අනගත වැඩ ලොවට සම්බන්ධ වීමට නම් ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් සවිබල ගැන්විය යුතු බවත් 2015 වසරේ සිට අපො.ස සාමාන්‍ය පෙළ විභගය සදහා ඉංග්‍රීසි ඇහුන්කම් දීමට ලකුණු 20 ක් ලබා දීමේ ක්‍රමයක් සකස් කළේ ඒ නිසා බවත් අවසන් බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකශ කර සිටියේ කොළඹ දිස්ත්‍රිකයේ පාසල් දරුවන්ගේ මාපිය හමුවකට නුගේගොඩදී එක් වෙමිනි.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ මොහන් ලාල් ග්‍රේරු මහතා
‘ අපේ දරුවන්ට ඉංග්‍රීසි බැරි කමක් නෑ.ඔවුන්ට මෙච්චර කලයක් පුරුදු කරලා තියෙන්නෙ කියවීමට හා ලියන්න විතරයි. දරුවන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ලකුණු ගත්තහම ඇතියැයි මා පියන් හිතනවා.නමුත් ඇත්ත ඒක නොවෙයි.දරුවා හොදින් ඉංග්‍රීසි කථා කරනව නම් ඊට සතුටු වි යුතුයි. ඉංග්‍රීසි කියන්නෙ ආභරණයක් නොවෙයි.ඒක ආයුධයක් කියන එක තේරුම් ගන්න.ඉතින් ඔවුන් ලොව සමග ගනු දෙනු කරන්න, රැකියවක් කරන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම පාසලෙන් ලබා දෙන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.
ඒ අනුව 2015දී ආරම්භ වන මෙම වැඩපිළිවෙලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය ,මේ වැඩකටයුතු කරන ආකරය වගේම ගුරු උපදේශක වරුන් පවා පුහුණු කර අවසන්.මෙම වැඩපිළිවෙල යටතේ දරුවන්ට පරික්ෂණ මණ්ඩලයක් ඉදිරියට ගොස් නැටුම් සංගීත විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටින ආකරයට ඉංග්‍රීසි සදහාත් ප්‍රයෝගිකව මුහුණ දෙන්නට වෙනවා.‘
වටරැක පුණ්‍යාලෝක විහරාධිපති පූජ්‍ය මාවල්ගම ඥාණිස්සර නා හිමියන් කීවේ රටක අධ්‍යාපනයට මුල් තැනක් දිය යුතු බවත් දැනට පවතින නගරයට පමණක් සීමා වුණු ඉංග්‍රීසි භෂා අධ්‍යාපන රටාව ගම් පුරා ගෙනයන්නට දරන උත්සාහය අගය කරන බවය.
සමස්ත ලංකා සංස්කෘතික සහයොගිතා පදනමේ සභාපති දේශමාන්‍ය සුදර්ශන ගමගේ මහතා දෙමාපිය එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ දශක ගණනාවක් මේ රටේ දරුවන් වෙනුවෙන් බලා සිටි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරිමට වත්මන් රජය ගෙන ඇති වැඩපිළිවෙලට සියලු දෙනාම වාද බේද - මතවාද අමතක කොට සහාය දිය යුතු බවය.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේවල් වලට ගරහන්න එපා (දී)
කමල් මහත්තයෝ ...හොඳ වැඩකට අත ගහද්දි කකුලෙන් අදින්නෙපා...අවශ්‍ය තැනදී ...භාෂාව තේරුම් ගන්න බැරි උනොත් කොපමණ අසරණ වෙනවද.... එහෙම...නොවෙන්නයි මේ දරන වෑයම... නිමල් මහත්තයෝ ....දරුවන්ගේ සබකෝලය නැති කරන්න ...ගුරු දෙගුරු සැවොම කැප වෙන්න ඕන ....දරුවන් පොත් වලටම සීමා කිරීමේ ...විපාක තමඊ දරුවන් ගෙවන්නේ ....අද දරුවන් අපට වඩා ගොඩක් දියුනුයි ...දරුවන්ට .යායුතු මග පෙන් වන්න ...කව්රු කලත් ..කරන හොඳ වැඩ වලටවත් .......ප්‍රශංසා කරන්න. (දී)
