(නිමල් ප්‍රේමචන්ද්‍ර)
කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුරුගොඩ ගම්මානයේ පාසල් සිසුවෙක් කොබෙයිගනේ මාවතගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වී ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි.
මෙලෙස දැදුරු ඔයේ ගිලී අතුරුදන් වී ඇත්තේ කොබෙයිගනේ හෙංගමුව මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පී. ජනිත් චතුරංග නැමති 14 වියැති සිසුවෙකි.
ඊයේ (19) දහවල් මෙම සිසුවා සහ ඔහුගේ පන්තියේ ඉගෙනුම ලබන තවත් සිසු සිසුවියන් පිරිසක් එම පන්තියේම සිසුවියකගේ නිවසට උපන්දින සාදයක් සදහා ගොස් ඇති අතර එම පිරිස නිවස ආසන්නයෙන් ගලා බසින දැදුරුඔය බැලීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
එහිදී මෙම සිසුවා සහ තවත් සිසුවෙක් දැදුරු ඔයේ අනාරක්ෂිත ස්ථානයකදී ජලයට බැස ඇති අතර ඔවුන් දෙදෙනා ජල පහරට හසුවී තිබේ. පිරිසේ සිටි පිහිනීමට හැකි සිසුවෙක් ජල පහරට හසුවූ එක් සිසුවෙක් බේරාගෙන ඇතත් අනික් සිසුවා මෙසේ දියේ ගිලී ඇත.
කොබෙයිගනේ පොලීසිය නාවික හමුදාවේද සහාය ලබාගෙන ජලයේ ගිලුණු සිසුවාගේ සිරුර සොයාගැනීමට කටයුතු කරමින් සිටින බව කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැදුරු ඔයේ ගිලි සිසුවෙක් අතුරුදන්