අලුත් දේශපාලන පක්ෂයකුත් නව ජාතික සන්ධානයකුත් හදන්න කතාකරන පොදු විපක්ෂ කස්ටිය ප්‍රධාන පක්ෂය දෙකට තියන හයිය ගණන් බලන්න තීන්දු කළා.
පක්ෂයක ශක්තිය මනින්නෙ කවුන්සිලේ ඉන්න මන්තිරි ගොල්ලගෙ ගණන අනුවයි. ඒ අනුව මේ ගැන පොදු විපක්ෂ ජ්‍යෙෂ්ඨයෝ හිටපු ලොකු තැන එක්ක පොඩි සාකච්ඡාවක් කළා කියල ආරංචියි.
එතෙන්දි හිටපු ලොකු තැන ප්‍රධාන පක්ෂවල දේශපාලන හයිය ගැන අපූරැ කතාවක් කිව්වලු.
"දන්නවද දියවන්නාවෙ ඇත්තම ශ්‍රී ලංකා කාරකයෝ කීයක් ඉන්නවද කියල... හරිම ගණන 82යි.." උන්නැහේ කිව්වා...
ඊළඟට දන්නවද දියවන්නාවෙ ඇත්ත අලි පාටි කස්ටිය කීයක් ඉන්නවද කියල හරිම ගණන ඒත් 82යි. එයා ආයෙමත් කිව්වා...
ඔය පක්ෂවල ඉන්න ඊට වඩා වැඩි කස්ටිය සේරම වෙන වෙන පක්ෂවලින් ආණ්ඩුවටත් විපක්ෂයටත් සම්බන්ධවුණ අය... ඒ නිසා ඇත්තටම හයිය ගණන් බැලුවොත් දෙගොල්ලම ඉන්නෙ එක බෝට්ටුවෙ... එහෙම වුණාම ඕන වෙලාවක බලය තියන අයට බලය නැති වෙන්නත් බලය නැති අයට බලය ලබාගන්නත් පුළුවනි.
අන්න ඒක තේරැම් ගන්න බැරිවෙච්ච එකයි හුඟ දෙනෙකුට වෙච්ච ප්‍රශ්නෙ... පරණ ලොකු තැන කතාව කම්මුතු කරමින් කිව්වා.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දෙපැත්තෙ හයිය