
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දින 8 කට හමු වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක් වූයේ ග්‍රෑන්ඩ්පාස් ස්ටේටිපුර පදිංචිව සිටි ඒ එච් කේ විමලාවතී නැමති 65 හැවිරිදි දෙදරු මවකි.
සිරුරේ එම උඩ කොටස අඩංගු පොහොර උරය හමුවී ඇත්තේ කොළඹ වරාය දක්ෂිණ පර්යන්තයේ ඉන්ධන නෞකා දකුණු පර්යන්තය ආසන්නයේ මුහුදු තීරයේ ජලය මතුපිට පාවෙමින් තිබියදීය.
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කොළඹ වරාය පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් අනුව වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් නාවික කොට්ඨාසයේ බෝට්ටුවකින් එම ස්ථානය කරා ගොස් මූලික විමර්ශන සිදුකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd