අබාධිත සෙබළු අද (03) සිව්වැනි දිනටත් කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණය කරති.පොරොන්දු වූ පරිදි රජය තම ඉල්ලීම ඉටු නොකරන බව ඔවුහු කියති.
“අපි දේශපාලනය කරනවායැයි හංවඩු ගහනවා.අපිට එහෙම දේශපාලනයක් නැහැ.නමුත් අප සමග සටනට එක් වන ලෙස හිටපු ජනපතිට,හිටපු ආරක්ෂක ලේකම්ට,බොදු බල සේනාවට සහ රාවණා බලයට ආරාධනා කර තිබෙනවා“යැයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලකාය කියයි.
මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ මාධ්‍ය හමුවකදී පැවසුයේ ඔවුනට දුබලතා විශ්‍රාමතා වැටුප සහ මුලික වැටුප සම්පුර්ණයෙන්ම ගෙවීමට ජනපති තීරණය කර ඇති බවයි. ඇතැමුන් දේශපාලන උවමනාවට කටයුතු කරන බවත් අබාධිත සෙබළුන් ඇතැමෙකු උදේට වෑන් වලින් ගෙනත් දමා හවසට රැගෙන යන බවත් ඔහු කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය ආණ්ඩුවෙන් මේ විරුවන්ට දෙන දීමනා සියල්ල සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබුනා. නමුත් නව රජය යටතේ ඒ සේරම යටගියා. මිටවැඩිය ලොකු නැද්ද දියවන්නාවේ 225 ට කෝටි ගණන් වල සැප වාහන, මිලියන ගණන් ගෙවන්න වහලා තියන්න කඩේ ගිය අයගේ බිල්ඩින් කුලියට ගන්න, විදේශ සංචාර, වැඩක් නැති අමාත්‍යංශ පිහිටුවන්න කෝටි ගණන් වියදම් කිරීම. ඉවසලා කැප කරන්න ඡන්දයක් එනතුරු. (නි)
ධනුක වැනි අය සිටින රටක ජීවිතය පූජාකර රටක් රැකීමට හමුදාවක් අවශ්‍ය නැත. තම අත් පා අහිමි කරගනිමින් රට රැක ගත් යුධ විරුවන් තමන්ට ජීවත්වීම වෙනුවෙන් තමන්ට හිමි මුදලක් ඉල්ලා සිටිනවිට එයට දේශපාලනය ඈඳා ඔවුන්ව අවතක්සේරුකොට පහත් කරන අය ගැන ඇත්තේ කළකිරීමකි. (නි)
මේ මිනිස්සු 2009 ඉඳල මේ තරම් කලක් නිහඬව ඉඳල දැන් එලියට ඇවිත් කරන වැඩේනම් දේශපාලනයට සම්බන්දයි කියල හිතෙනවා. මේවා ජොයින්ට් ඔපොසිෂන් එකේ සපෝර්ට් එකෙන් කෙරෙන්නේ. කල්පනාවෙන් බලන්න. ඇයි කලින් ආණ්ඩුව තීන කාලේ නිහඬව හිටලා දැන් එලියට බැස්සේ.(අ)
ඔබලට වෙඩි තියල මරන්න ඕනෑ. ඔබලගේ අතපය නැති කරන් අපිට යුද්ධය දිනා දුන් නිසා අපිට නිදහස කියල එකක් ලැබුන. එක නිසා අපිට දැන් ඔබලගෙන් වැඩක් නැහැ. අපිට දැන් ඕනෑ දෙයක් කරන ඉන්න පුළුවන්. අපිට දැන් බයක් නැහැ, උබලගෙන් වැඩකුත් නැහැ. (අ)
හැබැයි ආණ්ඩුවටයි ලැජ්ජා. මොකද මේ හරහා විදේශිකයෝ එහාට මෙහාට යනවා. මොනවාහරි කරන්න (නි)
මේ වෙනුවෙන් වචනයක් කතා කරන්න එකම සිවිල් වැසියෙක් වත් නැති එක ගැන අපි මීට වඩා දුක් වෙන්න ඕන. දේශපාලුවෝ ගැන නම් කතා කරන්න දෙයක් නෑ නේ කොහොමත්. (අ)
රට වෙනුවෙන් යුද වැදුණු මේ රණවිරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප හැකි ඉක්මනින් ලැබෙන්න සලස්වන්න. (ම)
කව්රු කරත් මේවා නම් සහගහන අපරාධ !! (හේ)
මේ මිනිස්සුත් අඹු දරුවන් ඉන්න අප්පච්චිලා. ඒ මිනිස්සු ආබාධිත වුණේ අපේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් මොනවත් නොකරන ඇමතිලාට කෝටි ප්‍රකෝටි ගණන් ගෙවන්න මුදල් ඇමතියටයි රාජ්‍ය ඇමතියටයි සල්ලි තියනවා ඒත් මේ මිනිස්සු දිහා ඇස් ඇරල බලන්න ඒ අයට බෑ. (අ)
රණවිරුවන්ගේම වැරැද්ද තමා මේ! මේ වගේ අය බෝම්බ වලින් එලොව යන්න නොදී යුද්දේ දිනුව එක! (ම)
ඇමතිතුමා, ජනපතිතුමා තීරණ ගත්තාට මාසේ අන්තිමට මේ රණවිරුවන්ගේ අතට මුදල් ලැබෙන්නේ නැත්නම් ඒ තීරණයෙන් වැඩක් තියෙනවාද. කරුණාකර මොවුන්ගේ අතට විශ්‍රාම වැටුප ලැබෙන්න සලස්වන්න.(හේ)
මේ මිනිසුන්ට ඒ දීමනා ලැබෙනවානම් මේ විදියට අවුවේ තපින්න ඕනෑ නැහැ. මේ මිනිසුන් අැඟේ අවයව අහිමි කරගත්තේ ඔබ අපි හැමෝටම රටේ ආරක්ෂාව වෙනුවෙන් දිවි පුදා තම රැකියාව කළ පාපයටයි. ඒවාට කළගුණ තමයි රටක් හැටියට ඔය අවුවේ තපින්න දීලා තියෙන්නේ (නි)
රට වෙනුවෙන් යුද වැදුණු විරුවන් මහමඟට ඇදදමමින් රටට එරෙහි වූ ත්‍රස්තයින්ට වන්දි පුදන අය ගැනයි අපිට තරහා (නි)
එතකොට දුම්රියපොළ ඉස්සරහා රෑටත් බිම නිදාගෙන ඉන්නේ? කියන බොරු වලින්ම පේනවා මේ ප්‍රශ්නය විසඳන්න රජයට තියන ඕනෑකමේ තරම. (නි)
මේ කතාකරන්නෙත් සෙබළුන්ගේ පිහිටෙන් දිනූ යුද්ධය පෙන්වා ඡන්ද ගත් අයම නේද. (නි)