යාපනේ ජනයා දවසකට රුපියල් කෝටියක මත්පැන් මිලදී ගනිතියි අලුත්ම සංඛ්‍යා ලේඛන කියයි. මෙය යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක වැඩි වීමකි.
සුරාබදු ආරංචි අනුව මින් තිස් වසරකට පෙර යාපනයේ මත්පැන් පාවිච්චියක් නොවීය.
අද බොහෝ අවන්හල්වල ද මත්පැන් විකිණීමට ඇත.
ඇතැම් පාසල්වල ඉහළ පන්තිවල ළමයින් ද මත්පැන් බොතියි කියති.
එක් ළමයකු සිය වතුර බෝතලයේ බීර ගෙනා බව ගුරුවරයෙක් කියයි.
රා හැර දිනකට අරක්කු බීර හා රට මත්පැන් අළෙවිය රුපියල් හැත්තෑ පන් ලක්ෂයට ආසන්න වේ.
රා ලීටර හැට ලක්ෂයකට වැඩියෙන් ගිය වසරේ අළෙවි විය.
රා ලීටයරක මිල රුපියල් 40කි.
මත්පැන් නිසා මැර ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවී ඇත. ඇතැම් පාරවල යෑම ද අනතුරු දායක බව යාපන වැසියෝ කියති.
එක් පොත් සාප්පු හිමියකු පැවසුවේ රාත්‍රී 7න් පසු තම කඩය විවෘත කිරීමට අකමැති බවයි. මත්පැන් බොන්නන්ගෙන් සිදුවට ගැහැට ඊට හේතුව බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ මත්පැන් ගෙන්වා බෙදාහරින කොම්පැනි වලට රජමගුල් වගේ ඇති. අපේ රටේ සිටින ධනවත්ම පුද්ගලයෙකුටත් එහෙම සමාගමක් අයිතීයිනේ.(නදී)
මගේ සිහිනය මට දකින්න ඉඩ අරින්න ,මගේ සීනෙන් මා මුදන්න ලං නොවන්න (නි)
දකුණේ චන්ඩියෝ සහ රස්තියාදුකාරයෝ ටික දැන් ඉන්නේ යාපනේ නිසා ඔය සංඛයාව දිහා බලා පුදුමවෙන්න ඕනේ නැහැ.(නදී)
ලලිත්, අතීතයේ යාපනයෙන් බුද්ධිමත් පිරිසක් බිහි වුණේ එකල විභාග පරීක්ෂකවරුන්ද දමිලයන් නිසා, සිසුන්ගෙන් බහුතරයකට විභාග පරීක්ශකවරුන්ම උදව් කිරීමේ ප්‍රතිඵල නිසා බව ඔබ දන්නවාද? එම දුර්වලත්වය එකල උසස් නිලධාරීන් පවා පුවත්පත් තුලින් රටට හෙලිකලා මට මතකයි. (නි)
මෙන්න මේකට තමයි කියන්නේ මතට තිත කියලා .... අයියෝ සල්ලි (නි)
ආණ්ඩුවට මේ වැඩෙන් ලොකු බදු මුදලක් ලැබෙන බව මිල දී ගන්න පිරිසට කිව්වොත් නම් ඒ ගොල්ලා මත්පැන් බීම නවත්වයි. (නි)
මේවා යටි උගුල්. උතුර දකුණ විනාශ කරන තරමට අහවල්ලුන්ට රජ මගුල්. (නි)
යාපනේ වැඩිපුරම තියෙන්නේ බාර්.කොටි සංවිධානෙන් දාපු නීති නිසා මිනිස්සු බොන්න බය වුණා.දැන් කිසිම බයක් නැතුව මිනිස්සු විනෝද වෙනවා. (නි)
අරුසි, ඔයාගේ අදහස් වලින් අපේ ආගමට අගෞරව කරන්න එපා. ඒක යාපනේ අයගේ තියන මෝඩකම. ක්‍රමානුකුලව පවිච්චි කලානම් ඔය වගේ ප්‍රශ්ණ මතුවෙන්නේ නැහැනේ.(නදී)
