(විමුක්ති එස් රුද්‍රිගු)
මරණ දඬුවම ලබා දීම වහාම අත් හිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය කුවේටය සහ සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර ඇත.
එසේ මරණ දඬුවම ලබාදීම අත්හිටුවා දැනට මරණ දඬුවම ලබා දීම අත්හිටුවා හෝ නවතා දමා ඇති රටවල් 170 කට වඩා වැඩි සංඛ්‍යාවට එකතු වන ලෙසද කුවේටය සහ සිංගප්පූරුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.
පසුගියද කුවේටය සිරකරුවන් 5 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ අතර එම සිරකරුවන් 5 දෙනාට ශ්‍රී ලාංකික මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද අයත් විය.
එසේම සිංගප්පූරුවද සිරකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දුන් අතර වසර 20 කට ආසන්න කාලයකදී මරණ දඩුවම ලබා දුන් ප්‍රථම සිංගප්පූරු කාන්තාවද ඒ අතර සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම නියම වුණත් පාර්ලිමේන්තුවට ගේන්න... ජනාධිපති සමාව දෙන්න. මරණ දඬුවම නියමවුණු පාතාල නායකයින්ට ජංගම දුරකථනය බැගින් දෙන්න. ඔවුන්ගේ කප්පම්, කුඩු බිස්නස් හිරේ ඇතුළේ ඉඳගෙන යන්න උදව් කරන්න. ලංකාවෙන් ඉගෙන ගන්න.
අනේ ඇත්තටම අපේ රටේ මේ නීතියට වෙලා තියෙන දේ. උසාවියෙන් දඬුවම් දීපුවාම දේශපාලකයින් නිදහස් කරගන්නවා. පොල් හොරු නෙමෙයි මිනී මරුවෝ, කුඩු මුදලාලිලා, පාතාලේ ලොක්කෝ... පොල් ගෙඩියක් හොරකම් කරපු අසරණයින්ට ජනාධිපති සමාවක් තියා ග්රාමසේවකගෙන්වත් සමාවක් නෑ. ඒකට උපරිම දඬුවම් ලැබෙනවා. මේවා වෙනස් කරන්න පුළුවන් කෙනෙක් රටේ මීළඟ ජනාධිපති කරමු. කවුද ඉන්නේ..?
මරණ දඬුවම නොමැති නිසා නිදහසේ ක්‍රියාත්මක වන කුඩු ජාවාරම්, ස්ත්‍රී දුෂණ සහ මරණ ආදිය පිලිබඳව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සංවිධාන වගකිවයුතුයි.
මැදපෙරදිග රටක මරා දැමීම අපරාධකරුවන්ට කරන සෙතක්.... මරා දැමීමේදී වේදනාව තප්පර ගණනක එකක්... බරපතල වැඩ සහිතව ජීවිත කාලයට හිරගෙට දැමීම අපරාධකරුට ජීවිත කාලයම විඳවන්න සැලැස්වීමක්. ලංකාව වැනි රටක සිදුවිය යුත්තේ මරා දැමීමයි. නැතිනම් අපිට අපරාධ කරුවන් ඔවුන්ගේ ජීවිත කාලයේම නඩත්තු කිරීමටයි.
උගත් විනිසුරුවරුන් ගෙ සහ අනෙකුත් කර්රයමන්ඩල වල කාලය විනස නොකර එ දඩුවම ක්‍රියත්මක වෙන්න ඉඩහරින්න. එහෙම නොකර දරුනු අපරදකරුවො සහ කුඩු කරයන්ට ඔනෙ විදියට රටෙ ජනතව මරාදමන්න හෝ වින් කරන්න ඉඩ දෙන්න එපා. මැරෙන අහිංන්සක මිනිස්සුන්ගෙ ජීඑවිතවලට සහ එ පෞල්වලට කවුද සාදාරනය කරන්නෙ ඔය රවල් 170 ද ?