ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවල ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබදව බෙහෙවින් කණගාටුවට පත්වන බව සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා ජීනීවා නුවර සිට එසැණට පැවසීය.
තමා හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ඇතුළු මහත්වරු කණ්ඩායමක් සෑම රටකටම කරුණු පහදා දීමට ක්‍රියා කළ බවත් 26 වැනිදා රාත්‍රී වන තෙක් ප්‍රබල රටවල් තුනක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමට තම කණ්ඩායමට පොරොන්දු වී සිටි බවත් අවසන් වරට ඔවුන් එම තීරණය වෙනස් කිරීමෙන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පුදුමයට පත් වු බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය
ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටිම ජනාධිපතිතුමා හා රට ලැබු ජයග්‍රණයක් බව ද ඒ මහතා කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු නැතී උනත් අපි ඔබ සමගය ජනාදිපති තුමනි (අ)
කවුරු මොන දේ කිවුවත් දැන් වියයුත්ත වෙලා අවසානයි. (නි)
හැබැයි එහෙ පරිඝණක ජිල්මාර්ට් නම් දාන්න බැහැ (නි)
මේ ගැන අපට ඇත්තටම දුකයි.රට ගැන දුකයි.අප ගැන අපේ රට ගැන අපට දුකයි.නිරපරාදේ කාබාසිනියා කරන රටේ සල්ලි වලට දෙවියෝ කවදා හරි ඒ ඒ වගකිවයුත්තන්ට දඬුවම් කරයි. (නි)
අපොයි අපරාදේ අහිංසක අසරණ දුප්පත් මහජනයාගේ මුදල් (අ)
එම ප්‍රබල රටවල් 3 කියනවද? (අ)
අමල්ට තියෙන්නේ මාර මොලයක්නේ! සජින්ගේ ගානටම තියෙනවා. මීටර් දෙසීයක් ඉස්සරහට ගිහින් වමට හැරිලා තව මීටර් පනහක් ගිහින් බටහිරට අංශක 45ක් දකුණට මුහුණලා තියෙන කඩෙන් සීනි කිලෝ එකක් ගත්තහම, ඒ සීනි කිලෝ එකේ ගාන කීයද? ඒ ප්‍රශ්නය අමල්ට නෙවේ; අමල්ගෙන් සජින්ට. (අ)
මොනවා කරන්නද? දැන් හිත හදාගනිමු. (නි)
ඔබතලත් අපිට කරන්නේ ඔය ටිකමනේ දෙනව කියපු කිසිම දෙයක් දෙන්නේ නැහැනේ දැන් තේරෙනවද ? (අ)
මේ අයට තේරෙන් නෑ අන්තර්ජාතික කටයුතු භාෂාව. (අ)
සිදුවිය නොයුත්තක් සිදුවුණා. එයට හේතුව ඇමෙරිකාව ඇතුළු රටවල දක්ෂකමට වඩා අපේ අඩුපාඩු තිබීම බව මට හිතෙනවා. අපිට විරුද්ධ රටවලට තවත් අපේම කොටස් එකතු වීමෙන් අප පරාජය කරනු ලැබුවත් මේ තත්ත්වය මුල සිටම අවබෝධ කරගෙන අපි අනෙක් රටවල් දිනා ගැනීමට අපිට බැරිවීම කණගාටුවක්. අපේ අසල්වැසි ඉන්දියාව සමග සුහදතාවය වැඩි කර ගැනීමට අපි කටයුතු කළේ නැහැ. මෙහිදී ඉන්දියාව ඡන්දය නොදී සිටියේ අපිට පක්ෂවීම නිසා නොවේ. ඉන්දියාව තම අනාගත අභිප්‍රාය ඇමෙරිකාව ලවා ඉටුකරවා ගැනීම ඊට හේතුවයි. අපට ලැබුණු 12 හොඳටම ඇති. යෝජනාවට පක්ෂව ලැබෙන ඡන්ද අඩු කිරීමට අපට ඒ කොටස් දිනා ගැනීමට මොන මොන හෝ එකඟතාවයනට යන්නට තිබුණා. කෙසේ හෝ වරින්වර අපේ කණ්ඩායම් විදේශ ගතවුණාට කෙරුණු දෙයක් නැහැ වගෙයි. (නි)
