විද්‍යුත් මාධ්‍ය විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් බදුල්ලේදී අද (13) පැවසීය.
මේ සම්බන්ධයෙන් විදුලි සන්දේශ කොමිසමේ නිලධාරින් කැඳවා සාකච්ඡා කොට පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා සදහන් කළේය.
ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව පැවැති සංස්කෘතික ප්‍රසංගයේදී 'දන්නෝ බුදුන්ගේ ' ගීතය බටහිර ආරට ගායනා කළ ගායිකාවගේ කට හඬ බැළලියකගේ මුස්පේන්තු කෑ ගැසීමකට සමාන කරමින් දෙරණ නිවේදකයෙක් එවැනි අවස්ථාවලදී ගඩොල් බාගයක් ගෙන පහර දී හැර කළ හැකි අන් දෙයක් නැතැයි ප්‍රකාශ කළේය.
බදුල්ල හෙරිටේජ් හෝටලයේදී විශේෂ ප්‍රකාශය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
ඕනෑම ගීතයක් බටහිර ක්‍රමයට ගායනා කළාද, පෙරදිග ක්‍රමයට ගායනා කළාද, චීන ක්‍රමයට ගායනා කළාද, අයිස්ලන්ත ක්‍රමයට ගායනා කළාද වශයෙන් ශාස්ත්‍රීය විවේචනයක් කළ හැකියි. හොඳ මෙන්න විවේචනය කරන්නත් අයිතිය තියෙනවා. එමෙන්ම ප්‍රශංසා කරන්නත් අයිතිය තියෙනවා. නිහඩව කිව්වාද, වචන වලින් කිව්වාද, නටලා ගායනා කළාද, ඒ ඕනෑම දෙයක් පිළිබදව අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. නමුත් ගීයක් ගායනා කළ කාන්තාවකට අපහාස කිරීමට රූපවාහිනී නාළිකාවකට අයිතියක් තිබේද? ගුවන් විදුලි නාළිකාවකට එම අයිතිය තිබේද? මුද්‍රිත මාධ්‍යයෙන් එවැනි දෙයක් කියන්න අයිතිය තිබෙනවාද? මෙවැනි අයිතියක් තිබෙන්නේ කාටද?
රාජපක්ෂ යුගයේ නම් ඕනෑම කෙනෙකුට මාධ්‍යයෙන් බනින්න පුළුවන්. අපි ඔක්කොටම එහෙම බැන්නා. පරණ පුරුදු ඇති සට්ටැඹිරාළලා ගණනවක් තවමත් මාධ්‍යයේ සිටිනවා. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය එවැනි අය බහුලව සිටිනවා. ඒවා දැන් කරන්නට බැරි බව මා අවධාරණය කරනවා. ගුවන් විදුලිය හෝ වේවා රූපවාහිනිය හෝ වේවා මෙම මාධ්‍ය අයිති එම සමාගම් වලට නොවේ. එම විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජයෙන්. මේවා අයිති ජනතාවටයි. මේ රටේ ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන්. කාන්තාවන්ට බැල්ලියක් යැයි බනින කණ්ඩායමක් අප විශ්වාස කරන්නේ කෙසේද? එසේ නම් අප ඔවුන්ට අවශ්‍ය දේ දෙන්න සුදානම් නෑ. රජයේ විකාශන බලපත්‍ර පාවිච්චි කරලා බල්ලන්ට බලු වැඩ කරන්න ඉඩ දෙන්නේ නෑ. එම නිසා මා ඒ සමාගමේ ප්‍රධානීන් කැඳවනවා. මේ පිළිබඳව විනය පරීක්ෂණ කළාදැයි මම ඔවුගෙන් විමසනවා. එමෙන්ම මේ ප්‍රකාශයට සමාව ගන්නවාද නැද්ද යන්න විමසා ඊට පසුව අප තීරණයක් ගන්නවා. රාජපක්ෂ යුගයේදී මෙන් මිනිසුන්ට බැන්න කාලය දැන් ඉවරයි. දැන් ටිකක් හැදෙන්න. වගකීමක් ඇතිව වැඩ කරන්න. ජාතිවාදය අදින්න යන්න එපා. මෙවැනි දේට අප ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා. ‘‘
