එච්.එන්.ඩී පාඨමාලාව උපාධී සමානතාව ලබාදුන් බවට විශ්ව විද්‍යාල ඇමැතිවරයා සහ ආණ්ඩුව නිතරම කළත් මේ දක්වා ප්‍රකාශ කළත් මේ දක්වා නිතිමය අවශ්‍යතාව ඉටුවී නැතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා අද (11) පැවැති හමුවක දී පැවසීය.
එම පාඨමාලාව උපාධියට සම තත්ත්වය ලබාදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේ දක්වා නිකුත් කර නැති බවත් ශිෂ්‍යාධාරය රුපියල් පන්දහස දක්වා වැඩිකිරිම ඇතුළු ශිෂ්‍ය ගැටළු විසදෙන තුරු දිගටම අරගල කරන බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ දෙමව්පියන්ටත් එසේ මෙසේ කන්කරච්චලයක් නෙවෙයි ගෙදර ඇත්තේ. ඉල්ලන දේ නොදුන්නොත් ගෙදර අනෙක් ළමයින්ගේ කනේ කරේ තියෙන එක ගලවලා හරි දෙන්න වෙලා ඇති. (අ)
මේ ළමයිනේ ඔබලාට මෙහෙම අඩි පොලවේ ගසමින් රුපියල් පන්දාහක් ඉල්ලන එක බොහොම ලේසියි . නමුත් මෙහෙම බදු ගෙවමින් , මාසයක් පඩිය අතට එනකන් බලා ගෙන ඉන්න රටේ මින්ස්සුන්ට කොච්චර අමාරුද කියලා රස්සාවට ගිය දවසට තේරේවි. (අ)
බදු ගෙවන්න අමාරුනම්, කන්න නැත්තම් අපිට ලැබෙන දේ කප්පාදු කරන්න කියන්න එපා. ඔයාලාම පත්කළ ආණ්ඩු වලින් ඉල්ලාගන්න. අපි ඉල්ලන්නෙ අධ්‍යාපනය නිදහස් කරන්න කියලා. ඒක මානව අයිතියක්. වරප්‍රසාදිත මිනිසුන්ට විතරක් ඉගෙනගන්න කියන්න බැහැ (නි)
මේ ගොල්ලෝ කියන කියන එක දෙන්නත් ඕන.ළමයිනේ එක දවසකින් දෙකකින් ඕව වෙන්නේ නැහැ.. මම දැනට අවුරුද්දක ඉඳල මගේ ව්‍යාපාරික කටයුත්තකට අවසර ඉල්ලමින් ඉන්නවා ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවෙන් එක තවමත් නැහැ. මටත් පුලුවන්ද දන්නේ නැහැ ඔය ළමයින් වගේ උද්ඝෝෂණ කරන්න. අනික ළමයිනේ මතක තියාගන්න .රටෙන් අපිට හොයන්න කලින් අපෙන් රටට මොනවද කෙරිලා තියෙන්නේ කියල බැලුවොත් නරකද?(අ)
අපරටේ උපාධියට පිටරටවල තියෙන ගෞරවය පිළිගැනිම නැතිකරන්න එපා. මෙය එන් ඩි ටි ඩිප්ලොමා පාඨමාලා සහතිකයක්. එසේනම් එන් ඩි ටි.විදුහල නැතිකර එය විශ්ව විද්‍යාල බවට පත් කර බදවාාගන්නා අධ්‍යපන සුදුසුකම එ් මට්ටමට ගන්න. (බ)
මම නම් කියන්නේ මේ ඉල්ලීම් වලට කන්දෙන්න එපා කියලයි. (නි)
ඊළඟට ඉල්ලාවි පුටු රත් කරමින් අයිස් ගහන්න රජයේ රැකියාවක්. අනෙක් රටවල උසස් අධ්‍යාපනය කරන ළමයින් සමාජ සේවයේ සහ ස්වෙච්චා සේවයේ යෙදෙනවා. අපේ කට්ටිය ගනු විතරයි. දෙනු නැහැ (බ)
මුන්ට පිස්සු ඩිප්ලෝමා පාඨමාලාවකට උපාධිය සමාන වෙන්නේ කොහොමද (බ)
ලංකාවෙන් එහා ලෝකයක් ගැන නොදන්නා සමහරු ලෝකයේ දියුණු රටවල් එකක්වත් අධ්‍යාපනය නොමිලේ දෙන්නේ නැති බව දන්නේ නැහැ. හැම එකම නිකන් ගන්න බලාගෙන ඉපදිලා තියෙන්නේ. මේ රට තව ශත වර්ෂයක් ගියත් මෙතනම තමයි. කට්ටියක් බදු ගෙවනවා. අනෙක් කට්ටිය නිකම් ලැබෙනතුරු බලාඉන්නවා (නි)