අපේක්ෂා සහ සාගරගේ කතාව හරියටම හරි (නි)
මේ රටේ විදේශ ප්‍රතිපත්ති කොහොමද කියලා හිතන්න පුළුවන් මේ වෙන දේවල් වලින්ම.දැන් මේක හැමදේම සල්ලි වලට යට වුණ රටක් වෙලා තියෙන්නේ (නි)
දැන් ඉතින් ඉක්මනට අාපහු එන්න. කණ්ඩායමත් පොඩි නැහැනේ. (නි)
මේ සියල්ලටම හේතුව ඇමරිකාවයි. එංගලන්තය කියූ දේ තුට්ටුවකට ගණන් නොගෙන කොටින්ව නැති කළ එක.නැත්නම් මේ යෝජනා කිසිවක් නැහැ.අර මොළය තියෙන අමල්ගෙන් අහන්නේ, ඔබතුමා දන්නවාද ජාත්‍යන්තර පරීක්ෂණය සම්බන්ධව? පැවති ඡන්දේදි ඉන්දියාව එයට විරුද්ධව ජන්දය පාවිච්චි කළ බව? ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉන්දියාව විරුද්ධ වෙද්දි ඔවුන්ගේ භුමිය යොදා ගැනිමට දෙයි කියලා හිතෙන්නේ කාටද? අපේ සමහරු හිතාගෙන ඉන්නවා ඉන්දියාවට ඇවිල්ලා හරි පරීක්ෂණ කරයි කියලා. (නි)
කමක් නැහැ, අපිටත් ඉන්නවනේ ඇමෙරිකාව බය කරන්න කට්ටිය... (නි)
ස්වාසිලන්තෙට,උගන්ඩාවට වගේ ප්‍රභල රටවල් වලට ඡන්දය නැතුව ඇති.වපුරපු හැටියටයි අස්වැන්න ලැබෙන්නේ කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (නි)
පිස්සුද පද්මිණි, මාසයක් දෙකක් විවේකයක් අරගෙන අාපුදෙන් (නි)
අපේ රටට පක්ෂව ඡන්දෙ දෙන්න අනෙක් නොදුන් රට වලට නොහිතුණේ ඇයි? (නි)
ඒ ජිනීවා නුවර. දැන් මෙහෙ මැතිවරණ වල ඡන්දය නොදා ඉන්න අය මොකද එහෙම කරන්නේ කියලා නුවණැත්තෙකුගෙන්වත් අහලා බලනවද? (නි)
ජිනීවා කවුන්සිලය සිංහලෙන් තිබුණා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා නේද? (නි)
අමීන් මහත්තයෝ, චීනය,රුසියාව,ඉන්දියාව,ජපානය,සෞදි අරාබිය,දකුණු අප්‍රිකාව ප්‍රබල රටවල් නෙමෙයිද? ඇමරිකාවයි එංගලන්තෙයි දෙකම එකතුවුණත් අරන් තියෙන්නේ 47 න් 23 යි. ඉතුරු 24 ම කැමැත්ත ගන්න බැරි වෙලා.ඕස්ට්‍රේලියාවෙයි නවසීලන්තෙයි සහයත් ඉල්ලුවා.එහෙත් රටවල් දෙකම ඒක ප්‍රතික්ෂේප කළා.මේක ඇත්තටම ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්.ප්‍රභල රටවල් අපිත් එක්කයි. (නි)
අනේ! අපේ ලංකාවට ගිය කලක්! (නි)