අපේ උන්නැහේලත් ඉතින් බුරුතු පිටින් ට්‍රිප්ස් එහෙමත් ඔය පැත්තේ යනවා නේ. (නදී)
මතට තිත තියෙන්නෙ කොහේද ? (ස)
මේක තමඊ වෙන්න ඕනෑ. පහුගිය අවුරුදු 30 යාපනයේ මිනිස්සුන්ට හොද ආර්ථිකයක් තිබුනේ නැහැ. නමුත් නිදහසට පසුව මිනිසුන්ට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගෙන මුදලක් උපයා ගන්න පුළුවන් වෙලා වගේ. බොන එක හොද නැති වුනත්,මේක හොද ජයග්ග්‍රහණයක්. (නි)
හරි ලැහැස්තිද ඊලඟ ගිනි තබා ගැනුමට? දැන් එන්න පෝලිමේ (නි)
මේවා වෙන්නෙත් කරුම වාදෙට අනුවද....? (ස)
යුද්ධෙ නැවතුනාට මේ මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට් යුද්දය නවත්වන්න මේ රටේ බලධාරීනට වුවමනාවක් නැහැ,,, නැතිවෙනවනම් මෙවයිනුයි කොටිගානක් ජනතාව නැතිවන්නේ,,, කෝ ඒවාට මැදිහත් වෙන්න කවුරුත් ඉන්නවද? (ස)
කිරි ඉතිරෙනවා වගේ ඔය තියෙන්නේ මත්පැන් වලින් රට පිරී ඉතිරී යනවා...ඒ නිසානේ අර රේගුවේදී පිටකරපු සුරාබදු එකෙන් අල්ලපු ස්ප්‍රීතු කන්ටේනර් 2 ලිස්සල ඇරියේ.(ස)
දකුණට පුලුහන්නම් මොකද බැරි උතුරට ?? යන් යන් ඔහොමම යන්.(ස)
දැන් ඔය ගණන් හිලව් වලට ස්වයන් නිෂ්පාදනත් ඇතුලත් ද ? (ස)
උතුරේ කට්ටියගේ ආදායම හොඳ ඇති සතුටටනේ බොන්නේ.(ස)
පුදුම බිමක්නේ බොන්නේ (දී)
පොඩ්ඩක්වත් බොන්නේ නැති අය හරිම ලෝබයෝ. (නි)
අතීතයේ යාපනයෙන් බිහි උනේ බුධිමත් පිරිසක්. මේක ඔවුන්ගේ කොන්ද කඩා දැමීමට ඇටවූ උගුලකි. ඔවුන් අද එහි අහුවෙලා. අනාගතයේ ඔවුන් මෙහි විපාක අත්විදීවී (ත)
ආශ්චර්යයද? (ත)
බොමු බොමු තම්බි..වෙන මොනවා කරන්නද. (නි)
මේවට ගිනි තියාගන්න කවුරුවත් නැද්ද දන්නේ නෑ. (ත)
මේවට ගිනි තියාගන්න කවුරුත් නැද්ද? (ත)
ලලිත්, උතුරේ බුද්ධිමතුන් වැඩි වුනේ ඒගොල්ලෝ ප්‍රසිද්ධියේම විභාග වලදී ළමයින්ට උදව් කරලා විභාග පාස් කරවපු නිසායි . (නි)
මතට තිත.....(ස)
යාපනේ වෙන නිසා කමක් නැහැ. අනික් එක ප්‍රබාකරන් ඉන්න කාලේ ඕවා දමිළයන්ට බොන්න දුන්නේ නැහැ. අපේ සිංහල අය මුදල් ගෙවලා ඊලාම් පාලන ප්‍රදේශවලට ගොස් තල් රා බීලා ආවේ. (නි)
කොළඹ අපි ඊට වැඩිය බොන්න ඕනෑනේ, අපි මොකටද සෙකන්ඩ් වෙන්නේ? (නි)
මන් පලාලි ඉන්න දවස් වල ටැමිල් අය ලග තිබුනා අබින්. අම්මාහ්! තල් රා ටිකක් බිලා අබින් ටිකක් කෑවම ... (නි)
පහුගිය කාලේ ඇරියස් දැන් අල්ලනවා ඇති. වාන්ග අන්නා,වාන්ග තම්බි...