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමාධ්‍ය ජනතාවට වඩා ඉදිරියෙන් ගමන් කර නිවැරදි මග පෙන්වීම කළ යුතුයි. දෙරණ මාධ්‍යෙව්දියා කළේ එයයි. දේශපාලනඥයින් ජනතාව ගොනාට අන්දවද්දී ජනමාධ්‍ය විසින් ඒවා අනාවරණය කිරීම කළ යුතුයි. නැතිනම් පොදු ජනතාවට හැමදාම රැවටීමට සිදුවේවි. මාධ්‍යකරුවා සමාජ සංශෝධකයෙකුගේ කාර්යභාරය ඉටුකිරීම නිවැරදියි. (රේ)
අර ගීතය කියපු විදියනම් වැරදියි, නමුත් බැල්ලි කියල කියපු එකත් වැරද්දක්, ප්‍රස්සිදියෙන්ම සමාව ගන්ඩ ඕනේ. (ර)
මේ කියන වැඩසටහන මාත් බැලුවා. බැල්ලියක් නොවෙයි බැලලියක් කියලයි කීවේ. බල්ලාගෙයි පුසාගෙයි වෙනස වත් හඳුනා ගන්න බැරිද..? (ර)
ඇත්තටම ඔබ අපට වටිනා තරුවක් , අසරණ උණු මෝඩ දෙශපාලඥයන් ඔබේරපිටින් යන්න හදනවා , එදිරිටම යන්න රටට සේවයක් කරන්න සුභපතමි !!! (රේ)
ඒ ගායනයට මමත් කැමති නැහැ නමුත් බැල්ලියක් කියපු එකනම් වරදියි. (ර)
මේවා තමා දැන් රටක අගමැතිට කතා කරන්න තියන ජාතික ප්‍රසන. (ර)
ඒ වුනාට බල්ලෝ උඩුබුරන සද්දේ මට ඇහිලා තියෙනවා. ඒ සද්දෙයි මේ සද්දෙයි කිසි වෙනසක් නෑ. (ර)
මේක බොදු ගීයක් නොවෙයි. සිරි සගබෝ නාට්ටයේ එන අනුරාධපුර නගර ගණන වර්ණනා කරන ගීයක්. කෙනෙක් කල පටලැවිල්ලක් නිසා අර අහස කඩාවැටෙනවා කියල දුවපු හාවා වගේ අනික් අය ගාල කඩාගෙන දිව්වා.(කෞ)
ඉතින් මේක බළල්ලු කෑගහන සද්දේ වගේ නේ. ඇත්ත කිව්වට මිනිසුන්ට දොස් කියන්නේ ඇයි? අහන් ඉන්නකොට අප්‍රිය හිතෙනවා.නන්ද මාලිනීට කියල සින්දුව කියෙව්වා නම් ඔය මොකුත් ප්‍රශ්නයක් නැහැ. (රේ)
ඔබ තුමාට සුදුසු වාග් සෛලයක් නැති එක ගැන අපි කණගාටු වෙනවා. (ර)
ගිතයනම් ගායනා කරනවා "පට්ට" විදිහට.ඒ සින්දුව අහල මගේ ඇගේ මයිලුත් කෙලින් වුණා ලස්සනට ගායනා කරන නිසා. (රේ)
සම්පූර්ණ ඇත්ත. ඔබ තුමා 100% හරි. (ර)
අගමැති තුමනි රටේ සංස්කෘතියට ආගමට අපහස වෙන විදිහට ඒ ගීතය ගායනා කෙරුවේ. දෙරණේ විවේචනය සාදාරණයි. (රේ)
මේ ගීතය එදා වගේම අදත් ජනප්‍රියයි. මම නම් මේකේ ලොකුම වරද දකින්නේ මේ සංවිධායකයන්ගේ ඇය ඒ ගීතය බලෙන් කියන්න ආවේ නැහැනේ. ඇය ඔපේරා ගායිකාවක්. මාධ්‍යට අයිතියකුත් නැහැ එහෙම අපහස කරන්න. අගමැතිත් දන ගන්න ඕනේ වරද කොතනද කියල දැනගන්න(රේ).
