ අසාධාරණයට එරෙහිව සටන්වදින පුද්ගලයෙකු වටා.හොද කතාවක් ඒක ඇත්තටම.නමුත් මට වුවුමනා වුනේ ඒ වගේ දෙයක් නොවේ..පස්සේ තමයි අදහස ආවේ මේකට ආදරයත් සම්බන්ධ කරන්න පුලූවන්ය කියලා.තමන්ගේ පවුල වෙනුවෙන්,පවුලට තිබෙන ආදරය වෙනුවෙන් සටන් වදින මිනිසෙකු ගැන කියවෙන දීපන් චරිතය චිත‍්‍රපටයට නැගුනේ ඊට පස්සේ. ඔහු මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු දෙමින් කීවේය.
මේ සදහා ශී‍්‍රලංකා දෙමළ සරණාගතයින්වම තෝරාගැනීමත් කාලයත් සමග තමන් ගත් තීරණයක් බව අවුඩිඩාර්ඞ් කීය.’මේ අය අන්තරායෙන් පැන යමින් හිටියේ.ඉතින් ඒකත් එක්ක ප‍්‍රංශය ඈදා ගැනීමේ අදහසක් මට තිබුණේ නැහැ.ශී‍්‍රලංකාව කියන්නේ මොන වගේ රටක්ද කියලා මට කිසිම අදහසක් තිබුණෙත් නැහැ ඇත්තටම.මේ චිත‍්‍රපටයට ඉස්සෙල්ලා සිතියමක් දුන්නත් ශී‍්‍රලංකාව තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න බැරි තත්ත්වයක මම හිටියේ.’ ඔහු පැවසීය.
‘තමන් උපන්බිම අතහැරලා එන්නට සිදුවෙන එක මිනිහෙකුට විදින්න පුලූවන් ලොකුම දුකක්.මා සිතන්නේ නැහැ මේ චිත‍්‍රපටයට ප‍්‍රංශ නලූ නිළියන් යොදාගත්තානම් ඔවුන් ඒ වගේ ඉරණමක් අත්වූවන් විදිහට හැසිරේවි කියලා.’
භාෂාව ගැනද අදහස් දැක්වූ ඔහු දෙමළ භාෂාවෙන් තමන්ගේ නළු නිළියන් අදහස් හුවමාරු කරගත්තේ යැයි තමන්ට ගැටලූවක් නොවූ බව කීය.
අධ්‍යක්ෂකවරයෙකු දැනගන්න ඕනේ මොන භාෂාවකින් හරි තමන් යටතේ ඉන්න නළු නිළියන් එක්ක සංවාදයේ යෙදෙනේන.ඔහු කීය.
‘ඇත්තටම දීපන් එක්ක සරණාගතභාවය,පවුල,රටකින් රටකට යෑම එකතු කරන්
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
"දීපන්" වංහුං
දහම් Friday, 12 June 2015 11:26 PM
අපිට අහිමිවුණ සම්පත් වලින් බටහිර වැඩගන්න හැටි පේනවද? (නි)
අබේධීර Friday, 12 June 2015 12:17 PM
ඉතා හොඳ ලිපියක්. මේකේ ශ්‍රී ලාංකික දෙමළ නලුවා එල්ටීටී විරෝධියෙක් ලෙස ප්‍රංශයේ ප්‍රකට අයෙක්.මොහුව ලංකාවට කැඳවා උපහාර ප්‍රධානය කිරීමට වටිනවා. (නි)
සිරිසේන Saturday, 13 June 2015 02:32 AM
නමුත් මොහු ගැන තවත් කතාබහ මීටකලින් තිබුණා නේද? (නි)
පවිත්‍රා Friday, 12 June 2015 01:30 PM
මීට කලින් පළවුණ ලිපියක මම දැක්කා මේ නළුවා ලංකාවේ තිබෙන තත්වය අනුව තවමත් ලංකාවට යන්න බයයි කියලා තිබුණා (නි)