වර්තමානයේ බොලිවුඩයේ ජනප්‍රියතම පෙම්වතුන් යුවළ ලෙස නම්ව ඇති රන්වීර් සිං හා දිපීකා පදුකෝන් දෙදෙනා විරසක වූ පුවතක් ‘ලයිෆ් ඔෆ් බොලිවුඩ්’ වෙබ් අඩවිය වාර්තා කරනවා. මොවුන් දෙදෙනා මෙසේ විරසක වීමට හේතුව කුමක්ද යන්න තවමත් නිශ්චිත පැහැදිලි නොවන අතර, නිල නොලත් වාර්තා සඳහන් කොට ඇත්තේ රන්වීර්, සිය අලුත්ම චිත්‍රපටය වු ‘බේපීක්රේ’ හි රංගනයෙන් දායක වන වානි කපූර් සමගින් රහස් ප්‍රේම සම්බන්ධයක් පැවතීම මෙලෙස ඔවුන් දෙදෙනාගේ වෙන්වීමට හේතුව වී ඇති බව සඳහන්.
මීට පෙරද ඔවුන් දෙදෙනා සිය ප්‍රේම සම්බන්ධය නවතා දැමූ බවට තොරතුරු වාර්තා වුවද පසුව ඔවුන් දෙදෙනා නැවතත් එක්ව තිබුණා. ඒ නිසාවෙන් මෙම පුවතද බොහෝ පිරිසක් මත පළ කර සිටින්නේ රන්වීර් සිංගේ අලුත්ම චිත්‍රපටය වු ‘බේපීක්රේ’ සඳහා ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීම අරමුණින් සිදු කරන්නක් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd