IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙදරු මව ගෙල කපා මරලා

(කේ .බුද්ධික කුමාරසිරි)

කොස්ගම ඉහල කොස්ගම පුස්සැල්ලෑව රබර් කර්මාන්ත ශාලාව අසල දී ගෙල කපා ඝාතනය කරන ලද දෙදරු මවකගේ මළ සිරුරක් අද (23) හමු වූ බව කොස්ගම පොලිසිය පවසයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවිස්සාවෙල්ල පුවක්පිටිය ඇස්වත්ත උතුර නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන සේපාලගේ මල්ලිකා සමන්මලී නමැති 49 හැවිරිදි දෙදරු මවකි.

ඝාතනයට ලක් වූ කාන්තාව රබර් කිරි කැපීම  රැකියාව ලෙස සිදු කර ඇති බවත් උදෑසන රැකියා ස්ථානයට යමින් සිටියදී කිසිවකු විසින් ඇය පසුපස එළවාගෙන ගොස් තියුණු ආයුධ ප්‍රහාරයක් සිදුකර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බව කොස්ගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම ඝාතනයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි



අදහස් (3)

දෙදරු මව ගෙල කපා මරලා

MD Monday, 23 June 2025 03:25 PM

ගැහැණියගේ බෙල්ල කපන්න වගේම කපලා වෙන්කරගෙන පොලීසියකට රැගෙන යන කාලයකට අද රට පත්වෙලා.මොන තරම් වෛරයක්ද මේ ඉටු කරගන්නේ?පිරිමියෙක් මෙවැනි සාහාසිකත්වයට පත් වෙන්න හේතුව?දෙපාර්ශවයේම වගකීම් වගවීම් බරපතල ලෙස උල්ලංගනය වීම තුළින් තවදුරටත් ඉදිරියට ජීවිතය පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් මෙවැනි ඛේදනීය සිදුවීම් තුලින් බලපානවා. සමස්ථ රටටම ඉතාමත් භයානක තත්වයක් උදාවෙලා.

:       3       12

Neel Monday, 23 June 2025 04:39 PM

මනුෂ්‍යකමේ වටිනාකම අවබෝධ කරගත. යුතුයි එහෙම නැතුව මේ වගේ වැඩ කරන අය මේලොවදීම දුක්විඳින්න වෙනවා. දුකට පත්වනවා. කරපු දේ ගැන පසුතැවෙනවා. අද බලන්න හිරගෙදර ඉන්න අය.

:       0       0

Lalla Tuesday, 24 June 2025 08:23 AM

දුප්පත් දිරිය කාන්තාවක්... හරිම කණගාටුදායක සිදුවීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 317 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site