(දසුන් රාජපක්ෂ)
තේ දලු නෙළන කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ යෝජනාව නව කොරෝනා වයිරසය හමුවේ කල් දැමීමට සිදුවන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ වන විට රුපියල් 750 ක්ව පවතින එම කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට පැවැත්වෙන විශේෂ සාකච්ඡාව සඳහා කොරෝනා වයිරසය ව්‍යාප්තියට බියවී සිටින තේවතු හිමිකරුවන් නොපැමිණීමෙන් යෝජනාව සම්මත කර ගැනීමට නොහැකිව තිබෙන බව වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (17) ප්‍රකාශ කළේය.
තේ දලු නෙළන කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මේ වන විට තේ වතු හිමිකරුවන් සමඟ සාකච්ඡා වට තුනක් පවත්වා ඇතත් එම සාකච්ඡාවලදී ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව ඇමැතිවරයා පැවසීය.
එම සාකච්ඡාවල දිගුවක් ලෙස පසුගිය සතියේ නැවත වරක් තේවතු හිමිකරුවන් සිය අමාත්‍යාංශය වෙත කැඳවීමට කටයුතු කළද කොරෝනා වයිරසයට බිය වී කිහිප දෙනෙකු පමණක් පැමිණීමෙන් සාකච්ඡාවන් කල් දැමීමට සිදුවූ බවයි.
තේ දලු නෙළන කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් ද තමා ඉදිරිපත් කර තිබුණු බව ඒ මහතා කියා සිටියේය.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය කඩිනමින් පහව ගිය හොත් තේවතු හිමිකරුවන් සිය අමාත්‍යාංශය වෙත නැවත කැඳවා මහ මැතිවරණය පැවැත්වීමට පෙර කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම වැඩි කලේ නැද්ද? දැන් ආණ්ඩුව ඉවරවෙන්නත් තව දින ටික දවසයි තියෙන්නේ
අඬන්න ඉන්න කෙනාට ඇඟිල්ලෙන් ඇන්නා වගේ.. කවුද අකමැති වැඩි කරනවට.. මේවට හතර හිනා...
නියමයි. ඔය තියෙන්නේ උත්තර.. ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නැති දේශපාළුවන්ගෙන් මීටවැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඒ මිනිස්සු රවට්ටලා ඡන්දෙ අරගෙන දැන් බයිලා කියනවා.. කොරෝනා ආවේ නැත්නම් වැඩිකරලා දෙයි මේන් කියලා...
බොරුවෙන් කල්මැරීම... මේ ආණ්ඩුව ගැන හොඳ අවබෝධයක් දැන් ජනතාවට තියනවා...
මේ යෝජනාව කලේ කොරෝන එන්නත් කලින් තාම දීගන්න බැරිවුණා දැන් හැම දෙයකටම කොරෝනා තම කියන්න වෙන්නේ.
කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සාධාරණයි. එහෙත් අමාරුවෙන් දුවන තේ කර්මාන්තය මේ වැටුප් වැඩි කිරීමෙන් තවත් කඩා වැටීමේ තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. දැනට රුපියල් 750.00ක දිනක වැටුපට ඔවුන් කරන සේවා කාලය කිසිවෙක් කතා නොකරති. දිනකට වැඩකරන කාලය වැඩිවන්නේ නම් වැටුප් වැඩි කිරීම දෙපාර්ශවයටම සාධාරණයක් විය හැකියි.
ඒකත් කොරෝනා පිට දාලා බේරුණා. කොහොමත් ඕක දෙන්න නෙවෙයිනේ හිටියේ
ඔය බොරු. ඔය දීමනාව කවදාවත් දෙන්නේ නැහැ. දෙන්න සල්ලිත් නැහැ.