1990 වසරේදී ඒ කලේ ගිණුම්කරණ උපාදී තියන අය අඩු නිසා එකට විසදුමක් ලෙස මේක උපාධියට සමාන කළේ යම් යම් අවස්ථාවලදී පමණි. දැන් එහෙම තත්ත්වයක් නෑ. ඕන තරම් ගිණුම්කරණ උපාදිධාරීන් ඉන්නවා. ඩිප්ලෝමාවක් කියන්නේ උපාදියක් නෙවෙයි. මේක ගැන උපාදිධාරීන් මීට වඩා දැනුවත් විය යුතුයි. (අ)
මොරටුව විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ උපාධි සිසුන් පෙනී සිටින අවසාන විභාගයටවත් පෙනී සිටීමට සැලැස්වීමෙන් අනතුරුව ලබා ගන්නාවූ ප්‍රතිපල වලට අනුව ඩිප්ලෝමාධෘරින්ට උපාධිය පිරිනැමීම වටී. දැනුම අසමාන වූ පිරිස් එකම තලයකට ගෙන ඒම අනුමත කල නොහැක.(ම)
මේ වගේ ශිෂ්‍ය ව්‍යාපාර ගැන අපිට නම් ඇත්තේ ලැජ්ජාවක් (නි)
ගමගේ කොයි ලෝකෙද අධ්‍යාපනය නොමිලේ දෙන්න කියලා තියෙන්නේ ? එක මානව නිදහසක් තමයි එත් එහෙනම් මොකද මිනිස්සු සල්ලි ගෙවලා ඉගෙන ගන්නවාට විරුද්ධ ? කටවල් නම් සද්ධයි එත් හිතන්නේ හැම දේම නිකම්ම ගන්න. (ර)
අධ්‍යාපනය නොමිලේ දෙන්න කියලා නැති උනාට මහත්තයෝ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි අත්‍යවශ්‍ය සේවා මිලක් නොගෙවා ලබා ගන්න පුලුවන් වෙන්න ඕන. නැත්තම් ඔයාට මට ඉගෙන ගෙන කාකාස තමයි. (ස)
ඇත්තටමමේ උසස් අධ්‍යාපනයේ ඉවසීම් ගැන වීමක් නැද්ද? නීති කටයුතු චක්‍රලේඛන විසිල් ගහන වේගයෙන් කරන්න පුලුවන්ද ? අනෙක තවත් ඉල්ලීම් ඒ අස්සේ මතක් කරනවා. දැන් ඔයගොල්ලන්ට තිබෙන තදියම මේ රටේ බදු ගෙවන උදවියටත් හැදිලා " අපිට බදුගෙවන්න බැරියෝ " කියලා ඔක්කොමලා පාරට බැස්සොත් මොනවා වේවිද ? මේ රටේ තවත් ප්‍රශ්න තිබෙනවා, රජයට තිබෙන එකම වගකීම ඔයගොල්ලන් විතරක් නෙවෙයි. (බ)
මා දැනට පදිංචි ඕස්ට්‍රේලියාවේ නම් එච් එන් ඩී සුදුසුකම සමාන වන්නේ උපාධි පාටමාලාවක දෙවන වසර පුර්ණ කලවිට ලැබෙන දැනුම් සම්භාරයටය. තිබෙන වෙනස නම් උපාධි පාටමාලාවේ ඇති වෘත්තීයමය ප්‍රායෝගික පළපුරුද්ද ලබාදෙන කොටස එච් එන් ඩී පාටමාලාවේ නොමැතිවීමයි. මෙය පුර්ණ කාලීනව අවුරුදු දෙකක් සහ අර්ධ කාලීනව අවුරුදු තුනක් වේ. මෙය සමත්වී අවුරුදු දෙකක පමණ අදාළ ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමෙන් පශ්චාත් උපාධියක් පවා කල හැක. (ර)
මේ ඉල්ලන ටික දුන්නට පස්සේ ඉල්ලයි. එලියට එනකොට රජයේ නිකන් ඉන්න පුළුවන් රැකියාවක්, වාහන පර්මිට් එකක්. ඒ උනාට අතේ තියෙන්නේ ඩිප්ලෝමාවක්. වෙනත් කිසිම රටක ඩිප්ලෝමාව කිසි දවසක උපාධියක් හැටියට පිළිගන්නේ නැහැ. (ර)
එතකොට ඩිප්ලෝමා කියලා එකක් නැද්ද.? (ර)
කිව්වත් වගේ ඔක්කොම දේවල් ඉල්ලන පමාවෙන් දෙන්නකෝ. දැන් අපිටත් තියෙන්නේ උද්ගෝෂණය කරමින් පාරට බහින්න. පුද්ගලික අංශයේ මැරිලා හම්බ කරන සොච්චමයි. මේ ගොල්ලන්ට දැන් තව මොනවද ඕන ? බෝඩිමේ ඇඳ රෙද්දේ ඉඳලා ඉල්ලන දවස වැඩි ඈතක නෙවෙයිවගේ. (ර)