කේ .එච් .උදය ගුණවර්ධන (52) මහතා ගලේවෙල කුබුක්ගොල්ල ගමේ පදිංචිව සිටි .ගලේවෙල ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු ලෙස සේවය කල උදය 1996 වසරේ ඇමති කෙනකු පැමිණි උත්සවයකට ජාතික කොඩි සිටුවා එය ගැලවීමට යද්දී යකඩ බටයක් විදුලි කම්බියේ පැටලී විදුලි සැර වැදී දෑත් අහිමි වී ඇත .දැන් උදය කාටවත් බරක් නැතිව ගොවිතැනක් කරගෙන ජිවත් වෙනවා .ඔහුට සිදුව ඇති අසාධාරණය වන්නේ සේවය ස්ථිර තිබුනද විශ්‍රාම වැටුප අහිමි වීමය
මෙම ආදර්ශමත් මිනිසා වගා කරයි .තමන්ගේ සියලු වැඩ කරගනියි .කටින් පොල් ලෙලි ගහයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩිජිටල් ගැන නේද කතා කරන්නේ මෙතුමා අද මම ඉන්න රටේ හිටිය නම් රජයෙන් සියලු ආධාර සමග වෙනම සත්තු සේවිකාවකගේ සේවයත් නොමිලේ. (ම)
අර ඇමැති උදව් කළේ නැද්ද ? මේ රජයෙන්වත් මෙතුමාගේ විශ්‍රාම වැටුප හදල දෙන්න (බ)
කොයි කාටත් හොඳ ආදර්ශයක්.(හේ)
මොහුට සාධාරණයක් ඉටු කරන්න.(හේ)
බොරුවට කෑ ගහ ගහ ඉන්න මිනිස්සුන්ට වඩා රටට වැඩදායි මේ වගේ මිනිස්සු කොතරම් අගේද?(හේ)
මෙන්න ජාතික වීරයෝ. (හේ)
මේ ගැන අවධානය යොමු වී මොහුගේ විශ්‍රාම වැටුප ලබා දීමටවත් කටයුතු කරන්න.(හේ)
මෙන්න ජාතික වීරයෝ. සිංහල ජාතියටම ආඩම්බරයක්. (හේ)
දේශපාලක මහත්වරුනි නොපෙනේද නුඹලට ඇස උඹලා කන රජ බොජුන් කොටසක් දීපල්ලා මෙවැනි දිරිය මිනිසුන්ට (බ)
දෙනෙතට කදුළු පිරුන වීඩියෝ එක බලද්දී දැගිලි නැතිමුත් ඔබේ දෑතට තවත් වෙර විරිය ලැබේවා (බ)
අත පය හොඳින් තබාගෙන හොරකමින් ජීවත් වෙන මිනිසුන්ට මොන තරම් ලොකු ආදර්ශයක්ද මොහුගෙන් ගත හැක්කේ....? ඔහු උදාර මිනිසෙකි.ඔහුගේ විශ්‍රාම වැටුප හැකි ඉක්මනින් හදලා දෙන්න. (බ)
මේ මහත්මයාගේ තිබෙන චිත්ත ධෛර්ය පුදුමයි. ඔබගේ ශක්තිය තව දියුණුවේවා ! අපේ රටේ අසන්න දකින්නම ලැබෙන්නේ රාජකාරියත් එක්ක මිනිස්කම නැතිකමේ කතාන්දරයමයි. (බ)
අතපය තිබෙන මිනිස්සුත් දුක්විඳින එකේ මොහුට මොනතරම් කරදර ඇද්ද? (නි)
දිරිය මිනිසුන් වන මොවුන් ගැන රජයේ අවධානය යොමුවෙන්නේ නැද්ද? (නි)
මෙවන් මිනිසුන් නේද අපි ඇගයීමට ලක්කළ යුත්තේ? (නි)
අත පය ඇතත්, හිස්කබල යට මොළයක් කියා දෙයක් ඇතත් මිනිසුන් යැයි කියාගන්නා මිනිසුන් මිනිසුන්ටම වළකපන ලෝකයක, දෑත් අහිමි වුණත් ආත්ම විශ්වාසය අහිමි කරනොගත් දිරිය මිනිසෙක් සැබෑ මිනිසෙකු ලෙස ජීවත්වෙයි. (නි)
ධෛර්යසම්පන්න,ශක්තිමත් පුද්ගලයෙක්. එහෙත් කොපමණ කලක් මෙසේ කරාවිද? (නි)
මෙතුමාට විශ්‍රාම වැටුපක් ලබාදීමට හැකිනම් එය මහඟු පිනක් (නි)