මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පැවැති වයස 19 න් පහළ පළමුවැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වු දිනුක් වික‍්‍රමනායක හතරේ පහර අටක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 105 ක් ලබා ගත්තේය. මහනාම විදුහල පළමු ඉනිම 176 (කේ.දයාලන් 32, දිලූක සිල්වා 34, නවීන් සිල්වා 32, ගයාන් පෙරේරා 30, ලක්‍ෂාන් ජයසිංහ 45/5, අකිල ජයසුන්දර 42/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 17 (ජනිෂ්ක පේ‍්‍රමසිිංහ 5/2) ත‍්‍රිත්ව විදුහල සියලූ දෙනා දැවී 224 (ජනිෂ්ක පේ‍්‍රමසිංහ 15, අකිල ජයසුන්දර 22, දිනුක් වික‍්‍රමනායක 105, අර්ජුන ජයසිංහ 30, පවන් දේවින්ද 7/2, සී.වික‍්‍රමආරච්චි 54/3, නයන ප‍්‍රභාත් 49/2)