ගිය සිකුරාදා කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ එජාප නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිව්රුම් දුන්නේය.
වික්‍රමසිංහ මහතා අගමැතිවූ සිව්වැනි අවස්ථාව මෙයයි. උත්සවය බෑන් චූන් නොවීය. ඉතාමත්ම සරලය. මිනිත්තු 15කින් සියල්ලම අවසන් විය. රජයේ මුදල් වියදම් නොවූ තරම්ය. තානාපතිවරු, දේශපාලන නායකයන් ඇතුළු ප්‍රභූවරු එහි ආහ.
රූපවාහිනිය එම ඵෛතිහාසික අවස්ථාව සජීවී ලෙස වාර්තා කළේය. අගමැති දිවුරුම කියවීය. අතට අත දීම සිනහව ශාලාව පුරා දක්නට ලැබිණි. එම උත්තරීතර අවස්ථාව මිනිත්තු කිහිපයකින් අවසන් වූවත් මෛක්‍රෆෝනයේ ස්විච් යතුර ක්‍රියා විරහිත කිරීමට කාටදෝ අමතක වූ සැටිය. පිටට තට්ටු කරමින් (පිටුපසට පිහියෙන් ඇනීම පටන් ගැනීමට පෙර) අතට අත දෙමින් දේශපාලනඥයෝත් ප්‍රභූවරුත් තැන තැන සතුටු සාමීචියේ යෙදුණාහ.
කාගේදෝ කටහඬක් නැගී ආයේය. එය ශාලාව පුරා පැතිරී ගියේය. ‘මට දත් මදින්නත් බැරිවුණා.‘ කවුදෝ එසේ කීවේය. එය ඇසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අයට පමණක් නොවේ. රට පුරාම රූපවාහිනී යන්ත්‍රවලින් ඒ කථාව විකාශනය විය. සජීවී විස්තර ප්‍රචාරය ඉන්පසු නතර විය. මෛක්‍රෆෝනය ප්‍රධාන පාලක මැදිරියට යොමු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙනියායේ සර් මොන දිවුරුම දුන්නත් කමක් නැහැ අපේ කඹුරුපිටියේ, සර්ව චොස් කරපු මල්ලිලා ටික සර් එනකම් දත් මැදගෙන බලාගෙන ඉන්නේ. වලව්වත් වහල කවුරුත් නැහැ. දොස්තරත් ඡන්දෙන් පස්සේ ආගිය අතක් නැහැ. අපි අනාතයි සර්. (නදී)
කව්ද එහෙම කියල තියෙන්නේ? අගමැති තුමාද?(නදී)
තවත් බැරිවෙච්ච දේවල් නහය තිබෙන අයට දැනගන්න ඉඩ තිබුනා (නදී)
අර සපත්තු දෙක ඉරුණ වෙලාවේ කී දෙනෙක් හිනා උනාද? ඒ දත් කුට්ටම වෙන්න ඇති ඔය තාම මදින්න නැතිව අැත්තේ (නදී)
තනතුරු තානාන්තර ගන්න කොට දත්මදින්න තියා වෙන මොන දේටත් ප්‍රමාද වෙන්න බයයි. වෙන කවුරුහරි ඒ තැන ගත්තොත් කියල.(ම)
විදේශ රටවල නරබන්නනුත් එකට සවන් දුන්නා බොහොම දෙනෙක් සිතුවේ නිවේදක මහත්තයා දත් මදල නැහැ කියලා. (ම)
හුඟාක් දේශපාලකයෝ නම් දත් මැද්දත් කට ගඳයි. හේතුව ඔවුන් කියන බොරුවලට (නදී)
දත් මැදලා සබන් දාලා හැදුවත් ඔය කටාරම් වලින් වැඩක් නැහැ. (නදී)
කඹුරුපිටියේ සමන් දැනගතයුතු දෙයක් තමයි අපේ දෙනියායේ සර් ආයෙත් වලව්වට එන්නෙ වැදගත් ඇමැති තුමෙක් විදියට. එතුමා කලින් හිටි භොරු මදාවි වගේ නොවේ. (බ)
දත් දොස්තර මහත්තයද ? (නදී)