‘මම තවමත් දන්නේ නෑ අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලා. ඒ සඳහා අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
‘එවැනි ක්‍රමවේදයක් අපට තිබුණොත් පාසල් ළමුන්ට නිල ඇඳුම්, පාසල් පොත් වැනි නිර්නායක සෑදීමේදි ඒ වැඩපිළිවෙළවල් හරියටම ක්‍රියාත්මක කරගන්න පහසු වෙතැයි‘ අධ්‍යාපන ඇමැතිවරයා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ 2015 විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ සම්මාන ප්‍රධානෝත්සවයට අද (15) එක්වෙමින් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ගේ ආගම අනුව නිළ ඇඳුම් සඳහා ඔබ තුමාලා දෙන ආධාර මුදල වෙනස් බව කියන කතාව ඇත්තක්ද? (අ)
එහෙම කියලා හරියන්නේ නැහැනේ (නි)
තොරතුරු එකතු කිරීම අමාරුවක් ඇත්තේ නැහැ, කරගන්න විදිය දන්නේ නැහැ කියල කිවනම් තමා හොඳ.(අ)
මෙන්නේ යථාර්තය රටේ අධ්‍යාපන ඇමැති දන්නේ නැහැ පාසැල ළමුන් ඉන්න ප්‍රමාණය, ඒවගේම එක බලන්න ක්‍රමවේදයක් නැති බව, එතකොට අපිට අහන්න වෙන්නේ හිටපු අධ්‍යාපන ඇමැතිල පොල්ගවද මෙතරම් කාලයක් කියල .(අ)
පමනක් විදුහ්ල්පතිවරුත් දන්නේ නැනේ තමන්ගේ පාසලේ පන්තිවල ළමයි 40 වැඩිය බඳවාගෙන ඉන්න බව, පව් ඒ අය...... (බ)
රටේ ළමයි කොච්චර ඉන්නවද කියල දැන ගන්න ළමයි ඉන්න එපායැ. හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න. (බ)
ඔබ නොදන්නේ අපේ ළමයි රටේ කීයක් ඉන්නවද කියලද, අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලද ? (බ)
කරනවා නම් හොඳ වැඩක්. නියමයි (නි)
අනේ ඔබතුමාට තනියම කර ගන්න තේරෙන්නේ නැත්නම් අර රස්සා ඉල්ලමින් පාරේ කෑගහන උපධිධාරීන්ගෙන් කෙනෙක්වත් බඳවාගෙන වැඩේ බාරදෙන්න. ඒ අය ඔය විෂය විශ්වවිද්‍යලයෙදී හදාරලා තියෙනවා. (බ)
ඔබතුමා ළමය ගැන හොයන්න එපා හදාගන්න දෙතුන්දෙනෙක් ඉස්සරවෙලාම (අ)