ඒ කියන්නේ එදා ජනමාද්ය නිදහස තිබ්බා කියන එකනේ... (ර)
ටිකක් පමාවී හෝ ඒ ජරා ප්‍රකාශය ගැන අදහස් දැක්වීමත් ක්‍රියා මාර්ගයක් ගන්නා බව පැවසීමත් ගැන අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. (ර)
""වගකීමක් ඇතිව වැඩ කරන්න"" මෙන්න ඔබගේ අදහස්, අපිටත් මහත්තයෝ එකම තමා කියන්න තියෙන්නේ. (ර)
ගීතය නම් ගයන විදිය හරි නැහැ තමයි (නි)
හරිම අප්‍රසන්නයි මට නම් අහගෙන ඉන්නත් (නි)
සරත් සෞදි : ජනමාධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය පටලව ගන්න එපා. (ර)
කොහොමටත් අපේ ආගම සංස්කෘතිය අපි රැක ගත යුතුයි. (ර)
මෙන්න ජනමාද්‍ය නිදහස දෙන්න හදනවා . (ර)
ගායිකාව මේ ගීතය විකුර්ති කර ගායනා නොකලානම් හොඳයි. හරිම අප්පිරියයි අහගෙන ඉන්න. (ර)
යහපාල ප්‍රශ්න දිහා දේසපාලන වර්ණ වලින් බලන්න එපා මේ ආකාරයට වෙනත් ආගමික ගීතයක් ගැයුවා නම් එම රටේදී සිදුවන්නේ කුමක්ද අපි දනිමු බෞද්දගමික හෝ වෙනත් ආගමික ගීත වික්‍රති වන ආකාරයට ගායන කිරීම අපි පිටු දකිමු සමාව ගත යුත්තේ එම කාන්තාව බෞද්ද ජනතාවගෙන් මේ විදියට දන්නෝ බුදුන් බයිලා ආකාරයෙන් ගායනා කෙරුවොත් හරිද ? (ර)
තියෙන අයිතිය මොකක්ද ඒ ගායිකාවට බනින්න. දන්නේ නැත්නම් කට වහගෙන ඉන්න. අවස්තාව ලැබුනා කියලා කටින් එන ඕන එකක් කියන එක නෙමෙයි ජනමාධ්‍යවේදය කියන්නේ. (ර)
ඔපෙරා වලට ඔබින සුදුසු ගීතයක් ගයනා කලා නම් මේ මොකුත් නැහැනේ. දන්නෝ බුදුන්ගේ ගීතය අපේ හදවත් වලට කිඳා බැහැපු ගීතයක්. මෙවැනි ප්‍රතිචාර නොලැබුන නම් තමා පුදුම. වෙන දේවල් නැතිවට මේවට කතා කරනවා. මේ රටේ විසදන්න වෙන ප්‍රශ්න නැහැනේ. (ර)
ඔපෙරා ගායනාවට වෙන ගීතයක් ගන්න තිබුනා. බුදුන් පිලිබද ගීතයක් නිසා මේකෙ ප්‍රශ්නයක් තියනවා. දන්නො බුදුන්ගෙ වගෙ ගීත බොහොම හෙමින් සන්සුන්ව ගයනා කරන්නෙ. සිත නිවී සෑනහී යනවා. නමුත් මෙම ඔපෙරාව අහනකොට කෙනෙක්ගෙ බෙල්ල මිරිකනකොට මරලතොනි දෙනව මතක් වෙනවා. ඔපෙරාවට හරියන ගීත ඔනෙ තරම් තියනවා මේක හරියට වොලිබෝල් එකකින් ක්‍රිකට් ගහනවා වගෙ නොගෑලපෙන වෑඩක්. (ර)
ඉතාමත්ම වැදගත් තීරණයක්. මේ ලැබී තිබෙන නිදහස වල්බුත නිදහසක් කරගැනීමට ඉඩ නොදිය යුතුයි. (ම)
සරත් ,සදාචාරය ,සංහිදියාව මේවා ලස්සන වචන නේද.? (ර)
