දෙසැම්බර 24 වැනි දා සවස හයට ආරම්භ කළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ දී අද උදේ වන විට බීමත් රියදුරන් 1556ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
බස් රථ හතක, යතුරුපැදි 858ක සහ ත්‍රීරෝද රථ 508ක් රියදුරෝ ඒ අතර වෙති.
අද උදෑසන හයෙන් අවසන් වූ පැය විසි හතරේ බීමත් රියදුරන් 251 දෙනකු අත්අඩංගුවට ගත් බවත්, වැඩිම ගම්පහින් බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පොලිසියේ මහත්වරුනි, හන්දියක් හන්දියක් ගානෙ ඇති මත්පැන් හල්වලට තිත තියන්න බැරිද ? (නදී)
මතට තිත නිසයි එහෙම වෙන්නේ.(නදී)
මේ රියදුරන් අතර පොලිස් නිලදාරීන්, දේශපලකින්ගේ හිතවත්තු, ලොකු සල්ලි කාර අයත් ඉන්නවද? එහෙම නැත්නම් අහිංසක මිනිස්සු විතරද ඉන්නේ? මොකද මන් දන්නා තරමට ඒ අය බීලා එලවන්නේ නැහැ.(නදී)
මම කියන දේ සමහර විට ඔයාලා විශ්වාස කරන එකක් නැහැ. නමුත් මේක ඇත්තයි 88/89 භීෂණ සමයේ මාව රෑට ආමි එකෙන් ඇල්ලුවොත් බීලා වගේ ඇක්ට් කරනවා. කොහෙද ගියේ කියල ඇහුවම ටිකක් ඇදල පැදලා පාටියකට ගීයා කියනවා.. බිව්වද කියල ඇහුවම ටිකක් බිව්වා කියනවා. එලවන්න පුලුවන්ද කියල ඇහුවම ඔව් කියනවා. කවදාවත් මගෙන් ඉන් එහා ප්‍රශ්න කරන්නේ නැතිව පරිස්සමින් යන්න කියනවා.(නදී)
මේ විදියට බැලුවම බීපු නැති අය අඩු ඇති. ඒ නිසා බීපු නැති අයට දඩ ගහන්න පටන්ගත්තනම් හරි. (ස)
ලොකු වාහන පදවන අය බොන්නෙ නැද්ද ? (ස)
ඔක්කොටම ඉස්සෙල්ල මේ තියෙන සුරා සල් ගිනි තියන්න ඕන (දී)