නිමි වෙත, ලෝකේ රටවල් දියුනුවන විට ජන්දය ලබා දිමේ ප්‍රතිශතය අඩු වෙනවා.ඒ නිසා ඕස්ට්‍රෙලියාව වැනි රටවල ජන්දය දීම අනිවාර්ය කරලා තියෙනවා.ලංකාවේ ජන්දය දිමේ ප්‍රතිශතය සාමාන්‍යෙයන් හොඳ මට්ටමක තියෙනවා.තරඟකාරි විපක්ෂයක් නොතිබීම ජන්දදායකයින් ගේ උදාසීනත්වයට තවත් එක් ප්‍රබල හේතුවක් .(දී)
මේ වගේ මෝඩ හරක් මේවට යැව්වාම ලැබෙන ඡන්දෙනෙත් ලැබෙන්නේ නෑ (අ)
දුන්නේ නැත්නම් ඉතින් මොනවා කරන්නද? (නි)
කවුරු නැතිවුණත් අපි ඔබතුමා සමඟයි. මම ඇමරිකාවේ සිට ඔබතුමාට සුබ පතන්නෙමි.ජනාධිපති මැතිඳුනි,ඔබතුමාටත් රටවැසි සැමටත් ජේසු සමිදාණන්ගේ පිහිට පතමි.බිය නොවන්න.ඔබතුමා එඩිතරයි. (නි)
මේක ලංකාවට හොඳ පාඩමක් (නි)
දෙන නොදෙන එකට අපිට බලපෑම් කරන්න බැහැ. ඒක එයාලගේ පුද්ගලික කැමැත්ත. (නි)
හැබැයි එහේ නම් පරිඝණක ජිල්මාර්ට් දමන්න බැහැ. (නි)
මෙක හරියට ආයතන ප්‍රධානියයි, කාකාස යි වලියක් දගත්තා වගෙ.. කාකාස හරියටම හරි උනත් බහුතරය ගන්නෙ ආයතන ප්‍රධානියා ගෙ පැත්තයි... මක්නිසද යත් තමන්ට වදගත් වන්නෙ ආයතන ප්‍රධානියයි.. (දී)
ජිනිව චන්දය ඉවරයි. දැන්වත් අපේ රජය පුද්ගලික න්‍යායපත්‍ර හදාගෙන තානාපති නිල ගමන් යෙදෙන බොරු දේශපාලකයින් විදේශ සාකච්චාවලට යවනවාට වඩා, දැනුමෙන් සහ බුද්ධියෙන්ද අවබෝධයෙන් හා අත්දැකීමෙන්ද වැඩි එමෙන්ම බාහිර ලෝකයේ රටවල් සමග සුහදතාවය ගොඩ නගා ගත හැකි ප්‍රියමනාප කතා විලාශයක් ඇති දේශපාලකයින් හෝ රටට ආදරේ කරන පිරිස් අපේ ඉලක්ක කරා යවා අපිට නම්මා ගැනීමේ කටයුතුවල යෙදිය යුතුය. ඉන්දියාව නිහඬ උන විගසම ධීවරයන් නිදහස් කළා වගේ විහිළු වැඩ නොකර ක්‍රමවත් වැඩපිළිවෙලකට ය යුතුය. බලය ලබාගත් පසු ඊළඟ රජයේදී ලංකාවට බලපෙම් ඇතිකරන බව ජයලලිතා කියද්දී අපි හිනහ වෙලා ඉඳලා බැහැ. අනාගතය දිනාගන්න නම් අපි වර්තමානය සුදුසු ලෙස සකස් කර ගත යුතුය. (දී)
මම කෙටියෙන් කියන්නම් මෙතන වෙලා තියෙන්නේ මෙච්චරයි. මෙයාල කියන්න ඕනදේ එයාලට තේරිලා නැහැ.(නදී)
ප්‍රතිචාර බැලුවම පේනවා කට්ටිය ගොඩක් සතුටෙන් ඉන්නේ කියලා. යෝජනාව සම්මත උනාට දේශපාලන පාට කන්නාඩි වලින් මේ දිහා බලන ගුනමකුවන්ගේ ප්‍රාර්ථනය මොන දේ සම්මත වෙලා හරි මොකා මැදිහත් වෙලා හරි මේ මහජන කැමැත්තෙන් එලවන්න බැරි ආණ්ඩුව එලවල තමන්ගේ කැමැත්තට බලය ලබා දෙන එක..උදේ හවස දෙවියන් යදිමින් මේ රටට හෙන පතන අය දන්නේ නැහැ ඒ හෙන ගෙඩි දේශපාලන බේදයකින් තොරව තමන්ගේ ඔලුවලටත් පාත්වෙන වග.(නදී)
ලංකාවට පක්ෂව ඡන්දය නොදුන් සියලුම රටවල් ලංකාවේ තියෙන පරන බංගලාවගේ සංවර්දනය වෙමින් පවතින රටවල් 12 පක්‍ෂව ඡන්ද දීම සහා ඡන්දය නොදුන් රටවල් අපි අගයමු (දී)
