නාවල ,රාජගිරියේ ,අංක 17/2, විහාර පාර, පදිංචි එන් එම් ගීතානී නවරත්න මහත්මිය ගේ කොන්දේ ස්නායු තෙරපීමකින් ඇති වු අබාධය සුව කැර ගැනීමට ශල්‍ය කර්මයක් කළ යුතුව ඇතැයි කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍ය රිස්වාන් ප්‍රනාන්දු මහතා නිර්දේශ කැර ඇත.
මුලින් ඇවිද ගැනීමට අපහසුතාවකින් පෙළුණු තමාට වෛද්‍ය පරීක්ෂණවලින් පසු කොන්දේ අබාධයක් ඇති බව සොයා ගත් බවත් එය සුව කැර ගැනීමට රුපියල් ලක්ෂ තුනක පමණ වැය වන බවත් වෛද්‍යවරුන් පැවසු බව ඇය පවසන්නීය.
අසනීප තත්ත්වය නිසා තමාට කිසිදු රැකියාවක් කිරීමට නොහැකි යැයි ද කිසිදු ස්තීර රැකියාවක් නොකර සිය සැමියාට ලැබෙන වැටුපෙන් මෙම සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකි යැයි ද පවසන ඇය දැනට ප්‍රතිකාර සඳහා ද මසකට රුපියල් 12000 ක් පමණ මුදලක් වැය වෙතියි පවසන්නීය .
මෙවැනිම ඉල්ලීමක් ලංකාදීප පුවත්පතේ හා එසැණ වෙබ් අඩවියේ පළ වීමෙන් පසු මුලින් සිදු කළ සියළු වෛද්‍ය පරීක්ෂණ සඳහා මුදල් ආධාර ලබා දුන් දෙස් විදෙස් සියළු දෙනාට ස්තූතිය පුද කරන බව ඇය කීවාය.
සැත්කමට ආධාර කිරීමට හැකි නම් රාජගිරිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඇයගේ නමින් අරඹා ඇති ගිණුම් අංකයට මුදල් බැර කරන්නැයි ඉල්ලා සිටී.වැඩි විස්තර
072-8849506 දුරකතන අංකයෙන් දැනගත හැකියි.
101170178446
swift code - NSBALKLX
branch code - 117
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහලා සමහරු හිනාවෙන්න පුළුවන්. ඒත් මගේ අයියාටත් ඔය ලෙඩේ හැදිලා ඔපරේෂන් නොකර සිංහල වෙද නෝනා කෙනෙකුට කියලා මාස 3 කින් හොඳ කරගත්තා. (නි)
ලලිත්ගේ පණිවිඩය හරියටම හරි. මටත් ඔය දෙයම වෙලා මාස කිහිපයක් ගාල්ලේ සිංහල වෙද නෝනා කෙනෙකුගෙන් තෙල් බෙහෙත් කරලා හොඳ කරගත්තා. අවශ්‍ය නම් තැන කියන්නත් පුළුවන්. (නි)
කොමර්ෂල් බැංකුවේ ඔන්ලින් ෆන්ඩ් ට්‍රාන්ස්වර් කරන්න බැහ මේ ගිණුමට . දන්නා කෙනෙක් ඉන්නවනම් කරුණ කරලා කියන්න කොහොමද කරන්නේ කියල. ඔබට පින් (දී)
ගයාන්,ඔබගේ පණිවිඩය මට හරිම වැදගත්,මගේ සහෝදරියක් ඉන්නවා මෙවැනිම අබාධයකින් පෙලෙන,කරුණාකර මට එම සිංහල වෙද නෝනගේ දුරකථන අංකය හෝ ලිපිනය ලබාදෙන්න,මගේ සහෝදරියත් ගාල්ලේ,අන්දුගොඩ.මම ඉන්නේ සෞදියේ මගේ සහෝදරියගේ මහත්මයාගේ අංකයට දන්වන්නේනම් ලොකුම උපකාරයකි.0776432408 ඔහුගේ දුරකතන අංකය,ඔබට ගොඩක් ස්තුතියි.(අ)
ලලිත්,ගයන් ඔබල හරියෙට හරි ,කිසිම බයක් නැතිව ,මරදන්කඩවල වැල්ඩින් වෙදමහත්තයා හමුවෙන්න,මිහිපිට ඉන්න දෙවියෙක් මම අද්දැකීමෙන් කියන්නේ ,මගේ උකුළු ඇටය දිරල ,ඉතාලියේ දොස්තරවරු කිව්වේ සැත්කමක් කෙරන්නම ඕන කියල ,ලෝකයේ ඕනෑම දොස්තර කෙනෙක් කියන්නේ සැත්කමකින් මිස හොද කෙරන්න බහ කියල විස්වාස කරන්නත් බහ ,දවස් හැත්තෑ හතරක් ඇතුලත හොදටම සුවකළ,ඉතාලි දොස්තරවරුන්ටත් හරිම පුදුමය් ,දැන් මට හොඳටම හොදය( රන්ජිත් දිසානායක මැතිතුමා ,දම්පලස්සගම ,මරදන්කඩවල 077 5653407 077 3746675) කිසිම බයක් නැතිව කතාකරන්න ඔබලාට තෙරුවන් සරණ පතමු රන්ජිත් මැතිතුමාටත් ,එතුමාගේ සහෝදරයාටත් සේවක මඩුල්ලටත් තෙරුවන්සරණද ,දීර්ඝායුෂ පතමි (අ)
ලලිත්, ගයාන්, වසන්ත, සුනිල් මිලානෝ, මේ කඨින පිංකම් සමයේ ඔබ එක්වී කරගත් මේ කුසලය නම් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේමය. (නි)
ගයාන්, අවශ්‍ය නම් නොවෙයි, හැමදෙනාටම දැනගන්න තමන් දන්නා දේ සඳහන් කරන්න. (නි)
ඇයට හැකි අයුරින් පිහිට වෙමු (නි)
හැකි අයුරින් ඇයට උදවු කරමු (නි)
මමත් හැකි අයුරින් පිහිට වෙනවා (නි)
සිංහල බෙහෙත් කර සුව නොවුණු නිසා ඉංග්‍රීසි බෙහෙත් වලට හැරුනු අසරන මවට පිහිට වන්නේ
මේ දැන්වීම දැක්කම මට හිතෙන්නේ කළුබෝවිල රෝහලේ සැත්කම් සියල්ල කරන්නේ මුදල් අයකරල කියලා (නදී)
අනේ! ඇයට පිහිට වෙමු (නි)
ලංකාවේ වෙද්දු ගොඩයි.(අ)
ලලිත් ,ගයාන් ගාල්ලේ සිංහල වෙද නෝනා දුරකතන අංකය ලබා දන්වන්නේනම් ලොකුම උපකාරයකි(අ)
ලංකාවේ ඕනෑතරම් සල්ලි තියන අය ඉන්නවා මේවගේ කෙනෙකුට උදව් කලාම පින්සිදු වෙනවා. (අ)
රෝග ලක්ෂණයක් කියූ පමණින් උපදෙස් දෙන්න නම් අපේ අය හරි දක්ෂයි. . මෙයාට තියෙන්නේ තමන්ට තිබුන ලෙඩේම කියල කොහොමද කියන්නේ? ඔය වෙද නෝනලා සහ මහත්තුරු ලගට ගිහින් ලෙඩ හොද නොවුණු සහ ලෙඩේ දුරදිග ගිය කොච්චර අය ඉන්නවද කියල කවුරුත් දන්නවද? (නදී)