යාපනේ බහුතරයක් දැන උගත් බුද්ධිමත් දෙමල ප්‍රජාව.මොකද මෙහෙම වෙන්නේ.(ත)
එතකොට කොළඹ දවසකට විකිනෙන අරක්කු වල වටිනාකම ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? (නි)
තිතට මත ...ආසියාවේ ආශ්චර්යය. (නි)
මේ උගතුන් බිහිකරපු යාපනයේ තත්ත්වයද ? (ස)
ප්‍රබාකරන් මැරුණු දුකටද කොහෙද කට්ටිය බොන්නේ. (ස)
රටවැසියනි, ඔබලා ව්‍යාපාරිකයන්ගේ ගැටවලට හසුවී විනාශය කර යන්න එපා.සුදුසු දේ ලංකර ගන්න. නුසුදුසු දේ ඈත් කරගන්න බලන්න.අප සැවොම ශ්‍රී ලාංකිකයෝ වෙමු. (නි)
වහාම මොවුන් මේ උවදුරෙන් ගලවාගෙන ඔවුන්ව බුද්දිමත් පිරිසක් කල යුතුයි. නැත්නම් ආයෙත් මරාගනී.(නදී)
ඔය මත් උවදුරට එරෙහිව දෙමල සහෝදරයන්ගෙන් කෙනෙක් නැගී සිටින්න. (නදී)
පරණ කරපු මිනිස් ඝාතන මෙනෙහි කරනකොට නින්ද යන්නෙම නැහැ. හොඳටම බීවොත් තමයි නින්ද යන්නේ. අරක්කු,බීර ,තල්රා ,වලට පමණක් නෙවෙයි ,කංසා,හෙරෝයින් විකිණීමටද අවසර දියයුතුයි. දිට්ඨ ධම්ම වේදනීය කර්ම, බීලම මැරියල්ලා. කරපු අපරාධ වලට.(නදී)
වෙරි මට හොදටම වෙරි, තොසේ මසල වඩේ, අඩේ අප්පා (නි)
යාපනේ තල් අරක්කු රටේ අනෙක් පළාත්වල විකිනෙන්නෙත් ඒ වගේ තමයි.(නදී)
එක්කෙනෙක් නොවෙයි මුළු රටම ගිනිතියාගෙන ඉවරයි.(නදී)
දැන් උතුරේ ගැහැනුන්ට ගෙදර මිනිහත් එක්ක යුද්ධ කරන්න වෙලා වගෙයි. (නි)
මතට තිත. අහෝ දුකකි ඉරකි තිතකි.. ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේවට තමයි. දැනටමත් ධර්මද්වීපය මත්පැන් බාවිතයෙන් 4 වන ස්ථානය අරගෙනයි තියෙන්නේ... (ස)
ඔවුන්ගේ නිදහස ඔවුන්ට බුක්ති විදීමට ඉඩ දෙන්න. (නි)
ඉෂාම් ඇයි ඔයා කියලා තියෙන විදියට කලාම පිස්සු හැදෙනවද?(නදී)
අවුරුදු 30ක් යුද්දෙ කාලේ බොන්න බැරි වෙච්ච මිනිස්සු දැන්වත් ටිකක් බොන්න එපැයි. (නි)
ඕවා ඔහොම තමා. දැන් දකුණේ තියෙන හෑමදේම උතුරටත් යනවනේ.(නදී)