IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්

(අංජුල මහික වීරරත්න)

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දැඩි ලෙස හානි වූ හෝ ගෙවී ගිය දණහිස් සන්ධියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් සංචලතාව වැඩි දියුණු කිරීමට භාවිත කරනු ලබන, රෝගියාට අනුව ඉහළ නම්‍යතාවකින් යුතු දණ හිස් වර්ගයේ සම්පුර්ණ දණ හිස් ප්‍රතිස්ථාපන පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. 

ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ. ඉදිරිපත් කර තිබූ මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ලංසු මිලෙන් 2% ක වට්ටමක් ලබා දීමට ලංසුකරු වන M/s Zimmer Pte Ltd (Manufacturer : Zimmer Inc., USA)හි දේශීය නියෝජිතායතනය වන  M/s Zodiac Medicals (Pvt) Ltd. එකඟතාව පළ කර තිබේ.

TKR සංරචක කට්ටල 3,000ක් වෙනුවට හදිසි අවශ්‍යතාවන් සඳහා දැනට TKR සංරචක කට්ටල 1,000ක් පමණක් සපයා ගැනීම 3 3 M/s Zimmer Pte Ltd (Manufacturer: Zimmer Inc., USA) ප්‍රසම්පාදනය පිරිනැමීමටත්, ඉතිරි ප්‍රමාණය සපයා ගැනීම සඳහා සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් නැවත ලංසු කැඳවීමටත් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර තිබේ. 

 

ඒ අනුව, එකී නිර්දේශය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළකළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (4)

දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්

Shyamali prasangani Saturday, 10 May 2025 08:46 AM

ලබාගන්නකන් ඉන්න...!

:       1       7

සී එම් රත්නායක Saturday, 10 May 2025 10:15 PM

අහිංසක රෝගීන් සඳහා හොඳ වැඩ පිළිවෙලක්...

:       0       6

Dickson Monday, 12 May 2025 11:37 AM

හොඳයි

:       0       5

Sulochana Saturday, 17 May 2025 01:42 PM

ගොඩක් හොඳයි...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site