සර් ඔබට ජය වේවා. (ස)
සුදුස්සාට සුදුසු තැන ලැබුණු බව තව සැරයක් සනාථ වුනා. ඔබගේ නිහතමානී ව්‍යායාමය සාර්ථක වේවා. (ස)
මොහොමඩ්, ඔයාලට බාල්දිය කියාගන්න බැරුව මොන ඉංග්‍රීසිද ?මට ලියන්න ඒවා නම් තියනවා ලංකාදීප වගකිව යුතු පුවත්පතක් නිසා මම එසැනට කරදර කරන්නේ නැහැ. (ස)
මේ යන විදියට නම් ළඟදීම කඩදසිවලින් පස්ස පිහින හැටි කියාදෙන පාඩමකුත් ඇතුල් කරයි වගේ? (දී)
ඒත හොඳයි, කාලයට උචිත වැඩසටහනක්.සියලුම දරුවන් මෙය අගය කරන බව සහතිකයි. (ස)
ඔබතුමාගේ සියලු අදහස් අපේ රටේ දු දරුවන්ගේ අනාගතයට හොඳක්ම වෙන බව මට විස්වාසයි. (ස)
අන්න නියම වැඩක්.මේක මේ රටට කරන්න තිබුනේ බොහොම කාලෙකට කලින්.කොහොම හරි අනාගතය දකින කෙනෙක් විදිහට ඔබතුමගේ උත්සාහය ප්‍රශංසනීයයි.දැන් මේක දිහා වපර ඇසින් බලන අය කියාවි ගම් වලට, කහටගස්දිගිලියට කොහොමද මේක කරන්නේ කියලා.එහෙම කියලා තවත් මේ වගේ දෙයක් පස්සට කකුලෙන් අදින්න හදන්න එපා.අද උපධිධාරීන් රස්සා නැ කියලා කෑ ගහන්නෙ නැතුව නරකද ගමක ඉස්කෝලයක් ඉල්ලගෙන ගිහින් නිදහස් අධ්‍යාපනයේ දරුවන්ට මේ වගේ දෙයකදි සහාය දක්වන එක (ස)
ග්‍රේරෝ ඇමතිතුමාට මගේ ආචාරය. ඔබ නිසා රටට, අපේ දරුවන්ට ලොකු සෙතක් වන බව පැහැදිලියි. ඔබේ උත්සාහය සාර්ථක වේවා! අධ්‍යාපන අමාතංශයේ ඉන්න යල් පැනගිය මොළ ටිකත් හෝදගෙන මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා! හැබැයි, ඔබතුමාගේ කකුලෙන් අදීයි, බලාගෙන. (දී)
යෝජනාව හොඳයි.ගම්බද දරුවන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න එපා. ටියුෂන් ගුරුවරු මේකට අලුතින් ටියුෂන් පටන් ගනීවි. (ස)
සුභ පැතුම්.(නදී)
"ඉංග්‍රීසි කියන්නෙ ආභරණයක් නොවෙයි.ඒක ආයුධයක්" - කතාව හරි. ඒත් ඉතින් 1956 දී ලොකු කට්ටියට ඕන වුනේ ඉංග්‍රීසි ආභරණයක් විදියට ඒ පන්තියට විතරක් තියා ගන්න නේ. ඒකේ ප්‍රතිවිපාක නේ අපි තවම ගෙවන්නේ. එහෙම නොවුන නම් අපේ රටේ උගත්තු, බුද්ධිමත්තු කී දෙනෙක් අද ලෝකේ වටේ ඉහල තනතුරු වල ඉන්නවද? (ස)
සමහර ළමයි ඉන්නවා ඉංග්‍රීසියෙන් තියා සිංහලින්වත් පිරිසක් ඉදිරියට ගිහින් කතා කරන්න බය. එහෙත් ඒකේ තේරුම සිංහල බැරිකම නෙමෙයි. ඉතින් ඒ වගේ ළමයි මේකෙන් අසමත් වෙනවා නේද ඉංග්‍රීසි හොදට පුළුවන් වුණත්? ළමයින්ට සිංහලෙනුත් පිරිසක් ඉදිරියට ගිහින් කතා කරන්න පුරුදු කරන්න වෙයි නේද? (නි)
අපි මොකටද සුද්දගේ බාශාවට මෙච්චර දඟලන්න්නේ , ඔය භාෂා අපිට එපා (දී)
