දෝනිගේ වැඩිමහල් සහෝදරියගේ චරිතය නිරූපණය කරන භූමිකා චව්ලා
MS Dhoni: The Untold Story චිත්‍රපටය මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහකට ලක්ව ඇති සිනමාපටයකි.විශේෂයෙන්ම ඉන්දීය එක්දින නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිතයේ නොදුටු පැතිකඩක් පිළිබඳ කියවෙන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන දෝනි සඳහා රංගන දායකත්වය ලබාදෙන්නේ සුසාන්ත් සිං රාජ්පුට්ය. කෙසේ නමුත් දෝනිගේ ජිවිතයට දැඩි බලපෑමක් එල්ල කළ චරිතය වන ජයන්ති ගුප්තා හෙවත් දෝනිගේ අක්කාගේ චරිතය නිරූපණය කරන්නේ භූමිකා චව්ලාය. මේ වච්ලා සමග ෆිල්ම්ෆෙයාර් සඟරාව කළ සම්මුඛ සාකච්ඡාවයි.
MS Dhoni: The Untold Story චිත්‍රපටයට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
මට මේ සඳහා කතා කළේ නළු නිළියන් තෝරන අධ්‍යක්ෂවරයා.ඔහු තමයි මට මෙහි චිත්‍රපටයේ අධ්‍යක්ෂ නීරාජ් පාන්ඩේ මුණගැස්සුවේ.එතකොට මම දැනගත්තා මේ චිත්‍රපටය ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණයක් වෙයි කියලා.
දශකයකට ආසන්න කාලයක් ඔබ හින්දි සිනමාවෙන් ඈත්වෙලා හිටියා. එහෙම නේද ?
ඔව්.මම ඒ කාලෙ ඇතුළත ද්‍රවිඩ සහ තෙළිඟු චිත්‍රපටවලට මගේ දායකත්වය ලබා දුන්නා.අනික මට මුම්බායි නගරයේදී පසුගිය කාලයේදී තිර පිටපත් නොලැබුණාම නෙමෙයි.ඒත් මට සෑහීමකට පත්වෙන තිර පිටපතක් ලැබුණේ නැහැ.ඒ නිසයි මම 2007 තිරගත වූ ෆෙරෝස් අබ්බාස් ඛාන්ගේ Gandhi My Father චිත්‍රපටයෙන් පස්සෙ කිසිදු හින්දි චිත්‍රපටයකින් දැක්කේ නැත්තේ.
ඔබ හිතනවාද මේ චිත්‍රපටය ඔබේ සිනමා ගමනේ හොඳ පුනරාගමනයක් කියලා ?
මම සතුටුවෙනවා මට මේ චිත්‍රපටයේ කොටස්කරුවෙක් වෙන්න ලැබීම ගැන. මෙහි පුනරාගමනයේ සාර්ථක අසාර්ථකත්වයක් ගැන මට මුකුත් කියන්න බැහැ. මොකද එය තීරණය කරන්නේ ප්‍රේක්ෂකයන් විසින්. සිනමා කර්මාන්තය විසින් එය තීරණය කරාවි.අනික මාධ්‍යත් තියෙනවානේ.ඔවුන් තමයි කාසියේ මොන පැත්තද සුදුසු කියලා තීරණය කරන්නේ. අනික මේ මොහොතේ හුඟක් නළු නිළියන් යම් විවේකයක් ලබමින් සිටිනවා.මොකද ඔවුන් එක දිගටම චිත්‍රපට ගණනාවකටම සහභාගි වෙලයි ඉන්නේ.ඒ නිසා ඉදිරියේදී අලුත් පරිච්ඡේදයක් ආරම්භ වේවි කියලයි මම නම් හිතන්නේ. ඒ නිසා නම්‍යශීලී ආරම්භක අවසානය රැක ගැනීමයි වඩා වැදගත්වෙන්නේ.
කවුද ජයන්ති ගුප්තා කියන්නේ ?
ඇය තමයි මහේන්ද්‍ර සිං දෝනිගේ අක්කා.දෝනිගේ ජීවිතයට තදින්ම බලපෑ චරිතය තමයි අක්කා. ඇය තමයි ලොකුම කාර්යභාරයක් ඔහු වෙනුවෙන් ඉෂ්ට කළේ.ඒ සහෝදරත්වය සුවිශේෂී බන්ධනයක්.ඒ නිසා තමයි දෝනි හැමවෙලාවකම තමන්ගේ ගැඹුරුම හැඟීම් පවා අක්කා එක්ක බෙදාගත්තේ. ඔබ මෙහි පූර්ව ප්‍රචාරක පටය නැරඹුවොත් ඔබට පුළුවන් වේවි මම කියන දේ තුළ ඇති සත්‍යතාව මොකක්ද කියලා තේරුම්ගන්න.
ඒත් ඔබට හැමවිටම සහෝදරියගේ චරිත නිරූපණය කරන්නට ලැබීම ගැන කනගාටුවක් නැද්ද ?
නැහැ.මම ඒ වගේ දේවල් ගැන කනගාටුවෙන කෙනෙක් නෙමෙයි. අනික දැන් පවතින සිනමා කර්මාන්තය තුළින් විශිෂ්ට තිර පිටපත් ලියැවෙනවා. උදාහරණයක් වශයෙන් "දිල් දඩක්නේ දෝ" චිත්‍රපටයේ ප්‍රියංකා චොප්රා නිරූපණය කරන්නේ රන්වීර් සිංගේ සහෝදරියගේ චරිතය. ඒ වගේම %බජ්රාඕ මස්තානි^ චිත්‍රපටයේ ප්‍රියංකා චොප්රා නිරූපණය කළේ බිරිඳකගේ චරිතය. "සාර්බ්ජිත්" චිත්‍රපටයේ අයිෂ්වර්යා රායි බච්චන් නිරූපණය කළේ සහෝදරියකගේ චරිතයක්. ඒ වගේම ඇයම(අයිෂ්වර්යා රායි බච්චන්) දැන් "ආයේ දිල් හයේ මුෂ්කිල්" චිත්‍රපටයේ රන්බීර් කපූර්ගේ ප්‍රතිවාදී චරිතය වන සුරූපී කිවිඳියගේ චරිතය නිරූපණය කරනවා. ඒ නිසා සිනමාව දැන් ආඛ්‍යානය,අන්තර්ගතය සහ වෘත්තාන්ත ආකාරයකට පරිණාමය වෙමින් පවතිනවා.මං හිතන්නේ ඒ නිසා දැන් සිනමා නළු නිළියන්ට හොඳ අවස්ථාවක් හිමි වී තිබෙනවා.
දෝනිගේ චරිතය නිරූපණය කරන සුසාන්ත් සිං සමගින් රඟපෑම කොහොමද දැනුණේ ?
සුසාන්ත් පරිණත නළුවෙක්.හොඳ කණ්ඩායම් සාමාජිකයෙක්. අනික දෝනිගේ වගේ චරිතයක් ගොඩනැගීම වගකිවයුතු කටයුත්තක්. ඒ චරිතය වෙනුවෙන් අපි හුඟක් පර්යේෂණ උපක්‍රම දියත් කළා. විශ්ලේෂණය කළා. ඔහු සමග කටයුතු කිරීමහුඟක් පහසුයි.මොකද ඔහු ඒ චරිතය ගොඩනැගීම පීඩනයක් කරගත්තේ නැහැ.
සමස්ත චිත්‍රපටය ගැන යමක් පැවසුවොත් ?
ක්‍රිකට් කියන්නේ ඉන්දියානුවන්ගේ ජීවිතය.දෝනි කියන්නෙත් මුළු ඉන්දියාවම ආදරය කරන චරිතයක්. ඔහුගේ සැබෑ ජීවිතයත් සිත්ඇදගන්නා සුළුයි.ඒ නිසා සිනමාහලේ පැය දෙකක් රැඳී සිටින ප්‍රේක්ෂකයන්ටත් ඔහුගේ ජීවිතය විඳින්න පුළුවන් වේවි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දෝනිගේ ජීවිතයට තදින්ම බලපෑ චරිතය තමයි අක්කා