"දන්නෝ බුදුන්ගෙ" ගීතය ලියවෙන්නෙ 1905 වසරේ සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙනි.. නීතිඥ ජෝන්ද සිල්වා විසින් රචිත මෙම ගීතයට තනුව සැකසෙන්නෙ 19වන ශතවර්ශයේ විසූ විශිෂ්ඨ ඔපෙරා සංගීතඥයෙක් වන රිචර්ඩ් වැග්නර්ගෙ ඔපෙරා නිර්මාණයක් ආභාෂය කරගෙන බව බොහෝ අය නොදන්නවා ඇති" -උපුටා ගැනීමකි දැන් ඔපෙරා ආභාශයෙන් ලියවුනු ගීතයක් ඒ ස්වරූපයෙන් කීම වරදක් වුනේ කොහොමද? (ර)
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
අපිට මේවට හිනායනවා (නි)
විද්‍යුත් මාධ්‍ය ඔක්කොම රජයට අයිතියි කියනවා නම් ඒ කියන්නේ සියල්ලම රාජ්‍ය මාධ්‍යයද? (නි)
මෙන්න තවත් නාටකයක් ලංකාවේ දැවෙන ප්‍රශ්නය ගැන. (ර)
මම කාංචනගේ අදහස අත් දෙකම උස්සා අනුමත කරමි (නි)
නියමයිනේ! (නි)
ඉතමත් වටිනා ගීතයක්, ඒ වගේම උපමාවත් අගේය. (ර)
කවදා කාපු ටකරන්ද ? අපේ කට්ටියට මැජික් මේවා , බොහොම අපුරුවට ගීතය ගායනා කළා , යමක් අලුතෙන් අලුත් විදියට කලොත් හැමදාම ඔහොමනෙ , ඉතින් කොහොමද රටක් විදියට ඉදිරියට යන්නේ ? (ර)
බැල්ලියක් කිව්වේ නෑ. බැලලියක් කිව්වේ උපමාවක්. (ර)
කවුද මේ නිවේදකයා? (නි)
අගමැතිතුමනි, මාධ්‍යයෙන් නුසුදුස්සන් එළවීමට වහාම පියවර ගන්න! (නි)
අපි මේ දන්නෝ බුදුන්ගේ නව ආරේ ගායනයට හරි ආසයි නිතර අහන්න.ජාතික නාලිකාවක දිනකට වරක් වත් උදේට උදේට ප්‍රචාරය කරන්න ආණ්ඩුව මැදිහත් වෙනවානම් අගය කරමු. යහපාලන ආණ්ඩුවක් ගොඩනගන්න වැඩි ඡන්දය දී ඔබලාව බලයට පත් කරගත්තේ මේ වෙනස දකින්නයි. ස්තුතියි. (ර)
සමහරුන්ට තවම වහල් මානසිකත්වය තියෙන්නේ (නි)
පුද්ගල චරිත ඝාතනයේ ඉහළින්ම සිටින සමහර වෙබ් අඩවි සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග අනුව මෙම ප්‍රකාශයේ සුජාතභාවය නිගමනය කළහැක. (නි)
රනිල් මහත්තයා කියන්නේ ඇත්ත (නි)
රෝෂාන් කියන දෙය ව්ස්වසකරන්නනම් එදා ගීතය විකාශනය කරන්න. නැතිනම් ඒ සම්භාවනීය ගීතය විනාස කිරීමට බැහැ මොකද ඒක ජාතික වටිනාකමක් තියන ගීතයක්. (ර)
නියමයි මහත්තයෝ (නි)
දැන් රටේ ලොකුම ප්‍රශ්නය මේක වෙයි ඊළඟට (නි)
සෑම දෙනෙකුටම නිදහසේ කතාකිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුණු පළියට වැරදි දේවල් කියන්න බැහැනේ. (නි)
මොහිදීන් බෙග් ලස්සනට බොදු ගී කියනකොට ලස්සනයි නේදී ? සාධාරණව විවේචන කරන්නත් මුඩුක්කු බාෂාවෙන් කතානොකර ඉන්නත් පුළුවන් වැදගත් මිනිසුන්ට විතරයි .ඉන්ටෙර්නෙට් තියෙන නිසා ලෝකයේ මාද්‍ය වැදගත් විදියට පාවිච්චි කරන හැටි දැක බලාගන්න පුළුවන් .අපේ රටේ විතරයි මිනිසුන්ට මේ විදයට අපහාස කරන්නේ. (ර)