පහන් මඩුගල්ලේ, ඔබ ජපන් අගමැති කෙනෙක් ගැන ලිය ඇති කතාව නම් අපුරුයි. (දී)
පහන් මඩුගල්ලේගේ කතාව අහල මට ලියන්න ගිය එකත් අමතක වුණා. (දී)
ඉතාමත් අගය කල යුතු සහ අප රටේ බොහෝ පාලකයන්ට නොපෙනෙන ඇත්ත ඔබතුමා දැක තිබෙනවා. ගොඩක් පමාවී හෝ මෙවන් පියවරක් ගැනීම ඉතාමත් වටිනවා. එමෙන්ම අපි ලංකාවෙන් පිට වෙන රටකට ආවිට එය ඉතාමත් හොඳින් දැනෙනවා. (ස)
නියම වැඩක් (දී)
මේක ගොඩක් කලින් කරන්න තිබුන දෙයක්. නැත් නම් අපිට ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ තමා ඉන්න වෙන්නේ. (දී)
සිංහලයට ඉංග්‍රීසි එදත් හොඳට බැහැ. අදත් හොඳට බැහැ.ලංකාවේ ඉංග්‍රීසි හැසිරවීමෙන් මුල්තැන,මුස්ලිම් අය,දෙවෙනි තැන දෙමල අය,අන්තිමට තමයි සිංහල ඉන්නේ (නි)
ලොකු දෙයක්. විශේෂයෙන්ම සිංහල අයට ඉංග්‍රීසියේ වටිනාකම වටහලා දෙනවට. අනෙක් ජාතින් වැඩි කොටසක් ඉංග්‍රීසියෙන් දැන් ඉගෙන ගන්නේ. ඉංග්‍රීසි භාෂාව දැනගත්තම වාසියක් මිස අඩුවක් වෙන්නේ නැහැ (නි)
හොද වැඩක්. සිංහල වගේම ඉංග්‍රීසි මොන්ටිසෝරියකුත් ආරම්භ කළා නම් කොච්චර හොදද? (නි)
ගොඩක් හොඳ බුද්ධිමත් තීරණයක් සර්.ඔබට අධ්‍යාපනය දියුණු කරන්න පුළුවන්.අපෙන් සුභ පැතුම්. (ස)
මොහොමඩ්... ඔව් ඔව් හැම එකේදිම ඔයාල මුල් තැන අනිත් අය දෙවෙනි තැන, අපි තමයි අන්තිම ...ඒ උනාට මුල මැදට අමතක වෙනවා. අන්තිම අය නිසා රැකුණේ.... රැකෙන්නේ .. කියලා ....හැබෑටම ඔක්ස්ෆෙර්ඩ් ...ලේ ඥාතියෙක්ද ? දැනගන්න ඇහුවේ ..මලලසේකර මහත්තයා නම් ....වැදගත් මහත්තයෙක් ..... (ස)
වැඩේ හොද වුණාට කී දෙනෙක් අසරණ වෙයිද? අසරණභාවය වළක්වන්න ක්‍රමයක් එහෙම තිබෙනවාද? එහෙමනම් ගොඩාක් හොදයි (නි)
සර් ඔබ වගේ උතුමන් බිහි වෙන්න තිබ්බෙ 1970-1980 වැනි කාලයේ.එහෙනම් අද අපිත් මීට වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරනවා.මොනවා උනත් අපේ දරුවන් වෙනුවෙන් ඔබ කරන සේවයට අපි ගොඩක් අගයනවා. ඔබ දීර්ඝායුෂ පතමි. (ස)
බණ්ඩාරනායක අයින් කරපු දේ ඔබතුමා නැවත ගෙන එන එක ගැන සතුටුයි.. මේකට ගරහන්නේ ධානපති පන්තියේ ඉන්න, අනිත් මිනිස්සුන්ට නැගිටින්න නොදී කකුලෙන් අදින කට්ටිය තමයි. (ස)
විදේශීය භාෂාවක් හොදින් හැසිරවීමේ හැකියාවක් ලබාගැනීම අප හැමට ශක්තියක් මිස අවමානයක් නොවේ. ලංකාවේ දරුවන් සුවිශේෂ හා සහජ හැකියාවන් සහ දක්ෂතාවයන්ගෙන් සපිරි පිරිසක්. බටහිර රටවල සිසුන් පාසැල් අධ්‍යාපනය තුල විදේශ භාෂාවන් අවම වශයෙන් දෙකක් හෝ ඉගෙනීම අනිවාර්යයි. ජාත්‍යන්තරය තුළ උපරිම ප්‍රතිලාභ අත්කරගැනීම සදහා භාෂාමය හැකියාවන් අත්‍යවශ්‍යයි. එවැනි පහසුකම් රට තුළ ඇතිකිරීමට ගන්නා පියවර පක්ෂ පන්ති භේදයෙන් තොරව අප අගය කළ යුතුයි. එක්තරා පන්තියකට පමණක් සිමාවී තිබු වරප්‍රසාද රටේ සෑම ජන කොටසකටම ප්‍රදේශයකටම ව්‍යාප්ත විය යුතුයි. එය රට කරවන අයගේ වගකීමක්. (නි)
