“දැන් රටේ තියෙන්නේ නොනගත කාලයක්. ආණ්ඩුවක් පිහිටවපු ගමන් සියල්ල ලැබෙන්නේ නැහැ. එකපාරට කර්මාන්ත ශාලා එන්නේ නැහැ. ආයෝජකයෝ ඇවිත් කර්මාන්ත ශාලා පටන්ගන්න තුරු රස්සා ලැබෙන්නේ නැහැ. තවමත් අය වැය ඉවර නැහැ. මේ නොනගතය වගේ කාලයේ දී ඉවසගන්න බැරි අය විවේචනය කරනවා. ඕවාට කලබල වෙලා බැහැ.“ යැයි ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා
ඇල්පිටියේ ඇල්ල විදුලි ව්‍යාපෘතියක් විවෘත කරමින් ඇමතිවරයා මේ බව කීය. ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කිවේය.
වෙනදා විපක්ෂය කරන්නේ පරිප්පු ගැන භූමිතෙල් ගැන කතා කිරීම අද මේවා ගැන කතා කරන්නේ නැහැ. අපි රජය බලයට පත්වූ හැටියේ ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල අඩුකළා. පසුගිය රජය රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500.00 ක් වැඩි කරනවා කියා බලයට ආවේ 2005 දී නමුත් එය කළේ නැහැ. අපි බලයට ඇවිත් දින 100 දී රුපියල් 10,000ක් වැටුපට එකතු කළා.
නෝනයි මහත්තයයි දෙන්නම රජයේ සේවයන් නම් පවුලකට අමතර රුපියල් 20,000ක් ලැබෙනවා. අපි තෙල් මිල අඩු කළා. දැන් විපක්ෂයේ ඉන්න අයට මේවා ඉක්මනට ම අමතක වෙලා. මේ තමයි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා ජාතික රජයක් ලෙස ඉදිරිපත් කළ පළමු අයවැය.
අද කොළ කොඩියක් යට ඉදගෙන විදුලි විවෘත කරන උත්සවයක බය නැතුව කතා කරන්න පුළුවන්. 1977 අපේ රජය බලයට පත්වන තුරු මේ විදුලිය කියන එක ගමට හීනයක් වෙලා තිබුණේ. විදුලිය නිසා සමාජයේ විශාල පරිවර්ථනයක් ඇතිවුණා. එදා රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ වැනි මහවැලි ව්‍යාපාර කළේ ගිනි පොළියට ණය අරගෙන නොවෙයි. එදා අපේ රජය ණය ගත්තේ පොළිය දශම ගණනට. නමුත් පසුගිය රජය කාලේ ණය ගත්තේ ගිනි පොළියට. මේ නිසා රට ණය බරින් මිරිකිලා. එදා අපේ රජය ගත්තු ණය ජනතාවට දැණුනේ නැහැ. නමුත් දැන් ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පසුගිය කාලයේ අධික පොළියට ගත්තු ණය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් උපන් දා පටන් ඒරාෂ්ටකේ. (නි)
කැපවීම තමුන්නාන්සේලාගේ පැත්තෙනුත් අවශ්‍යයි සර්. (නි)
මොන ආණ්ඩුව ආවත් නැතිබැරි එකාට හැමදාමත් නොනගතේ තමයි. (නි)
ආයෙත් නම් අපි ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)
ඇමතින්ට මන්ත්‍රීන්ට සුර සැප. ජනතාවට නොනගතය. පිටරට සවාරි, වරප්‍රසාද වලින් අඩුවක් නැහැනේ මන්ත්‍රීන්ට. පාර්ලිමේන්තුව රැස්වෙන්න දිනකට වියදම්වෙන මුදලින් රෝහල් කීයකට බෙහෙත් දෙන්න පුලුවන්ද? (නි)
ඔන්න ඔය වාගේ තමයි මහත්තයෝ අර වරායවල් ගුවන් තොටුපළවල් හදපු ගමන් රටට සල්ලි ගලන්නේ නෑ (ම)
දැන් ගෙවන්නේ අනාගත්ත කාලයක් . (ම)
මැතිදුනි ඔබට ජය...! (ර)
මමත් ලියන්න කියල හිතල බලනකොට සොපි ඒක කියල "රාහු කාලයකි" . මේක මහා අවාසනාවන්ත කාල පරිච්චේදයක් වෙමින් යන බව නම් පැහැදිලියි. එක එක කතන්දර කියමින් බලය පවත්වාගෙන යන්නට බලන බව ඉතා පැහැදිලියි. කිසිවක් කරගත නොහැකි රජයක් පවතින විට විවිධ දෙස් විදෙස් බලවේග උදව් කරන පොරොන්දුව මත රටට හානිකර ඔවුනට වාසි සහගත ගිවිසුම් වලට අත්සන් ගැනීම අද ලෝකයේ සිදුවන දෙයකි. (බ)
අවුරුදු 68ක් ඔය නොනගතේ තිබ්බා. (ර)
නොනගතේ දිග වැඩිය. (ර)
අපටත් දැන් තේරිල තියෙන්නෙ නොනගතේ කියල. (බ)
හැමදාම අපේ රටේ ඉන්න දේශපාලුවන්ට නොනගතේ තමයි. නටන්න බැරි කොට පොලව ඇදයි කියලාවත් ජාමේ බේරගන්න එපාය. අනේ මෙහෙව් යහ පාලනයක්. (බ)
මේ නොනගතය නොව කිසිදා අවසාන නොවන රාහු කාලයකි. (නි)
සම්පුර්ණ ඇත්ත දැනට පවතින බඩුමිල අනුව. (නි)
ඔය කියන නොනගතය ගතවෙන අවුරුදු පහ පුරාවටම පවතින පාටක් තමයි මට නම් පෙනෙන්නේ. (ර)