දන්නෝ බුදුන්ගේ ගීතය විකෘතිකළ එකට නම් මමත් පුද්ගලිකව කණගාටු වෙනවා. නමුත් ඉහත සිද්ධියෙන් පසු ඒ ගීතය පළමුවෙන්ම (1920 දශකයේ) තැටිගත කළ ග්‍රැමෆෝන් තැටියේ ඕඩියෝ ක්ලිප් එකක් අන්තර්ජාලයේ පළකර තිබිලා ඇහුවා. ඒක සම්පුර්ණ ඉංග්‍රීසි ආරයට කරන ගායනයක්. කෙසේවුණත් කෙනෙකුගේ (නො)හැකියාවන් ප්‍රසිද්ධියේ අවඥාවට ලක්කිරීම මාධ්‍ය විසින් නොකළ යුතුයි. (නි)
ඔබ එයට අකමැති නම් ඊට කමක් නැහැ. එහෙත් පරිභව කිරීමට පෙර මඳක් සිතන්න. අපේ කුඩා රටින් බිහිවුණු විශ්ව කීර්තියට පත් ඇය පිළිබඳ අන්තර්ජාලයේ කියවන්න (නි)
මේ කතාවනම් සහතික ඇත්ත. මේවා සංස්කෘතික පරිහානියකට හේතු. (නි)
මරලතෝනි දීපු විදියට මට නම් හිතුනේ ගඩොල් භාගෙකින් ගහන්න නෙමෙයි ලොකු ගඩොලක් කටට ඔබන්න. (නි)
අපි ඔපෙරා ගීත ඕනෑතරම් ශ්‍රවනය කර තිබෙනවා. ඔපෙරා ගීත අපට නම් මැජික් නොවෙයි. නමුත් මෙවන් ප්‍රබුද්ධ,බෞද්ධ වටිනාකමකින් යුත් අමරණීය ගීතයක් මෙලෙස ගායනය කරනවිට ප්‍රසන්න හැඟීමක් ඔබේ සිත තුළ ඇතිවෙනවාද...?ගොඩක් දෙනෙක් උගුරට හොරා බෙහෙත් බිවුව බවකුයි මට නම් හැඟෙන්නේ. (නි)
මම කවදාවත් හිතුවේ නැහැ මෙතුමා මේතරම දියුණු මානවවාදී සංකල්ප ඇති කෙනෙක් කියලා. (නි)
ඔපෙරා ශෛලියට ගායන කල හැකි ගීත තිබේ...නමුත් "දන්නෝ බුදුන්ගේ" ගීතය බැති ගීතයකි, එය මෙම ශෛලියෙන් ගායනා කිරීම නුසුදුසුයි. පණ්ඩිත් අමරදේව යන් සහ විශාරද නන්දමාලනි යන් මෙම ගීතය ඉතා බක්තියෙන් හා මිහිරි ආකාරයෙන් ගායනා කර ඇත. මෙවැනි වටිනා ගීයක් මෙසේ ගැයීම පිළිබඳව එම ගායිකාව ලජ්ජා විය යුතු අතර ප්‍රශංසා බලාපොරොත්තු විය නොහැක. එසේම, එය සංවිධානය කළ උදවියත්, සාවදානව අසා සිටි උදවියත් "මඩු වලිගයෙන්" තැලුම් ලැබීමට සුදුසුය. එම නාලිකාව කරේ එය උපමාවකට සමාන කිරීමක්ය. එම ගීතයට වුණ අපහාසය පිළිබඳව කැක්කුමක් නිසි බලළරීන්ට නොමැති වීම දුකට කරුණකි. (අ)
පාර්ලිමේන්තුව ඇතුළත පිරිසිදු කරගන්න සියල්ලටම කලින්. (නි)
එම වැඩසටහන හරහාම පසුදිනම සමාවගත් දේකට පන්න පන්නා පහරගැසීම අපි නම් අනුමත කරන්නේ නැහැ. (නි)
මම ඔබ සමඟ 100% එකඟයි. සමාජයක් දියුණු වෙන්නේ සාධාරණ විදිහට යමක් විවේචනය කරනවා නම් මිස තමන්ට හිතෙන විදහට නිවේදකයෝ වෛරය වපුරනවා නම් නෙමෙයි. හෝටලයකට ආ විදේශිකයෙක්ව මරා පෙම්වතිය දුෂණය කරන රටක මිනිසුන්ගේ හැදියාව ගැන කවර කතාද? ථෙරවාදී බුද්ධාගමක්, එතුලින් ලැබුන හැදියාවක් ගැන කතාකරන්නත් ලැජ්ජයි. ගීතයක් ගයනා කරන විදිහ ඔච්චර විවේචනය කරන අය දිනපතා දරු දැරියෝ දුෂණය කරලා මරණ අය ආරක්ෂා කරන අය පාර්ලිමේන්තු යවනවා. (නි)
මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය දැන් මේකද? විවේචනයට ලක්වෙන වැඩ ජාතික දිනයේ කරන්නේ නැතුව හිටියා නම් ඉවරයිනේ. කොයිතරම් ලස්සන ගීත නාට්‍ය තියෙනවද අපිට ඉදිරිපත් කරන්න? ඇයි ඒවට අවස්ථාවක් හරියට නැත්තේ (නි)
අපි නිදහස් මාධ්‍යයට ගරු කරනවා. ඒ වගේම මාධ්‍යයේත් වගකීමක් තිබෙනවා අනිත් සියලු දෙනාටම ගරු කරන්න. එවිට සියලුම දෙනා මාධ්‍යකරුවන්ට ගරුකරාවි. අනිත් දියුණු රටවල මාධ්‍ය හසුරුවන ආකාරය බලන්න. සාධාරන විවේචන ඕනෑ තමයි. හැබැයි මාධ්‍යකරුවන්ට ජාති හා ආගම්වාද තිබෙන්න බැහැ (නි)
සිංහල බෞද්ධයා තමන්ගේ ජාතිය සහ ආගම ගැන කතාකිරීම...ජාතිවාදය අැවිස්සිමක්ද? අන්‍යයන්ට කෝ මේ නීතිය ? (බ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාණෙනි, ඔබතුමාට ස්තුතියි මෙවැන්නන් හෙළාදැකීම ගැන (නි)
මේ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුවක් කියා තවදුරටත් කීම මට නම් ලොකුම විහිළුවකි. පුළුවන් නම් කියන්නකෝ මේ ආණ්ඩුව කළ එකම එක එක දෙයක්. (නි)
මොනවද මන්දා මේ සිද්ධවෙන දේවල්? (නි)
ගායිකාවට අපහාස වූයේද නොවූයේද යන්න උසාවිය තීරණය කළයුතු දෙයකි. ගායිකාව එය අධිකරණය හමුවේ බේරාගත යුතුය. මාධ්‍යයට එළිපිට මෙසේ කීම යනු යහපාලනයද? මෙවන් දේ අප කිසිදා රාජපක්‍ෂ පාලනයේ දුටුවේ නැත. (නි)
මෙපමණ ගායක ගායිකාවන් රටේ සිටියදීත් එයාට ඔය අවස්ථාව ලැබුනේ කොහොමද කියන එක ගැනත් ටිකක් සොයා බැලුවොත් හොඳයි. (නි)
ඔපෙරා ශෛලයට නම් මමත් කැමති නැහැ. නමුත් ඒකට කැමති අය ඉන්නවා. නමුත් තමන් අකමැති දෙයකට නිවේදකයෙකුට තමන්ගේ මතය කියන්න බැහැ. (නි)
මම නම් කැමති නැහැ මෙහෙම ගීත වෙනස්කර ගයනවාට (නි)
ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. (ර)
කටට එන ඕනෑම දෙයක් කියන්න ලජ්ජා නැති සමහර අය හිතනවා තමන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහා සමාජ ආරක්ෂකයන් බව. ඒ පුද්ගලයන්ට විරුද්ධව යමක් කිව්වොත් මාධ්‍යයට බැන්න කියල ඊ ලඟට කියනවා. සමහර එෆ් එම් නාලිකාවල නිවේදකයෝ කියන කතා ඇහුවම.... (ර)
මොන නාලිකාවෙද මෙහෙම කිව්වේ? (ර)
මෙතන අදහස් දක්වන අයගෙන් මම යමක් අහන්නද? මම බයිලා තාලයට බෝධි පුජා කවි ටික කිවුවත් ඔයාලා මගේ පැත්තට ඉන්නවද? (නි)