ඉංග්‍රීසි වලට පෙර දැනට අත්‍යවශ්‍ය විෂයන් ටිකවත් ක්‍රමවත්ව ඉගැන්වුවා නම් මේ කතා විශ්වාස කරන්න තිබුනා. (නි)
අද බලයේ ඉන්න ඉන්න දේශපාලන පක්ෂම තමා එදා ඉංග්‍රීසි වලට බාධා කළේ. ප්‍රතිපත්ති වෙනස් වුණාවද්දෝ? (නි)
බණ්ඩාරනායක බලයට ගෙනාවේ ඉන්දියාව. අපිව අසරන කරලා අපේ රට සුරගන ඉන්දියාවට ගෙනියන්න. ඉන්ග්‍රිසි අපෙන් අයින් කරලා සිංහලයා ලෝකයෙන් කොන්කරන්න. අපේ ළමයි ලෝකය ජයගත්තොත් අපේ රට සුරන්න ඩැරි වෙන නිසයි.(නදී)
බොහොම වැදගත් පියවරක්..ඉගෙන ගන්න.ලියන්න ..අහන්න.. කතාකරන්න..කාටත් වටිනවා.සුබ පැතුම්.. (දී)
ඉතාම හොද යෝජනාවක් .සමහරු කියනවා ජපානේ ,රුසියාවේ වගේ රටවල් ඉංග්‍රීසි වලට මුල් තැනක් දෙන්නේ නැහැ කියල ඒ උනාට ජපනුන් සහ රුසියන් ඉංග්‍රීසි බැරුව ලෝකේ බාල්දු වෙනහැටි කියන්න මම පහලින් පුංචි කතාවක් ලියන්නම් (සත්‍ය කතාවක් මම ජපානයේ සිටින කාලය තුල සිදුවූ ) (දී)
නියම වැඩක් ග්‍රේරෝ මහතා දිගටම ඔය විදිහටම කටයුතු කරන්න,ස්කිප් තාක්ෂනය මාර්ගයෙන් ගම්බද දරුවන්ටත් දනුමලබෙවී.එය ගැන සැක කරන්න දෙයන් නැහැ (දී)
සාර්ථක වේවා මෙම වැඩ පිළිවෙල.මෙන්ඩිස් ඔයා හරි.. (ස)
මේ ක්‍රමය හොඳ දුෂ්කර පාසල් වලට ඉංග්‍රීසි ගුරුවරු ලබා දෙනවා නම් පමණයි. ඉංග්‍රීසි ගුරුවරු තියා සිංහල ගුරුවරුවත් නැති දුෂ්කර පාසල් වලට ලයිසියම් එකේ පුහුණු පාඨමාලා වලට කොලඹ එන්න වේවි. (ස)
ඉංග්‍රීසි උසස් පන්තියේ අයගේ අභාරණයක් ලෙස සලකන කාලය ඉවරයි.ගමේ හැම ළමයටම ගණන්, විද්‍යාව වගේම ඉංග්‍රීසියත් පුළුවන් වෙන ක්‍රමයක් හැදුවොත් අපේ අයට ලෝකය ජයගත හැකිය.දෙවැනි කරුණ ඉංග්‍රීසි කතා කරන එක අත්‍යවශයි. (ස)
එක ජපාන අගමැතිවරයෙක් ඇමරිකාවට ගියා එවකට ඇමරිකානු ජනාධිපති උනේ බිල් කිලින්ටන් .ජපනුන් ඉංග්‍රීසි කටපාඩම් කරගෙන ඉන්නේ ව්‍යාකරණමය වශයෙන් දන්නේ නැහැ .හව් ආ යු කිව්වහම ෆයින් තැනක් යූ ඇන්ඩ් යූ කියල අහනවා එතකොට අහපු කෙනා මි ටූ කියනවා ජපනුන් බොහෝ දෙනෙක් ඕක කටපාඩම් කරගෙන ඉන්නේ .ඉතින් ජපාන අගමැතිට හව් ආ යු කියන එක වෙනුවට වැරදිලා හු ආ යූ කියල ඇහුව කිලින්ටන් ට තේරුණා ජපන් අගමැතිට වැරදුනා කියල කිලින්ටන් කිව්වා අයි ඇම් හිලරිස් හස්බන්ඩ් කියල එතකොට ජපන් අගමැති කිව්වා මී ටූ කියල (ඒ දවස් වල ජපානේ පත්තරවල,රුපවාහිනියේ මේ සිද්දිය ගියා ) (දී)
කුමාර 2013-11-08 09:17:19 මේ ක්‍රමය හොඳ දුෂ්කර පාසල් වලට ඉංග්‍රීසි ගුරුවරු ලබා දෙනවා නම් පමණයි. ඉංග්‍රීසි ගුරුවරු තියා සිංහල ගුරුවරුවත් නැති දුෂ්කර පාසල් වලට ලයිසියම් එකේ පුහුණු පාඨමාලා වලට කොළඹ එන්න වේවි (නි)
අනර්ඝයි ! (ස)