ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධනය වෙනුවට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමේ ප්‍රකාරව කටයුතු කිරීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රනිල් වික්‍රමසිංහ අගමැතිට යෝජනා කරයි.
ඒ අනුව යෝජිත සංශෝධනය ඉවත් කර මූලික අයිතිවාසිකම් හා ජාත්‍යන්තර මානව හිමිකම්වලට අනුකූල වන සේ සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ වැදගත්කම මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මිය අවධාරණය කරයි.
කිසිම පුද්ගලයකු එදිරිවාදිකම් හෝ ප්‍රචණ්ඩත්වය, ආගමික ද්වේශය ඇතිවන අයුරින් උසිගැන්වීම් හෝ ජාතික හෝ ජාතිවාදී ක්‍රියා අනුගමනය කිරීම හෝ යුද්ධය ප්‍රවර්ධනය නොකළ යුතුය.
මෙම ඡේදය ඇතුළු කිරීමෙන් නිදහසේ භාෂණය පිළිබඳ අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව පිළිගත් මානව හිමිකම් වලට ගරු කැරෙන අතර සාක්කි ඇති අවස්ථාවල දී පමණක් චෝදනා ගොනු කළ හැකි බව ද කොමිසම පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මාර්ග නීති සම්බන්ධයෙන් ගතයුතු පියවර ගොඩක් තිබෙනවා. ඒකට හේතු තමා නීති සහ දණ්ඩනවල තිබෙන අඩුපාඩු සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියේ තිබෙන ආකල්පවල දුර්වලතාවයන් වලට පිළියම් යෙදීම. මේ මාර්ග අනතුරු වලට එක හේතුවක් තමා අනතුරුදායක ලෙස රිය ධාවනයේදී දියයුතු දණ්ඩනයන් ප්‍රමාණවත් නොවීම නිසා අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පදවන්නන් පිරිස වැඩිවීම. අනිත් කාරණය පොලිසිය තමුන්ගේ දඩ සහ නඩු ප්‍රමාණය ඉලක්ක කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම. මෙතැනදී ඔවුනගේ ආකල්පය වියයුත්තේ රිය අනතුරු අවමකර මාර්ග නීති කඩන්නන් අවම කිරීමයි. ඕස්ට්‍රේලියාව වගේ දියුණු රටවල අනතුරුදායක ලෙස මාර්ග නීති උල්ලංගනය කරමින් රිය පැදවීම බරපතල අපරාධ වරදක් ලෙස සළකා මහාධිකරණයේ නඩු අසා දඬුවම් දීම සිදු කරන අතර අපේ රටටත් එවැන්නක් හඳුන්වා දීම සිදු කිරීම ඉතා වටිනවා. (නි)
සිංහලයා කිසිම දිනක ජාතිවාදී හෝ ආගම්වාදී වුයේ නැහැ. ඒ නිසාම සිංහල බෞද්ධ අයිතිය දිනෙන් දිනම පිරිහුණා, නැති වුනා, (බ)