විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනය ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් අංගයක් ලෙස සලකන බවත් ශී‍්‍ර ලංකාව විද්‍යාවේ, තාක්ෂණයේ හා නව සොයාගැනීම්හි ස්ථම්භයක් ලෙස මග පෙන්වනු ඇති බවත් එම ක්ෂේත‍්‍රයන්හි දැනුම් හැකියාව සාමාජික රටවල් සමග බෙදා හදා ගැනීමට මග බලා සිටින බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියා සහයෝගීතා සංවාද රාජ්‍ය නායක සමුළුව අමතමින් පැවසීය.
‘නැගී එන ආර්ථිකයක් ලෙස ශී‍්‍ර ලංකාවේ අරමුණ ඉහළ ආදායම් සහිත සංවර්ධිත රටක තත්ත්වයට ළගා වීමයි. ඒ වෙනුවෙන් ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමට විශාල ව්‍යාපෘති ගණනාවක් දැනට ආරම්භ කොට තිබෙනවා. මෙම සමුළුව ආසියා සහයෝගිතා සංවාද සමුළුවට අයත් කාලපයේ රටවල් අතර සාමය, සුරක්ෂිතතාව සහ සෞභාගය ඉහළ නැංවීමට පොදු ප‍්‍රතිපත්තියක් ගෙන එනු ඇති බව මම විශ්වාස කරනවා‘ යැයි ද ජනපති එහිදී කීවේය.
මේ අතර එම සමුළුව සඳහා තායිලන්තයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉරාන ජනාධිපති ආචාර්ය හසාන් රූහේ අතර හමුවක් අද (10) පැවැත්විණි.
ලංකා - ඉරාන ද්විපාර්ශවීය සබඳතා ශක්තිමත් කරගැනීම සදහා ජනපතින් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. මෙම අවස්ථාවට ශ්‍රී ලාංකීක නියෝජිත පිරිසද සහභාගි වූහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
‘දැනුම බෙදාගැනීමට ජනපතිගෙන් ආරාධනා‘
යොහාන් Tuesday, 11 October 2016 02:54 AM
මීටවැඩිය මිනිසුන්ට හිතන්න දැවෙන ප්‍රශ්න අනන්තයි මහත්තයෝ (නි)