දානෙ ගෙදරකට ආ පුද්ගලයකු එහි බෑගයක තුබූ රුපියල් විසි ලක්ෂයක් සොරකම් කරගෙන ගියැයි කියන සිද්ධියක් ලංකා ජයරත්න වත්තල මහේස්ත්‍රාත්වරිය ඉදිරිපිට දී අද විභාගයට ගැනිණි.
වත්තල මාබෝලේ යැස්මින් මීරා පැමිණිලිකාරියයි.
2012 මැයි 19 වැනි දා සැකකාර ෆාතිමා රුෂ්පා, ඉසදීන් මොහොමඩ් සමග නීතීඥවරයකුගේ ගෙදරට ගොස් රුපියල් විසි ලක්ෂය රැගෙන ආ බවත්, සැකකාරිය මුදල් තිබූ කාමරයට කිහිපවරක් යනු දුටු බවත්, අවසන් වර එද්දී බෑගයක් ද රැගෙන ආ බවත් යැස්මින් මීරා සිය සාක්කියේ දී පැවසුවාය.
පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මුදලින් කොටසක් ගෙවීමට පොරොන්දු වූ බවත්, ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වී එය කඩ කළ බවත් ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි කියන්න බලන්න මේක හලාල්ද නැත්නම් හරාම්ද කියලා (නි)
අප්පෝ ඒක දෙයියන්ගේ ප්‍රශ්නයක් ?(නදී)
සියල්ල දෙයියගේ කැමැත්තට සිද්ද වෙනව නම් ඇයි උසාවි යන්නේ ?.දෙයියන්ටම කියන්නකෝ ?(නදී)
අනේ ඇත්තට මෙහෙමත් හොරු , නේද කමල් (දී)
ඒ වෙලාවේ මී රා බිල හිටියද දන්නේ නැහැනේ. නමේ අගට මීරා කියල තියෙන්නේ. (ස)
මිනිස්සුන්ට සල්ලි පෙන්නන්න බැරි කාලයක් මේ (දී)
අයියෝ සල්ලි කියුවලු (දී)
ශ්‍රී ලංකාව දුප්පත් රටක් කිව්වට සමහරු ලග බැංකුවලටත් වඩා සල්ලි තිබෙනවා. තියෙන මනුස්සයෙක් ගෙන් නැති මනුස්සයෙක් ගත්තට කමක් නැහැ .සදාචාරය පැත්තකින් තියලා මම මේ කතා කරන්නේ දුප්පත් පොහොසත් පරතරයට එරෙහිවයි.(නදී)
මෙච්චර මුදලක් දානේ දෙන්න තියන් හිටියද? (නදී)
හොරකම් කරන අයගේ අත පය කපන නීතියක් තියෙනවලු නේද? කොහෙද රටක? (නි)
උස්සාය අසාර්තක වෙයි අධිස්ටනසිලි මෙයා යමු
හොරකමක් ගැන ප්‍රවෘත්තියක් කියවලා, ඒ අයගේ ආගම හෝ විශ්වාසය ගැන මත පල කරන අය ගැන කනගාටුයි. (ස)