ශ්රී ලංකා මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අයවැයට පෙර විවාදයක් ඕනෑ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පක්ෂ නායක කමිටුවේ දී ඒ සඳහා දිනයක් වෙන් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.අපට හංගන්න දෙයක් නෑ ඒ නිසා විවාදයකට අපි සූදානම්යැයි ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අපට හංගන්න දෙයක් නැහැ" කියලා කිව්වේ ටිකක් හුළං බැහැපු ස්වරයෙන්. ඔය වගේම කතා කියලා ජනතාව රවටාගෙන රට පාලනය කරපු ඇතැමුන් ගැනත් අපි දන්නවා (නි)
විවාදයට වැඩිය හොඳයි රෙස්ලින් ගහන්න ලෑස්ති කරමු. ආණ්ඩුවයි, විපක්ෂෙයි, දිනන කට්ටිය කරපු සේරම හොර වැඩවලින් නිදොස්කොට නිදහස් කරනවා. පැරදුන කට්ටියට බෙහෙත් තෙල් කුප්පියක් (නි)
හංගන්න දෙයක් නැහැ, සියල්ල එළිවෙලා අවසන් නිසා (නි)
අනේ මේගොල්ලන්ගේ විවාද! (නි)
පහුගිය කලේ කෝප් වාර්තා 30 කුණු කුඩයට දැම්ම ඔය වෙලාවේ ඔය මහත්තය කොහෙද දන්නේ නැහැ හිටියේ. ජ වී පෙ පින්සිදු වෙන්න දැන් එනවා අනුන්ගේ පහනින් පෙන බලන්න . ඔබතුම ඔය වටේ ඉන්න කට්ටියගේ හොරකම් ටික මුලින්ම බැලුවනම් නේද හොද (හේ)
දැන් අර ගීතාට පිටරට පුරවැසිභාවයක් තියනවා කියලා කේස් තියනවා නේද? අර්ජුනට නැද්ද? (නි)
දැන් මොන විවාදද? ඔන්න ලංකාවේ ලොක්කන්ගේ කෙරුම්... එතකොට පිටරටක පුරවැසියකුට කොහොමද ලංකාවේ ඔවැනි තානාන්තරයක් දුන්නේ? (නි)
සහන්, ජවිපෙත් යහපාලන කොටස්කාරයින් කියලා අමතකද? (නි)
මහා බැංකුව වංචාව විතරක් නොවෙයි කෝප් එකේ තිබුණු අනිත් දුෂණ වංචා ගැනත් විවාදයක් ඉල්ලුවා නම් නේද සුදුසු. (නි)
පුළුවන්තරම් හංගන්න උත්සාහ කළානේ. (නි)
මේ අයත් හැමදේටම කඩාගෙන පනිනවනේ ඉතින් (නි)