IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිනිත් නොදත් දිනිත්ගේ අවසන් ගමන

(තිස්ස කොටින්කඩුව)

‘අම්මේ අද දුම්රිය වර්ජනයක් ඒ නිසා දුම්රිය යන්නේ නෑ’ කියා පුතා මට දුරකතනයෙන් කීවා. මා ඒ වෙලාවේ කීවා ‘අද යන්න එපා ගෙදර එන්නැයි’ කීවත් පෙරදිනත් නොගිය මම කොහොම හරි යන්නම් කීවා යැයි දුම්රිය වහලයේ ගමන් කරමින් සිටිය දී දුම්රිය ස්ථානයේ වහලයේ වැදී මිය ගිය සිසුවාගේ මව නිරෝෂා ගුණසේකර මහත්මිය පැවැසුවාය.

දුම්රිය වර්ජනයක් හේතුවෙන් දුම්රිය සීමා වීම නිසා දුම්රියේ වහලය මත ගමන් ගත් සිසුවාගේ මරණ පරීක්ෂයේ දී  සිසුවාගේ මව මේ බව පැවැසුවාය.

මෙම අනතුරින් මිය ගියේ රත්මලාන, කටුබැද්ද ජාතික අධුනිකත්ව පුහුණු මණ්ඩලයේ ඉගෙනුම ලැබූ ගම්පහ මොරගොඩ පදිංචි වෑවලගේ දොන් දිනිත් ඉඳුවර නමැති සිසුවෙකි.

රාගම ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.අයි.එස්. දිසානායක මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේ දී රාගම පොලිසියේ සැරයන් 27096 උපනන්ද මහතා සාක්කි මෙහෙය වීය.

ගලහිටියාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිනියක වන  නිරෝෂා ගුණසේකර මහත්මිය එහිදී සාක්කි දෙමින් මෙසේ පැවැසුවාය.

‘මගේ පවුලේ ගෑනු ළමයි තිදෙනායි එක් පිරිමි දරුවායි. ඒ එකම පිරිමි දරුවා තමයි දිනිත් ඉඳුවර. මෙයාගේ අධ්‍යාපන කටයුතු ගැන මා හුඟක් උනන්දු වුණා. ඒ නිසා තමා මා මගේ එකම දරුවා මේ ටෙක්නිකල් එකට දැම්මේ. ඒත්  විශාල ප්‍රශ්න මැදයි ඒ කටයුතු කළේ. ඒ පුහුණුව අවුරුදු හතරක් තියෙනවා. මේ පළමු අවුරුද්ද ගෙවුණා විතරයි. මගේ රත්තරන් පුතාට මේ ඇබැද්දිය වෙන කොට.  දුම්රිය වර්ජනයක් නිසා අද දුම්රිය ධාවනය නොවන බව ගම්පහ දුම්රිය ස්ථානයට ගිය පුතා මට  දුරකතනයෙන් කතා කර කීවා. මම ඒ වෙලාවේ කීවා  අද යන්න එපා පුතා ගෙදර ගෙදර එන්නැයි කියා.

ඒ වුණාට පුතා ඒක ඇහුවේ නැහැ. කලින් දවසෙත් එයාට පුහුණුවට යන්න බැරි වුණා. ඒ රියදුරු බලපත්‍රය ගන්න වෛද්‍ය පරීක්ෂණයට ගිය හින්දයි. ඒ නිසා අද කොහොම හරි යන්නම් කීවා.  එයා උනන්දුවෙන් තමා මේ පාඨමාලාව කළේ. දරුවාට වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන්  හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් අපට දැනුම් දුන්නා.  හැකි ඉක්මනින් හුණුපිටිය දුම්රිය ස්ථානයට එන්න කියා දැනුම් දුන්නා.

මෙහිදී සාක්කි දුන් මියගිය අයගේ පියා වූ 49 හැවිරිදි ඩබ්ලිව්.ඩී. ප්‍රියා සුගත් පෙරේරා මහතා මෙසේ පැවැසීය.

මිය ගොස් සිටින්නේ මගේ එකම පුතා. ඔහු කටුබැද්ද ටෙක්නිකල් එකට අධ්‍යාපනය සඳහා යනවා. දැන් වසරක කාලයක සිට හැමදාම ගම්පහින් තමා දුම්රියට ගොඩ වෙන්නේ.  පුරුද්දක් වශයෙන් මා හැමදාම පුතා ගම්පහ දුම්රිය ස්ථානයට ඇරනවා.

සිද්ධිය වූ දින මා උදේ 6.00 ගම්පහ දුම්රිය ස්ථානය ඇරලු‍වා. ඒත් පුතා වෙනදා යන දුම්රිය තිබුණේ නැහැ.  ඒ වර්ජනය නිසා. ඒ අවස්ථාවේ පුතා අම්මාට ඒ බව දැන් වූවා. පුතාගේ අම්මා කිව්වා අද යන්නේ එපා ගෙදර එන්න කියා. ඒත් පුතා අම්මාට කිව්වේ මම කලින් ගියෙත් නෑ ලයිසන් ගන්න ගියා. ඒ නිසා අද කොහොම හරි යන්න ඕනෑ බව.

ඊට පස්සේ 6.40 තිබූ දුම්රියට තදබදට අස්සේ නැගලා තියෙනවා. හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් මට උදේ දැනුම් දුන්නා පුතා අනතුරට ලක්වෙලා. පුතාගේ සිරුර ගෙන යන්න එන්න කීවා. ඊට පස්සේ බිරියත් එක්ක හුණුපිටිය දුම්රිය ස්ථානයට ගියා. ගිහින් පුතාගේ සිරුර රාගම රෝහලට ගෙනාවා.

මෙම මරණය සම්බන්ධයෙන් රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.එල්.ඒ. රෝෂණී මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය හිසට සිදු වූ  තදබල තුවාල නිසා සිදු වූ මරණයක් බවට තීරණය කළාය.

ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වර්තාවට අනුව  මෙම මරණ දුම්රියෙන් වැටී හිසට වූ බරපතළ තුවාල නිසා සිදුවූ මරණයක් බවට රගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.අයි.එස්. දිසානායක මහතා තීරණය කළේය.



අදහස් (4)

දිනිත් නොදත් දිනිත්ගේ අවසන් ගමන

උධුලී Wednesday, 13 September 2023 12:19 AM

නිවන් දක්නා භවය දක්වා මෙවන් අකල් මරණයක් නොම වේවා...! සොයුර ඔබ‍ට නිවන්සුව පතමු.

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 13 September 2023 07:26 AM

දුම්රිය දෙපාර්තමේන්තුවේ හිත්පිත් නැති දුර්ජනයින්ට දේව කෝපය ලැබේවා. තම මල්ල පමණක් වැඩිකර ගැනීමට කටයුතු කරමින්, සේවය හා යුතුකම් හරිහැටි ඉටුනොකරන මොවුන් ගෙදර යවා දුම්රිය සේවය රටට වැඩදායි අන්දමින් ක්‍රියාත්මක කිරීමට පිටරට සුදුසු සමාගමක් වෙත එය දීර්ගකාලීන බද්දට ලබාදිය යුතුයි...

:       0       11

dasun Wednesday, 13 September 2023 01:49 PM

යූනියන් කාරයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට හෙණ හතම වැදියන්...

:       0       6

pakeer Wednesday, 13 September 2023 02:24 PM

කාලකණ්ණි බලධාරීන්ට සහ පාලකයින්ට හෙණම වැදියල්ලා...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site