අබාධිත බව කියමින් ලෝකයට අතපා ජීවත් වන බොහෝ පිරිසක් සිටින සමාජයක කිලිනොච්චියේ උදයනගර්හි පදිංචි කරුණාකරන් කරුණාරත්නම් දෑත් නැතත් තමන්ගේ වැඩ තමන්ම කර ගනියි.
යුද සමයේ බිම් බෝම්බයකට හසුවී කරුණාකරන්ගේ දෑත සහ ඇසක් අහිමිවී තිබේ. මාස හයක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ කරුණාකරන් ජීවිතය නගා සිටුවීමට නම් පැත්තකට වී නොසිටිය යුතුය යන අදහසින් කිලිනොච්චියේ කඩයක් ආරම්භ කළේය.
ඔහුගේ මව කෑගල්ලේ පදිංචිකාරියක වන්නීය. මව හොඳින් සිංහල කතා කරන්නීය.
අබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු කරුණාකරන්ගේ කඩයට පැමිණි තරුණියක සමඟ ඇති වූ පෙම් සබඳතාවයකින් පසු 2003 ඔක්තෝබර 15 වැනි දා ඔහු විවාහ විය. බිරිය වනිතාය. දැන් ඔවුනට දරුවෝ දෙදෙනෙක් සිටිති.
‘දෑත් නැති වුණත් මගේ වැඩ මම කර ගන්නවා. කොහොම හරි දරුවන්ටත් උගන්වනවා.‘ යැයි කිලිනොච්චියේ පදිංචි කරුණාරත්නම් කරුණාකරන් (39) පැවසීය.
‘මා ආබාධිතයි කියා බිරිය වෙනසක් කළේ නෑ. ඇය මා හොඳින් බලා ගන්නවා. සමහර කෑම මම තනිවම කතවා. සමහර කෑම බිරිය කවනවා.‘ යැයි කරුණාකරම් කීවේය.
ඇගේ බිරිය වනිතා කීවේ කරුණාකරන් දුටු මොහොතේ තමාට ඇති වූ ආදාරයේ වෙනසක් නැති බවයි.
‘ඔහු අබාධිතයෙක් කියා මට ගැටළුවක් තිබුණේ නෑ. මුලින් මගේ පවුලේ අය විරුද්ධ වුණා. නමුත් දැන් ප්‍රශ්නයක් නෑ. මගේ මහත්තයා එයාගේ වැඩ තනිවම කර ගන්නවා. ඒ ගැන මට සතුටුයි.‘ යැයි වනිතා කීවාය.
වත්ත උදුලු ගාන්නේ ද, මල්වලට වතුර දාන්නේ ද, ළිඳෙන් වතුර අදින්නේ, බයිසිකල් හා යතුරු පැදි පදින්නේ ද කරුණාකරම් තනිවමය.
ඔහුට සාමාන්‍ය කෘත්‍රිම අතක් ලැබී ඇතත් එය දමාගෙන වැඩ කිරීම අපහසු බව කරුණාකරන් කියයි. කරුණාකරන් සිවිල් ආරක්ෂක බළකායේ කුඩා රැකියාක නිරත වී සිටියි.
ඔහුගේ ලිපිනය 228, උදය නගර් නැගෙනහිර, කිලිනොච්චිය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරන් සහෝදරය හොඳ ආදර්ශයක්. ඒත් දෑත් නොමැතිව, පා පැදි/යතුරු පැදි පැදීම නම් අනුමත කරන්න බෑ. (ර)
සුනිල් මහත්තයෝ, ඔයා කියන දේ හි යම් අර්ථයක් තියෙනවා. නමුත් අත් දෙක නැතිවෙලා ම බලන්න ඕන අත් තියෙන අයගේ ආඩම්බරකම්. එතකොට මේ මහත්මයාට හිතෙනවා ඇති තියෙන අත් කොට දෙකෙන් පුළුවන් වැඩ කරගන්න. (ර)
යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා! ඔබ වැනි අය රටකට ආඩම්බරයක්. (නි)
ඔබට දෙවි රැකවරණය ලැබේවා.! (ර)
මෙයා මට හම්බවෙලා තියනවා, යතුරුපැදිය අලුත්වැඩියා කරන්න ඇවිල්ලා ඉන්නකොට. ඇත්තෙන්ම මේ වගේ තවත් අය ඉන්නවා. (නි)
හොදට දැත් තියන අයනේ අනතුරු කරගන්නේ... (ර)
මෙවන් උද්යෝගිමත් මිනිසුන් රටට සම්පතක් (නි)
ඇත්තටම බිම් බෝම්බයකට අහු වෙලාද නැත්තම් ඊලමට උදව් කරන්න ගිහින් ද ? (හේ)