සංජිව, ගොඩක් ලියලා නම් තියෙනවා. හැබැයි දන්නවද පක්ෂව හා විපක්ෂව චන්දය දුන්න රටවල් සහ චන්දය දීමෙන් වැලකි හිටිය රටවල් මොනවද කියල. ඉන්දියාව එහෙම මොකද කලේ කියල පොඩ්ඩක් බලන්න. (දී)
කියන හැම දේම නොදෙන බව දැන් දන්නවානේ (දී)
ජිනිව මණ්ඩලයෙන් වරකදී සුඩානයේ බෂීර් ජනාදිපති හියුමන් රියිට් වයලේෂන් වලට චෝදිතයෙක් කර ජාත්‍යන්තර අදිකරණයට ගෙනියන්න හැදුවා. ඉතින් අල්ල ගත්තද .. බසීර් මහත්තය අර ඉන්නේ හොඳින්. . ඉන්දියාව රැවුලයි කැඳයි දෙකම බේරගත්ත.කපිටියෝ. (දී)
ඉන්දියාවට අපේ ප්‍රසාදය (දී)
අපේ රටට විරුද්ධව පරීක්ෂණ කරන්න එන්න හිතාගෙන ඉන්න අයට අපේ රටට අඩියක් තියන්න ඉඩදෙන්න, ඉඩතියන්න එපා .මහා ජන කන්දක් මහින්ද මහතා සමගයි. වහාම විරුද්ද රටවල තානාපති සබද කම් අයින්කරගන්න. අපට රුසියාව, චීනය ඉන්නවනේ.(දී)
අපේ සුන්දර රටට විරුද්ධව ගතු කියන ලද අයට ශ්‍රී ලංකාවට අඩියක් තියන්න ඉඩතියන්න එපා. අාවොත් හොඳ පාඩමක් කියාදෙමු. (නි)
මොනවා වුණත් මුස්ලිම් රටවල් ටික ලංකාවට පක්ෂව ඡන්දය දුන් එකම ලොකු දෙයක්. (නි)
දැන් ඉතින් මොනවටද මේ කතා? (නි)
මේ අයට තවම තේරෙන්නේ නැහැනේ ඉන්දියාව ඡන්දෙ නොදුන්නේ මොකද කියලා. ඉන්දියාවේ ඉඳගෙන වාර්තාව හදනකොට කට්ටියටම තේරේවි ඉන්දියාව සිල්ගත්තේ මොකද කියලා (නි)
අමල් හරි.ඒක තමයි වෙන්න ඇත්තේ. කොහොම වුණත් ලංකාවේ අනාගතය තීරණය කරන්නේ, ලංකාවේ බහුතරයයි.ලංකාව යන දිශාව තීරණ කරන්නේ ලංකාවේ බහුතරයයි.අපි බලමු ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියේ තරම කොහොමද කියලා. (නි)
අපේ නායකයා කියන විදියට අපි ඉඳිමු. එතුමා කිවුවා ඕක පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා කියලා. අපි මොකටද බයවෙන්නේ? (නි)
අපේ සමහර අයට ඇත්ත තේරෙන්න කොහොමත් කල් යනවනේ... (නි)
ඔබට තියෙන සුදුසුකම් මොනවද කියල අපිට කියනවද මෙවෙනි අන්තර්ජාතික කටයුත්තක් වෙනුවෙන් රට නියෝජනය කරන්න? අඩුමතරමේ ඔබට තියෙන සාමාන්‍ය උපාධිය ගැනවත් . (අ)
මේ වගේ කට්ටියද මේවට යන්නේ. ලැබෙන්නේ තිබ්බ ඡන්දෙත් නැතිවෙන එක පුදුමයක් නොවේ අපිට. (අ)
ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේ අන්තර්ජාතික නිරීක්ෂකයන්ට ලංකාව විසා නිකුත් නොකොළොත් ඔවුන් ඉන්දියාවේ ඉඳල පරීක්ෂණ මෙහෙයවන්න ඕන නිසා. එතකොට ලංකාවට කියන්න බැහැ ඉන්දියාව පැත්තක් ගත්ත කියල. ඔවුන්ට අපිට වැඩිය මොලේ තියෙනවා. (අ)