ගිය සිකුරාදා කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ එජාප නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිව්රුම් දුන්නේය.
වික්‍රමසිංහ මහතා අගමැතිවූ සිව්වැනි අවස්ථාව මෙයයි. උත්සවය බෑන් චූන් නොවීය. ඉතාමත්ම සරලය. මිනිත්තු 15කින් සියල්ලම අවසන් විය. රජයේ මුදල් වියදම් නොවූ තරම්ය. තානාපතිවරු, දේශපාලන නායකයන් ඇතුළු ප්‍රභූවරු එහි ආහ.
රූපවාහිනිය එම ඵෛතිහාසික අවස්ථාව සජීවී ලෙස වාර්තා කළේය. අගමැති දිවුරුම කියවීය. අතට අත දීම සිනහව ශාලාව පුරා දක්නට ලැබිණි. එම උත්තරීතර අවස්ථාව මිනිත්තු කිහිපයකින් අවසන් වූවත් මෛක්‍රෆෝනයේ ස්විච් යතුර ක්‍රියා විරහිත කිරීමට කාටදෝ අමතක වූ සැටිය. පිටට තට්ටු කරමින් (පිටුපසට පිහියෙන් ඇනීම පටන් ගැනීමට පෙර) අතට අත දෙමින් දේශපාලනඥයෝත් ප්‍රභූවරුත් තැන තැන සතුටු සාමීචියේ යෙදුණාහ.
කාගේදෝ කටහඬක් නැගී ආයේය. එය ශාලාව පුරා පැතිරී ගියේය. ‘මට දත් මදින්නත් බැරිවුණා.‘ කවුදෝ එසේ කීවේය. එය ඇසුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අයට පමණක් නොවේ. රට පුරාම රූපවාහිනී යන්ත්‍රවලින් ඒ කථාව විකාශනය විය. සජීවී විස්තර ප්‍රචාරය ඉන්පසු නතර විය. මෛක්‍රෆෝනය ප්‍රධාන පාලක මැදිරියට යොමු කැරිණි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දත් නොමැද්ද බව රටටම කියලා
සමන් Monday, 24 August 2015 09:50 AM
අනේ දෙනියායේ සර් මොන දිවුරුම දුන්නත් කමක් නැහැ අපේ කඹුරුපිටියේ, සර්ව චොස් කරපු මල්ලිලා ටික සර් එනකම් දත් මැදගෙන බලාගෙන ඉන්නේ. වලව්වත් වහල කවුරුත් නැහැ. දොස්තරත් ඡන්දෙන් පස්සේ ආගිය අතක් නැහැ. අපි අනාතයි සර්. (නදී)
ඉමේෂ් Monday, 24 August 2015 03:08 AM
කව්ද එහෙම කියල තියෙන්නේ? අගමැති තුමාද?(නදී)
බමුණු Monday, 24 August 2015 10:22 AM
තවත් බැරිවෙච්ච දේවල් නහය තිබෙන අයට දැනගන්න ඉඩ තිබුනා (නදී)
ෂෙල්ටන් Wednesday, 26 August 2015 06:01 AM
අර සපත්තු දෙක ඉරුණ වෙලාවේ කී දෙනෙක් හිනා උනාද? ඒ දත් කුට්ටම වෙන්න ඇති ඔය තාම මදින්න නැතිව අැත්තේ (නදී)
අසෝකා Sunday, 23 August 2015 10:18 AM
තනතුරු තානාන්තර ගන්න කොට දත්මදින්න තියා වෙන මොන දේටත් ප්‍රමාද වෙන්න බයයි. වෙන කවුරුහරි ඒ තැන ගත්තොත් කියල.(ම)
ලලිත් Sunday, 23 August 2015 10:58 AM
විදේශ රටවල නරබන්නනුත් එකට සවන් දුන්නා බොහොම දෙනෙක් සිතුවේ නිවේදක මහත්තයා දත් මදල නැහැ කියලා. (ම)
පිටබැද්දර ජයා Monday, 24 August 2015 05:10 AM
හුඟාක් දේශපාලකයෝ නම් දත් මැද්දත් කට ගඳයි. හේතුව ඔවුන් කියන බොරුවලට (නදී)
වජිර Monday, 24 August 2015 06:16 AM
දත් මැදලා සබන් දාලා හැදුවත් ඔය කටාරම් වලින් වැඩක් නැහැ. (නදී)
රනිල් Wednesday, 26 August 2015 03:33 PM
කඹුරුපිටියේ සමන් දැනගතයුතු දෙයක් තමයි අපේ දෙනියායේ සර් ආයෙත් වලව්වට එන්නෙ වැදගත් ඇමැති තුමෙක් විදියට. එතුමා කලින් හිටි භොරු මදාවි වගේ නොවේ. (බ)
අශාන් Monday, 24 August 2015 09:44 AM
දත් දොස්තර මහත්තයද ? (නදී)