ගායනා ශෛලිය ගැන විවේචනය කරන අය ගීතයේ ඉතිහාසය ගැන හොයල බැලුවනම් හොඳයි. නොදන්නා සංගීතයක් ගැන කියන්න ගිහිල්ල නොදන්නා කම පෙන්නුව එක විතරයි උනේ.(රේ)
කාන්තාවනට මුල්තැන දෙන්න රනිල් මහත්තයට පුදුම ඇම්මක් තියෙන්නේ. (රේ)
එතකොට අපහාස නොකළ යුත්තේ කාන්තාවන්ට, ජාතියකට සහ ආගමකට විතරද. පිරිමි අපිට අපහාස කලට වරදක් නැතිද. (රේ)
ඔබතුමා කියන කතාව නම් සහතික ඇත්ත . නමුත් මා දන්නා විදියට එම නාලිකාව ඒ ප්‍රකාශයට එම වැඩසටහන හරහාම පසු දිනම සමාව ගත්තා. (ර)
ගීතය විකුර්තිකරපු බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒකට එයටත් නඩු දන්න ඕනේ. බැල්ලියකගේ කෑ ගැසීමකට සමාන කෙරීම උපමාවක්. (ර)
මේ වගේ කතා කියන්නේ. උදව්වට ඉන්න අැම්බට්ටයෝ මේ අයට මහින්ද ගේ කාලේ. අත් වෙනුවට තටු තිබුනේ දැන් ඒ. තටු කපලා. මේවගේ අය. කොහමද. ඔපෙරා. අහන්නේ මුන්ට ඕනේ කසිප්පු බාගයක් බීලා ප්‍රේමවතී මනම්පේරි සින්දුව දාගෙන නටන්න (රේ)
මෙම ගීතය මුලින් අහද්දී මටත් යම් හැගීමක් ආවා ඒත් ඊට පසු දිනක ආචාර්ය ප්‍රෙමසිරි කේමදාසයන් ගේ දියනිය ඔප්‍රා ශයිලිය හා ඈ ඉදිරිපත් කල වැඩසටහන්ක් රෑපවාහිනියෙන් නරබද්දී ඒ ආරය බව වැටහුනි.මා දකින්නෙ මෙය අපට නුහුරු ශයිලියක් නිසා එවැනි හැගීම් ඇතිවෙන්නට ඇති. (ර)
එම සින්දුව ගායන කිරීමට ලංකාවේ කිසිවෙක් නැද්ද ?වර්තමන රජයට ඡන්දය දීමට එතෙර සිටින මම, මගේ මවට බලකිරීම ගැන කණගාටු වෙමි. (රේ)
කවුරු මොනවා කීවත් ඔය ගායිකාව ඒ ලස්සන ගීතය ඉතාමත් අමිහිරි විදිහටයි ගායනා කලේ. ඇයටත් ඔය වැඩ සටහනට එයාව ගෙනාපු අයටත් බොහොම මිහිරි වෙන්න පුළුවනි. අපට නම් ඇහුනේ ගායිකාව ඒ ගීතයට, ජෝන් සිල්වාට පමණක් නොව අසන්නන්ටත් කොකා පෙන්නුවා කියලයි. ගායිකාව ඔය වැඩ සටහනට ඉදිරිපත් කරපු අයගෙයි වරද.(රේ)
ඉතාම හොඳ වැඩක් අගමැතිදුණි, බොහොම අපුරුවට ගීතය ගායනා කළා, ඇත්තටම මේවගේ දක්ෂ කාන්තවක් ඉන්න එක ගැන අප්පි ආඩම්බර වෙන්න ඕන , යමක් අලුතෙන් අලුත් විදියට කලොත් හැමදාම ඔහොමනෙ , ඉතින් කොහොමද රටක් විදියට ඉදිරියට යන්නේ(රේ)
අපේ රටේ මාධ්‍ය හැසිරෙන ආකාරය නම්... සේයා ඝාතනයේදී අහිංසකයින්ට කෙතරම් අපහාස කළාද? ඇත්තටම මේ රටේ තියන රෑපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා හැසිරෙන ආකාරය, භාෂාව භාවිතා කරන ආකාරය ගැන දෙවරක් සිතා බැලිය යුතුය. ගරු අගමැති තුමනි, මොවුන්ට දැඩි නීති පනවා මිනිසුන්ට අපහාස කරනවාට එරෙහිව කටයුතු කරන්න. (ර)
ඉතාම හොඳ වැඩක් අගමැතිදුණි. (ර)